UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දැනට කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 44 හි ප්‍රතිකාර ලබන කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි හර්ෂ නාදෙනිය හට හදිසි වකුගඩු සැත්කමක් සඳහා “ඕ පොසිටිව් ‘ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇතැයි කියති. වකුගඩුවක් පරිත්‍යාග කර හර්ෂගේ ජීවිතය බේරා ගැනීමට උපකාර වන ලෙසත් පරිත්‍යාගශීලින් හට, අවශ්‍ය වැඩි විස්තර සඳහා 0718229745 දුරකථන අංකය ඔස්සේ හර්ෂගේ සොහොයුරු, සුසික ඇමතීමට කාරුණික වන මෙන්ද හර්ෂගේ හිතවතුන් ඉල්ලීමක් කරයි.


බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ 407/1 නිවසේ පදිංචි පී.ඒ. කණිෂ්ක නවෝද නමැති 22 හැවිරිදි තරුණයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට වහාම සැත්කමක් කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතා පවසයි. මේ සැත්කම සඳහා බී හෝ ඕ වර්ගයේ රුධිරය ඇති අයෙකුගේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් එවැනි වකුගඩුවක් ලබාදීමට කැමැති පින්වතුන්ගේ උපකාර අපේක්ෂා කරයි. දුරකතන අංක 0724134121, 0721421277 අමතා විස්තර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටී. තවද මෙම සැත්කමට අධික මුදලක් වැය කිරීමට සිදුවන හෙයින් ඒ සඳහා මුදලින් ආධාර කිරීමට කැමති පින්වතුන් පහත සඳහන් බැංකු ගිණුමට ලංකා බැංකු ශාඛාව බොරැල්ල 71526511 මුදල් බැර කරන ලෙසද ඉල්ලීමක් කැරේ.


 


කළුතර පදිංචි 51 හැවිරිදි දෙදරු පියෙකු වන එස්. ජයසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඔහුට බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කර ඇත.

ඒ සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු සිටී නම් පහත සඳහන් දුරකථන අංකයකට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

034-4903318, 072-4342178 දුරකතන අංක වේ. මුදලින් පරිත්‍යාගශීලී අයෙකු සිටී නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංකය 1-0012-02- 20710 වෙත ආධාර කළ හැකිය. එස්. ජයසිංහ, නො. 94, කෝංගස් හන්දිය, කළුතර උතුර ලිපිනය වේ.


සීදුව රද්දොළුව ගල්ලවත්ත අංක 357158 හි පදිංචි ටී.ඒ. ගාමිණී මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇතැයි කියති.

ඕ හෝ බී රුධිර ගණයේ වකුගඩුවක් ඒ සඳහා සුදුසු බැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් දුරකතන අංක 0772356380 , 0725043744, 072 3151995 ඔස්සේ අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

සැත්කම සඳහා ආධාර කිරීමට කැමති අයට සෙලාන් බැංකුව පළමු නගර ශාඛාවේ ගිණුම් අංක 0011 00536860 –101 ට (ටී.ඒ.ජී මංගලසිරි) සිය ආධාර බැර කළ හැකි බවද කියයි.


හෝමාගම, මාවත්ගම 100/2 හි පදිංචි ඩබ්ලිව්.ඒ. පේමදාස මහතා වකුගඩු ආබාධයකට ලක්ව ඇති බැවින්, හැකි ඉක්මනින් ඔහු සුවපත් කිරීමට වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇතැයි වෛද්‍ය නිර්දේශය වේ.

එබැවින් ඔහුට ගැළපෙන “ඕ පොසිටිව්, ඕ නෙගටිව්, ඒ පොසිටිව්, ඒ නෙගටිව්” යන ලේ වර්ගවලට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකතන අංක 0112 891410, 0774 489887, 0779 785321 වෙත ඒ බව දන්වන්නැයිද ඉල්ලීමක් කැරේ.


සීදූව, දඹදුරය, නො. 225 ඒ ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.අයි.ජී. ප්‍රනාන්දු මහත්මිය කලක සිට ඉතා දරුණු දණහිස් ආබාධයකින් පීඩා විඳිමින් සිටින අතර ඇය පරීක්‍ෂා කළ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ජී.එල්. පුංචිහේවා මහතා ඇයට කඩිනමින් ශෛල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි කියති. ඒ අනුව ඇයගේ දනහිස් දෙක සඳහා කෘතිම උපකරණ සවිකල යුතුබවත් එය සපයා දිය යුතු බවත් කියයි.

එම උපකරණ සඳහා 400000/- ක මුදලක් වැය වෙන බැවින් අතිගරු ජනාධිපතිතුමාගේ අරමුදලින් මේ සඳහා රු. 150000/- ක මුදලක් වෙන්කර දී ඇති අතර නිසි ආදායම් මාර්ගයක් නොමැති බැවින් ඉතිරි මුදල සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බවත් කියයි.

එබැවින් ඉතිරි මුදල සොයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර අපේක්‍ෂා කැරේ. බැංකු ගිණුම් අංකය – 1 – 0036 – 01- 5534 – 9 ජාතික ඉතිරි කිරීමේ බැංකුව ජාඇළ ශාඛාව වන අතර දුරකතන අංකය 011 2243704 වේ.


තලාතුඩුව පාර, කොග්ගල, හබරාදුව පදිංචි අවුරුදු 50 ක් වයසැති පද්මිණී මල්ලිකා මහත්මිය පෙර පාසල් ගුරුවරියක් වන අතර දරුවන් දෙදෙනෙකුගේ මවකි. ඇයගේ වකුගඩු දෙකම අක්‍රීය බවත්, ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත්, මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්.වෂීල් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

තම වකුගඩුවක් දන්දීමට කැමති හිමිනමක් හෝ, පරිත්‍යාගශීලියෙක් ගෙන් දරු දෙදෙනා ඇතුළු පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ ඇයගේ ජීවිතය බේරා ගැනීමට උදව් වන ලෙසයි.

එසේ පරිත්‍යාගශීලී අයෙකු වේ නම් හැකි ඉක්මණින් 071 8251632, 091 3932220 අමතන ලෙස ඉල්ලීමක් කැරේ.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]