UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදින් පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී මැදින් පෝදා පැවැත්වෙන මහා විහාර පොහොය වැඩ සටහන මෙසේ ය.

පුන් පෝ දින පෙරවරු 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව 08.00 – 08.05 මහා විහාර සන්නිපාත ශාලාව අසළ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින්, මරණයට කැප වූ ගවයන් දෙදෙනෙකුට අභය දානය ලබාදීම, 08.05 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය, 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.00 – 10.30 බුද්ධ පූජාව සඳහා සූදානම් වීම, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව. පස්වරු 12.30 – 02.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.00 – 06.30 බෝධි පූජාව සඳහා සූදානම් වීම, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව. 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින, පෙරවරු 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.


කතරගම කිරි වෙහෙර

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී මැදින් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම. මල් පහන් ගිලන් පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරි වෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහැර කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සිල්ගත් උපාසක උපාසිකාවන්ට ගිලන්පස පිරිනැමීම සිදු කෙරේ.

උදේ ධර්‍ම දේශනාව කිරි වෙහෙර රාජ මහා විහාරවාසී ඌව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පොලොන්නරුවේ වාචිස්සර හිමියන් විසින් දුටුගැමුණු ධර්‍මශාලාවේදී පැවැත්වේ.

සවස කිරි වෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහැර කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීම බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරි වෙහෙර රාජ මහා විහාරවාසී පූජ්‍ය මිද්දෙණියේ උදිත හිමියන් විසින් බෝධිපූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදු කෙරේ. කිරි වෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්‍මදේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථ ධර්‍ම ශාලාවේ පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය.

ශ්‍රී ආනන්ද රේවත දහම් පාසැල විහාරස්ථ දායක සභාව එම පිංකම් මාලාව සංවිධානය කර ඇත.


මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන මැදින්පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු :- සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කිරින්දේ සද්ධානුසාරී හිමි, 8 –9 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9 –10 ධර්ම දේශනාව, පනාමුරේ චන්දිම හිමි, 10 – 11.15 පරෝපකාර සංග්‍රහය – ධර්ම දේශනාව හා බුද්ධ පූජාව පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි, 1- 2 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත එළුවාපොළ පඤ්ඤාරතන මාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2 –3 වෙසෙසි දෙසුම මහාචාර්ය තිලක් කාරියවසම් මහතා 3 –4 ධර්ම දේශනාව උඩුගල්මොටේ සිරිවිමල හිමි, 4.15 – 5 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5 –6 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6 –6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේදී මැදින් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. පෝදා පෙරවරු 06.05 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරිවජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමි, 08 –09 ධර්මානුශාසනාව, කුඩා කත්නොරුවේ විනීත හිමි, 09 –9.30 විශේෂ ධර්ම දේශනාව, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහනා හිමි, 9.30 –11 භාවනාව සහ අනුශාසනාව -රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 11 –11.15 බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී පැරකුම්පුර විශාරද හිමි.

පස්වරු 12.30 – 01.15 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය, සිරිවජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි. 01. 15 – 02.45 ගිහි දේශනය, විශේෂඥ වෛද්‍ය චන්දිම නාමරත්න මහතා 03- 04 ධර්මානුශාසනාව, සිරි වජිරඤාණවාසී දියතලාවේ පියදස්සි හිමි, 04 – 05 ධර්මානුශාසනාව වැලිගෙපොල සීලවංශ හිමි, 05 – 06 ධර්මානුශාසනාව - පිටිදූවේ ධම්මික හිමි 06 – 06.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


බෙලිගල රජ මහා විහාරය

කෑගල්ල බෙලිගල රජ මහා විහාරස්ථානයේදී මැදින් පෝය දින භාවනා වැඩසටහනක් පැවැත්වේ. එය මෙහෙයවනු ලබන්නේ පොල්ගහවෙල මහින්ද හිමියන් විසිනි.


සංකල්ප විහාරයේ නෙළුම් මල් ලක්‍ෂයක් පූජා කිරීමේ පින්කම

පිළියන්දල, මාකන්ද සංකල්ප විහාරස්ථානයේ නෙළුම් මල් ලක්‍ෂයක් පූජා කිරීමේ මහා පින්කම 17 වන වරටත් මැදින්පුර පසළොස්වක පෝදා පස්වරුවේ පැවැත්වේ.

එම පින්කම සංකල්ප විහාරාධිපති කැස්බෑව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ මෙහෙයවීම මත සංකල්ප දායක සභාව, සංකල්ප කුළඟන සමිතිය, සංකල්ප දහම් පාසල, සංකල්ප, යෞවන සමාජය සංවිධානය කර ඇත.

