UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තිය සමරා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා පින්කමක් කළුතර බෝම්බුවලදී

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය සජ්ඣායනා කිරීමේ මහා පින්කමක් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම දස්සනසාර ධර්මායතන පිරිවෙනේදී මැයි මස 18 වනදා සිට පුරා දින සියයක් මුළුල්ලේ පැවැත්වීමට ශ්‍රී දස්සනසාර පිරිවෙන් මුලස්ථාන මහා විහාරාධිපති කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති හල්වතුරේ අස්සජි නාහිමියෝ කටයුතු සංවිධානය කරනු ලැබේ.

එහි සංවිධායක කමිටුවේ ප්‍රධාන සංවිධායක හල්වතුරේ අස්සජි නාහිමියන් ඒ පිළිබඳව දැක්වූ අදහස් මෙසේය.

මැයි මස 15 වනදා පස්වරු 2.30 ට ත්‍රිපිටක ධර්ම පුස්තක කළුතර බෝධීන් වහන්සේ අබියස සිට රිය පෙරහරෙන් නාගොඩ හන්දිය දක්වා වැඩම කර එතැන් සිට ඇතුපිට ත්‍රිපිටකය තැන්පත් කර පෙරහරෙන් විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබේ.

අනතුරුව මැයි මස 17 වනදා විශේෂ ධර්ම මණ්ඩපයෙහි ත්‍රිපිටකට තැන්පත්කර ඊට පූජෝපහාර පවත්වනු ලැබේ.

මැයි මස 18 වනදා පස්වරු 2.30 ට ත්‍රිපිටක සජ්ඣායනාව ආරම්භ කැරෙන අතර ඊට පෙර බුද්ධ වන්දනාව සහ පූජෝපහාර පැවැත්වීම ද සිදු කැරේ. අනතුරුව ත්‍රිපිටක සජ්ඣායනාව ආරම්භ කැරෙන අතර දිනපතා පස්වරු 2 සිට රාත්‍රි 10 දක්වා සජ්ක්‍ධායනා කැරේ.

පොහොය දිනයන්හි අළුයම සිට පසුදා පහන් වනතුරු සජ්ඣායනා කැරේ. ඊට අමතරව දිනකට පහන් දහස බැගින් දින අසූ හතර සම්පූර්ණ වීමේදී අසූ හතර දහසක් ධර්මස්කන්ධයට පහන් පූජාව පැවැත්වේ.

ඊට සහභාගිත්වය හා දායකත්වයද සලසා දිය හැකි බවද විශේෂයෙන් ත්‍රිපිටක සජ්ක්‍ධායනාවට කැමැති ස්වාමින් වහන්සේලා වේනම් උන්වහන්සේ වෙත ඒ බව දන්වා අවශ්‍ය දින වෙන් කරවා ගන්නා ලෙසද අස්සජි හිමියෝ ඉල්ලීමක් කරයි.

එම කමිටුවේ සභාපති ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි මහතා කටයුතු කරන අතර ධර්මෝපදේශක මණ්ඩලයකින් ද යුක්ත වන බවද අස්සජි නාහිමියෝ පැවැසූහ.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]