UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති

සම්බුදු දහමේ නිර්මලත්වය, චිරස්ථායිතාව හා ව්‍යාප්තිය වෙනුවෙන් සිදුකරනු ලබන මෙහෙය උදෙසා අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත මියන්මාර රජයෙන් අග්ගමහා පණ්ඩිත යන ආගමික පදවි නාමය පිරිනමා තිබේ.

දේශීය හා විදේශීය ගෞරවණීය භික්ෂූන් වහන්සේලා පිරිසකට එම ශ්‍රේෂ්ඨ ආගමික පදවිනාම පුද දෙන උත්සවය මාර්තු 19 වැනි සෙනසුරාදා පුරපසළොස්වක දින මියන්මාරයෙ Nay Pyi Taw හා උප්පාතශාන්ති විහාරස්ථානයේදී පැවැත්වෙන බව එරට ආගමික කටයුතු පිළිබඳ ඇමැති තුරු, යු, මයින්ට් මායුං මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී දේවානන්ද ධම්මකුසල වංශාලංකාර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය, චන්ද්‍රකීර්ති ශ්‍රී අමරපුර නිකායේ මහනායක අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේ ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමකි. උන්වහන්සේ ධර්මධර විනයධර මහතෙර නමකි.

අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ගම්මුලාදෑනි වූ කොර්නේලිස් ද සිල්වා මහතා සහ බබුන්නෝනා දළුවත්ත මහත්මිය යන මවුපිය දෙපළට ලැබුණු දරුවන් සය දෙනාගෙන් සය වැනියා ලෙස 1923 නොවැම්බර් 24ද වැනි උපත ලත් කුඩා කුමරුවා 1935 ජනවාරි 24 වනදා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද උප සංඝරාජ අමරපුර නිකායේ මහ නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට පත්විය.

1945 දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද මහනාහිමියන්ගේ සහ පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල මහ නාහිමියන්ගේද ශිෂ්‍යයකු ලෙස අධිසිල් ලැබූහ. අධ්‍යාපන කටයුතු අනලස්ව කරමින් විහාරස්ථානයේ පුණ්‍ය කටයුතු වලටද සහභාගිවෙමින් 1954 දී ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් වූහ. ඊට අතිරේකව ශාස්ත්‍රවේදි උපාධියත් ලබා ගැනීමට උන්වහනසේ සමත්විය.

ධම්මපදයේ දැක්වෙන ගාථා 423 පිළිබඳ මෙතෙක් ලියැවී ඇති අතිශ්‍රේෂ්ඨ ධර්ම ග්‍රන්ථය වන සද්ධර්ම සතර කෘතිය (පිටු 2000 කට අධික) අත් පිටපත් කිරීමත්, සෝදුපත් කියවීමත් අප නායක ස්වාමීන් වහන්සේ ගෙන දුන් තවත් වාසනාවකි. යම් කෙනෙක් මේ සද්ධර්ම සාගර කාණ්ඩ සියල්ල අධ්‍යයන කළේ නම් ඔහුට ලැබෙන දහම් දැනුම මහා සාගරය බදුය. පරිවේණාස්ථාන කීපයක සහ විදුහල් කීපයක ආචාර්යවරයකු ලෙසද මහ නාහිමියෝ කටයුතු කළහ.

විවිධ ප්‍රදේශවල වැඩ වසමින් සද්ධර්මය බෙදාදීමේ නියුක්ත වූ මහනාහිමියෝ රත්මලානේ තෙලවල පාරේ ගොඩනංවන ලද ස්වර්ණමාලි විහාරස්ථානයේ අධිපති බවට පත්වූයේ 1973 දීය.

නිකායේ ඇති විවිධ තනතුරු දැරූ සුමංගල නාහිමියෝ 1998 එම නිකායේ මහනායක පදවිය දැරූ වැලිගම සුමන රංසි නා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු නිකායේ මහානායක ධූරයට තෝරාගනු ලැබීය.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් හා අනුග්‍රහයෙන් පවත්වන ත්‍රිපිටක ධර්මය සරල බසින් සම්පාදනය කරන සංක්‍ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ කර්තෘවරයකු වශයෙන් වසර 12 ක් පමණ කාලයක සිට කටයුතු කරති.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බෞද්ධ සැදැහැවතුනගේ ධර්ම ඥානය පුළුල් කිරීම සඳහා පාලි ග්‍රන්ථ සිංහලට පරිවර්තන කෘත්‍යයද ධර්ම ග්‍රන්ථ ලිවීමද, ධර්ම දේශනා පැවැත්වීම්ද උන්වහන්සේ මහත් කැපවීමෙන් සිදු කරති.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]