UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පොළොන්නරුවේ සද්ධානන්ද හිමියෝ උප ප්‍රධාන සංඝ නායක පදවි ලබති

පිදුරුවැල්ල ශ්‍රී සුධර්මාරාමය, රත්මලේ අශෝකාරාමය, වෙහෙරගල වළගම්බා රජ මහා විහාරය යන විහාරත්‍රයාධිපති, කුරුණෑගල පොල්ගහවෙල, වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි වීරඹුගෙදර තෛ‍්‍රනිකායික මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකම් සද්ධර්ම වාගීශ්වර පොළොන්නරුවේ සද්ධානන්ද හිමියන් වෙත මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිතාභිධාන මහ නාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් ‘මංගල ධර්මකීර්ති’ ශ්‍රී උපනන්ද යන ගෞරව නාමය සහිත වයඹ පළාතේ සූවිසිපත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

එම පදවිය හා සම්බන්ධ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම මාර්තු 19 දින අස්ගිරි මහා විහාර සීමා මාලකයේදී මහා නාහිමිපාණන් අතින් සිදු කෙරේ.

පසුදින අභිනව නාහිමියන් වහන්සේ දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ සහ පළාත්වාසීන්ගේ සහභාගීත්වයෙන් පිළිගැනීමේ මහා සභාවක් ද පැවැත්වීමට උත්සව කමිටුව තීරණය කර ඇත.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]