නෙළුම් මල් භාරගැනීමේ විශේෂ කාර්යාලයක් 18 දින සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස විවෘතව පවතී. ඊට අමතර කතරගම දුටුගැමුණු විශ්‍රාම ශාලාව අබියස, අනුරාධපුර දුටුගැමුණු විශ්‍රාම ශාලාව අබියස විශේෂ කාර්යාල 17 වන දින සිට විවෘතව පවතින අතර, මෙදිනම වීරවිල අභිනවරාමයේදීද මල් භාර ගැනීමේ කාර්යාල විවෘතව පවතී.

මෙදින සවස 4 ට මල් රැගත් මල් පෙරහර සිව් දිශාව වලින් ගමන් අරඹයි. බටකැත්තර ණැනස, හිතමිතුගම සර්වෝදය, පින්නවල මංසන්ධිය සහ සුදර්ශන මාවතෙන් මෙම පෙරහර ගමන් ආරම්භ කර විහාරස්ථානයට ලගා වීමෙන් අනතුරුව මල් තැන්පත් කිරීම සිදුවේ. රාත්‍රි 7.00 උග්ගොඩ ධම්මින්ද හිමියන් විසින් මල් පූජාව සිදු කරනු ලබයි. අනතුරුව සැමට ආශීර්වාද කිරීම සිදු කෙරේ.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් මැදින් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි . 8-9.30 දහම් දෙසුම අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි . 9.45 – 11 දම් දෙසුම ගම්පහ සිරි සීවලි හිමි. පස්වරු 1 –2.15 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි 2.30 – 3.30 දහම් දෙසුම අක්මීමන ධර්මපාල හිමි 3.45- 4.45 දහම් දෙසුම මොරකැටිආරේ ධම්මික හිමි 5 –6 දහම් දෙසුම දරණාගම කුසලධම්ම හිමි . 6.30 –8.30 කේ.පරණවිතාණ මහතා මෙහෙයවන පහන් පූජාව.


මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී මැදින් පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම, වැලිමඩ පසන්න මානස හිමි, 8 – 9 භාවනාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9-10 ධර්ම දේශනාව - රත්මලාන ධර්ම පර්යේෂණාධිපති හෑගොඩ විපස්සි හිමි, 10 – 11 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව - බංගලිදේශයෙ සංඝරක්‍ඛිත හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01 පිරිත් හා තෙරුවන් ගුණ කඹුරුගමුවේ සුමේධ හිමි, අම්පනාගල ධම්මාලෝක හිමි. 1- 2 ධර්ම සාකච්ඡාව, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පර්යේෂණායතනයේ කථිකාචාර්ය දර්ශනපති මඬිහේ සුගතසිරි හිමි, 2 – 3 ධර්මදේශනාව, ඉතාලියේ බ්‍රේසියා ධර්මායතනාධිපති හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ හිටපු ප්‍රධාන ආචාර්ය රාජකීය පණ්ඩිත එලුවාපොල පඤ්ඤාරතන නාහිමි, 3 – 3.30 විශේෂ අනුශාසනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහනාහිමි, 03.45 – 5.00 ධර්ම දේශනය, ගංගොඩවිල සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිණිකහනේ ඤාණාවාස නාහිමි, 5 – 6 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේදී මැදින් පුන් පොහෝ දින අළුයම 5.30 විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.15 සිට 9.15 සුගතාරාමවාසී තපස්සි ස්වාමින් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව. 9.30 – 11.00 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 11 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය . 2.15 වෛද්‍ය සම්පත් නානාක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහන 2.30 – 3.30 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන . 3.30 – 4.30 මීගොඩ උත්තරා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන . 4.30 – 5.30 ගණේමුල්ලේ නිස්සරණී දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 5.30 – 6.00 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 මල්, පහන්, ගිලන්පස,අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබේ.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10 , කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ මැදින් මස පුර පසළොස්වක පොහෝදා ශීල, භාවනා, ධර්ම දේශනා පින්කම් මාලාවක් සල්පිටිහේවාගම දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 –9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි. 9.15 –10.15 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි. 10.15 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද හිමි. 12.30 – 12.45 සෙත්පිරිත් සජ්ඣායනාව, විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1.00 –2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2.15 –3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්ම දේශනය වෙරලුගොල්ලේ උදයනන්ද හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි. 6.00 ට සිල්පවාරණය තලල්ලේ සිරිමහින්දනාහිමි, 7.00 –7.30 මල්පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, රාත්‍රී 7.45 – 8.45 ධර්ම දේශනය.


බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි මැදින් පොහෝදා සීල සමාදාන වැඩසටහන මෙසේය.

උදෑසන 6.00 – 7.00 , සිල් සමාදන් කරවීම සහ අනුශාසනය, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි,

පෙරවරු 7.00 – 8.00 තෙරුවන් වන්දනාව 8.00 –9.30 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි,

9.45-10.45 ධර්ම දේශනය, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. 11.00 – 11.15 තෙරුවන් වන්දනාව

පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව , අළුත්වෙල ධම්මසති හිමි, බංගලාදේශයේ ධම්මජෝති හිමි, 1 –2 ධර්මදේශනය, මීගොඩ සුඛිත හිමි, 2- 3.30 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති හඟුරන්කෙත චන්දරතන නාහිමි, 4.00 –5.00 ධර්මදේශනය සහ භාවනාව වල්ගම ධම්මවිහාරී හිමි, 5 –6 ධර්මදේශනය, ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස නාහිමි.

ප්‍රඥා ප්‍රභා සංවිධානය විසින් මාසිකව නිකුත් කරන ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථය මෙදිනද ධර්මදානයක් ලෙස උපාසක උපාසිකාවන්ට පිළිගැන්වේ.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ විහාරාධිපති, වලවෙල හේමානන්ද මාහිමියන්ගේ අනුශාසනා පරිදි මැදින් පුර පසළොස්වක (19) දින පෙරවරු 06.00 සිට පසුදා, අලුයම 06.00 දක්වා දාන, ශීල, භාවනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වේ. එම වැඩසටහන් සඳහා බුත්කන්දේ රතනජෝති, ගල්කිස්සේ ධම්මිස්සර, අම්බලන්ගොඩ සුමනනන්ද, කහනාවිට සමිතධම්ම, මාලිබොඩ සුගතානන්ද යන ස්වාමීන් වහන්සේලා, හා ගිහි පින්වතුන් කිහිපදෙනෙක් සහභාගි වීමට නියමිතව ඇත.


කලල්ගොඩ

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේදී මැදින් පුන් පොහෝ දින ධර්මායතනාධිපති ශාස්ත්‍රපති ලේනබටුවේ මිත්තාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි විශාඛා කුළඟන සමිතිය, කාර්ය සාධක සමිතිය. ශ්‍රී අරියමිත්ත දහම් පාසල හා දායක සභාව මගින් පින්කම් මාලාවක් සිදු කැරේ.

පෝදා පෙරවරු 6.30 උපෝසථ ශීලය සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක හිමි,

8- ධර්ම දේශනය, සිරි ගුණසේකරාරාමවාසි නන්දරතන හිමි, 9.00 – භාවනාව මෙහෙයවීම උඩහමුල්ල ශ්‍රී බෝධි පිරිවෙන් විහාරවාසි බියගම සුසීල හිමි, ජාතක කථා පොත් වහන්සේ විවරණය රන්සෑගොඩ ඥානවිසුද්ධි හිමි, 11.30 සම්බුද්ධ පූජාව, මෙහෙයවීම රම්මලේ අරියවිසුද්ධි හිමි.

පස්වරු 12.30 පිරිත් හා තෙරුවන් ගුණ ,1.30 විශේෂ ගිහි දෙසුම වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු මහතා , 3.30 ධර්ම දේශනය දේශකයාණෝ :- රන්සෑගොඩ සුමිත්ත හිමි, 4.30 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා , 6.00 සිල් පවාරණය , 7.00 මල්පහන් ගිලන්පස බුද්ධ පූජාව සහ බෝධි පූජාව. මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක හිමි ප්‍රධාන මහා සංඝරත්නය.


කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ගණේමුල්ල, කටුවාලමුල්ල විපස්සන භාවනා මධ්‍යස්ථානයේදී මැදින් පසළොස්වක පොහොය දින සිදු කෙරෙන සීල සමාදාන හා භාවනා වැඩසටහන මෙසේය. පෙරවරු 06.30 – 07.30 , සිල් සමාදන් කරවීම හා අනුශාසනාව ශාස්ත්‍රපති ගෝනවල අස්සජි හිමි, පෙරවරු 07.30 –08.30 භාවනාව, 08.30 – 09.30 ධර්ම දේශනාව 09.30 – 10.30 භාවනාව හා ධර්ම දේශනාව ගෝනවල අස්සජි හිමි, 11.00 බුද්ධ පූජාව පස්වරු 1.00 – 2.00 භුක්තානුමෝදනාව හා පිරිත් 02.00 – 03.00 ධර්ම දේශනාව කඩවත ගුණානන්ද හිමි, 03.00 –04.30 රැස්වීම හා අනුශාසනාව.


