UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

අළුත් සහල් මංගල්‍යය සිරි මහ බෝ සමිඳු අබියස දී අප්‍රේල් 2-3

මහ කන්නයේ අනුරාධපුර ගොවි ජනතාවගේ වී අස්වැන්නේ අග්‍ර ඵලය එකතු කර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පිදීමේ හතලිස් හතර (44) වන ජාතික අළුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 02 – 03 යන දිනයන් හි මහත් අභිමානයෙන් හා අති පූජනීයත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්වේ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම ඓතිහාසික උත්සවය ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරයි.

අප්‍රේල් මස 02 වන දින අළුයම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සතර වාහල්කඩ කිරි ඉතිරිවීමෙන් එම උළෙල ආරම්භ කැරේ.

ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් එකතු කරගන්නා සහල් රිය පෙරහරකින් සිංහ කණුව දක්වා රැගෙන විත් එතැන් සිට දර්ශනීය මහා පෙරහරකින් අළුත් සහල් පාත්‍ර හා භාජන රැගත් පෙරහර ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ මැද මළුව තෙක් ගමන් කරවනු ඇත.

අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එහි තැන්පත් කර ඇති මහා පාත්‍රය පිරවීම සිදු කැරේ.

එම අවස්ථාවට අටමස්ථාන නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ගොවිජන සේවා හා වනජීවී ඇමති එස්.එම්. චන්ද්‍රසේන ළමාරක්‍ෂක හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද නියෝජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ඩබ්ලිව්. බී. ඒකනායක, දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, පලාත් කෘෂිකර්ම ඇමැති කේ.එච්. නන්දසේන, සමූපකාර හා ආහාර වෙළඳ පළාත් අමාත්‍ය එච්.බී.සේමසිංහ, අනුරාධපුර මහදිසාපති එච්.එම්.කේ.හේරත් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වනු ඇත.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]