සරත් විමලසිරි ගේ “ශ්‍රද්ධාංජලි” මැදින් පුන් පෝදා ගුවණින්

ලංකා බැංකු මූලස්ථානයේ සහකාර කළමනාකරුවකු වුන ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි පිටපත ලියූ ශ්‍රද්ධාංජලී විශේෂ ගී සමාධිය මැදින් පුන් පෝදා (19දා) දහවල් 12 සිට 12.45 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ. ඔහු අතින්ම ලියැවුණු නවතම ගී කිහිපයක්ද ඇතුළත් මෙවර ශ්‍රද්ධාංජලී ගී සරණියට ප්‍රවීණ ගායක ගායිකාවෝ ගීත ගායනයෙන් එක්වෙති. ශ්‍රද්ධාංජලී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශයේ ඉදිරිපත් කිරීමකි.


කිරිල්ලවල පින්කම්

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිරිසිදුහත් දහම්පාසලේ වාර්ෂික සීල සමාදාන පින්කම මැදින් පුර පසළොස්වක පෝයදින විහාරස්ථානයේ දී පැවැත්වේ. දහම්පාසලේ ප්‍රධානාචාර්ය විහාරාධිපති ඕනෑගම නන්දරතන ස්වාමීන් වහන්සේගේ අනුසාසනා පරිදි දහම් පාසල් සංවර්ධන සමිතියේ මූලිකත්වයෙන් එම පින්කම පැවැත්වේ.


අතුල දස්සනාරාමයේ දස පාරමිතා පෙරහර පෝදා

කොළඹ බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමයේදී විහාරාධිපති බොරැල්ලේ අතුල නා හිමියන්ගේ අනුශාසනා පරිදි දස පාරමිතා පෙරහර මෙම මැදින් පෝදා රාත්‍රී 7ට වීදි සංචාරය කැරේ.

එම දසපාරමිතා පෙරහර මෙවර පැවැත්වෙනුයේ 19 වන වරටය. උඩ පහත දෙරට සහ සබරගමු පළාතට ආවේණික සංස්කෘකාංග සහිතව පෙරහර පැවැත්වෙන බව අතුල නාහිමියෝ පැවැසූහ.

එම පෙරහර පවත්වා ජනාධිපතිතුමා ප්‍රධාන රජයටත්, රටටත් ජනතාවටත් ආශිර්වාද කෙරෙන බවද අතුල නාහිමියෝ පැවැසූහ.

වැලිපිල්ලෑව එක්සත් වන්දනෝපාකාර සමිතියේ සිරිපා දන්සල මෙවරත්

හෝමාගම වැලිපිල්ලෑව එක්සත් වන්දනෝපාකාර සමිතිය මගින් කුරුවිට පාරේ වර්ණගල තේ වත්තේ මහ අම්බලමට පහළ ඩයිමන්ගල නැවතුම් පලේදී (සරුවත් අම්බලම ) අමද්‍යපාන දිවා රාත්‍රී ආහාර පාන සංග්‍රහයක් පවත්වාගෙන එන අතර

හැට හත් (67) වෙනි වරටත් මෙවරද මැදින් පසළොස්වක පොහෝ දින නිමිත්තෙන් මාර්තු 17,18,19,20 සහ 21 යන දිනයන්හි දිවා රාත්‍රි ආහාරපානාදියෙන් සමන්විත දාන සංග්‍රහය පැවැත්වේ.


පොතුපිටිය ධර්මරාජ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන

ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම පරිදි අභිනවයෙන් ආරම්භ කරන ලද වාද්දුව, පොතුපිටිය ධර්මරාජ භාවනා මධ්‍යස්ථානයේ සෑම මසකම අවසන් සෙනසුරාදා දින විශේෂ භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙවර පැවැත්වෙන තුන්වන භාවනා වැඩසටහන මාර්තු 26 දා (සෙනසුරාදා) උදේ 8.30 සිට සවස 3.30 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ‘ශාන්ති පදනමේ’ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසිනි. ධර්මරාජ භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වාද්දුව පොතුපිටිය ගාළු පාරේ සිට මීටර් 800 ක් නුදුරෙනි.


සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දේශනා මාලාවක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පවත්වනු ලබන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දේශනා මාලාවක් මාළඹේ සූසීතපුර අශෝකාරාමයේදී පැවැත්වේ. පෙබරවාරි 26 වනදායින් ඇරැඹි එම පින්කම අපේ‍්‍රල් 5 වන දා දක්වා පැවැත්වේ.

විහාරාධිපති දිවියාවේ අමරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව එහි සංවිධාන කටයුතු මෙහෙයවයි. ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේලා දිනපතා සවස 6 ට එම බෝධි පාක්ෂික ධර්ම දේශනා පවත්වති.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ මැදින් පෝදා පින්කම් මෙසේ ය.

පෝදා පෙරවරු. 06.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 08.00 බුදු ගුණ වන්දනාව, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, ප.ව. 1.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව, ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි, 02.00 ධර්ම දේශනාව, හබරත්වල සෝභිත හිමි, 03.00 ධර්ම සාකච්ඡාව බන්දුල උදයකුමාර මහතා, 05.00 සිල් පවාරණය අංගුන්න බදුල්ලේ ඤාණදස්සී හිමි.


උයන්වත්ත වාලුකාරාමය

පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි 07.00 බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, 08.00 ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි, 4.00 ධර්ම දේශනාව බුත්තල මෙත්තානන්ද හිමි, 7.00 අටවිසි බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි 07.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, 10.00 ධර්ම දේශනාව පණ්ඩිත තෙලිජ්ජවිල සුසමාහිත හිමි, 11.00 බුද්ධ පූජාව, ප.ව. 1.00 ට සෙත් පිරිත් දේශනාව සෙවනගල සුසාරද සහ ගල්පමුණේ සුවන්ත පොඩි ස්වාමීන් වහන්සේලා, 2.00 ධර්ම සාකච්ඡාව, 3.30 ධර්ම දේශනාව දිද්දෙණිපොත සුමේධ හිමි, 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍ර‍්‍රපති පණ්ඩිත දිද්දෙණිපොත හිමි, 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිපති පණ්ඩිත මහගල්ගොඩවෙල සුදස්සන හිමි.


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ 590 වන ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය මැදින් පුන් පෝදා ප.ව. 3.30 ට මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ “සිත්සුව“ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


මාතර සිරිමංගල පිරිවෙන් විහාරය

පෝදා පෙරවරු 06.00 සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ, 06.30 බුද්ධ පූජා වන්දනාව හොරපාවිට ධම්මිස්සර හිමි, 08.30 භාවනා වැඩසටහන බලංගොඩ සාන්තසිරි හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව, ප.ව. 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි 06.00 සිල් පවාරණය 06.30 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි.


සම්බෝධි නුගාශ්‍රමයේ පින්කම්

සොයිසාපුර සම්බෝධී නුගාශ්‍රමයේ මැදින් පොහෝදින වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.30 සීල සමාදානය හා බුද්ධ පූජාව වැලි උල්ලේ දමිත හිමි, 08.00 භාවනා වැඩසටහන පරදංවල කල්‍යාණධජ හිමි, 09.00 රූපවාහිනී ධර්ම දේශනය, 10.10 ධර්ම දේශනය තෙළුල්ලේ ධම්මරතන හිමි, 11.00 දවල් බුද්ධ පූජාව මාදුවේ විමලසිරි හිමි, 01.00 බුද්ධ වන්දනාව හා සෙත්පිරිත් සජ්ඣායනය මෙහෙයවීම ඩබ්ලිව්.ජයලත් මහතා, 02.00 ධර්ම දේශනය පැපිලියානේ සුමිත්ත හිමි, 03.30 ධර්ම සාකච්ඡාව ශේන් බිලොක් මහතා, 05.00 ධර්ම සාකච්ඡාව ගණේගම මහතා, 06.00 සිල් පවාරණය, 07.00 ගිලන්පස බුද්ධ පූජාව හා බෝධි පූජාව වැලිඋල්ලේ දමිත හිමි, 07.30 විහාරස්ථානයේ මාස්පතා පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ විසිවන ධර්ම දේශනාව හා 2600 සම්බුද්ධත්ව ජයන්තිය සදහම් චාරිකා අංක 3 ධර්ම දේශනය රත්මලාන ධර්ම පර්යේෂණාලයාධිපති හෑගොඩ විපස්සි හිමි.


හොරිවිල

2600 වැනි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සෑම පුරපසළොස්වක පොහොය දිනයක් නිමිතිකරගෙන පලුගස්වැව, හොරිවිල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වේ. විහාරාධිකාරී සේනාධිරියාගම ධම්මරතන හිමිගේ මඟපෙන්වීම යටතේ සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව සේනබණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරේ.

දොඩම්පහල රාහුල හිමියන් විසින් පවත්වනු ලබන ධර්මදේශනයක් මාර්තු මස 19 දා සවස 04.00 ට පැවැත්වීමට නියමිතය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]