[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

කඩවත කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ
ඡායාරූපය - රුක්මල් ගමගේ

මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

යොවුන් දහම් සක්මන

විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනඟනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා රූපවාහිනිය එක්ව සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන පෙබරවාරි 11 වැනි දින 10000කට අධික තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දී අතිසාර්ථකව නිමාවට පත් විය. මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු මෙම වැඩසටහන අඛණ්ඩව පැය 5කට ආසන්න කාලයක් පැවැත්විය. 2016 වසරේ සිට අඛණ්ඩව සිදුකරන යොවුන් දහම් සක්මන මෙවර මහනුවර කේන්ද්‍ර කර ගනිමින් කුණ්ඩසාල මහමෙව්නාව අසපුවේ දී පැවැත්වීම සුවිශේෂි විය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරී ගිය කුණ්ඩසාල අසපුව යහපත් අනාගතයක් වෙනුවෙන් සිහින දකින තාරුණ්‍යයට නිවැරැදි දැක්මක් එකතු කළේ ය.

බුදුරදුන් ඥාතීන් හමුවට ගමන් ඇරඹූ මැදින් පුරපසළොස්වක පෝදා

හේමන්ත සෘතුවේ එළඹෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ගේ සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බුද්ධත්වයෙන් පසු රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර විසූ පිය රජතුමා ඇතුළු ඥාති පිරිස දැකීමට ගමන් ආරම්භ කරන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයකවීම මෙම පොහොයේ විශේෂත්වය යි. මැදින් පොහෝ දා ආරම්භ කළ උපන් ගමට වැඩීම කිරීමේ ගමනට දෙමසක් ගත වූ අතර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවන ලද්දේ වෙසක් පොහෝ දිනයක දී ය. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව ඇතුළු වීර්ය වඩා වෙසක් පොහෝ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත් ව ඇසළ පොහෝ දිනයක දම්සක් පවත්වා අනුක්‍රමයෙන් ධර්මදූත පිරිස් බිහි කරමින් ලෝක සත්වයන් වෙත අපමණ කරුණාවෙන් ක්‍රියා කරද්දී බුදුරදුන්ගේ කීර්තිරාවය දඹදිව සතර දිග්භාගයේ ම පැතිරී යන්නට විය. තම පුතු වූ සිදුහත් කුමරුන් සම්බුද්ධත්වයට පත් වී රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිමින් ලෝ සතුන්ට දුකින් මිදෙන මඟ පෙන්වා දෙන බව ඇසූ සුද්ධෝදන රජතුමාට පුතු දැකීමට වූ ආශාව දිනෙන් දින වැඩි විය.අවස්ථා නවයක දී පිරිවර දහස බැඟින් යුතු අමාත්‍යවරයෙකු බැඟින් දූත කාර්යයෙහි යොදවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට කැඳවාගෙන එන ලෙස සුද්ධෝදන රජතුමා පිටත් කොට හැරියේ ය. එසේ යැවූ අමාත්‍යවරුන් නව දෙනා සහ නව දහසක පිරිස බුදුන් දැක දහම් අසා රහත්ව පැවිදි විය. ඉන්පසු සිදුහත් බෝසතාණන් වහන්සේ සමඟ එකම දිනයක උපන් කාළුදායි ඇමතිවරයා කැඳවා දහසක් පිරිවර ලබා දී දූත කාර්යයෙහි යෙද වූ අතර තමාට පැවිදි වීමට අවසර ලබා ගත් කාළුදායි ඇමතියා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දහම් අසා පිරිවර සමඟ රහත් ඵලයට පත් විය.

අභියෝග හමුවේ නොසැලෙන්න තැනට සුදුසු නුවණ දියුණු කර ගන්න

ජීවිතයේ අරමුණු සපල කර ගැනුමට හිතනවා නම් එල්ල වන බාධක මැද ඉදිරියට යා යුතු වෙනවා. මෙහි දී අපි ඥානාන්විත වීමේ අවශ්‍යතාව යි ඉස්මතු වන්නේ. මෙයට තවත් දිය හැකි වචනයක් වන්නේ තැනට සුදුසු නුවණ යන්න යි. මේ කරුණ කරණියමෙත්ත සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ”නිපකො” යන්නෙනු යි. එයින් ප්‍රකාශ වන්නේ ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්ත විය යුතු ය යන මේ කියන කාරණය යි. නිපක කියන වචනයේ සාමාන්‍ය අර්ථය වන්නේ නුවණින් ක්‍රියා කළයුතු යන අදහසයි. එනම් නුවණැති බවයි. එහෙම වුණත් මෙම සූත්‍රයේ දී නිපක යන වචනයෙන් ඊටත් වඩා එහා ගිය පුළුල් අදහසක් ප්‍රකාශ වෙනවා. එනම් යම් ක්‍රියාවක දී, වචන කථා කිරීමේ දී, සිතිවිලි ඇති කර ගැනීමේ දී ඒ ඒ අවස්ථාවට ඇතිවන ගැටලු හෝ වෙනත් බාධක අවස්ථාවන්හි දී එම බාධක මග හරවා ගෙන ඒ ඒ අවස්ථාවට සුදුසු වන ආකාරයෙන් අදාළ ප්‍රතිචාර දැක්වීමට ඇති කර ගන්නා නුවණ මෙයින් අදහස් කරනවා. එසේ වීමේ දී පුද්ගලයා වඩාත් නිවැරැදිව ස්වකිය සෑම ක්‍රියාකාරකමක්ම පවත්වනවා වගේ ම එයින් බාහිර සමාජයටත් තමන්ටත් විශාල මෙහෙවරක් ඉටු කරවා ගන්නට හැකියාව ඇති කර ගන්නවා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් තමන්ට සුදුස කර්මස්ථානයක් ලබා ගෙන වනගතව හෝ ආරණ්‍යවාසිව සිටින භික්ෂුව තමන්ගේ කර්මස්ථානය වඩමින් සමථ හෝ විපස්සනා භාවනාවෙහි යෙදෙන විට එය සාර්ථක කර ගැනිමට අවශ්‍ය වන්නේ චතුසම්පජඤ්ඤයෙන් ක්‍රියා කිරීම යි. සාත්ථක සම්පජඤ්ඤය, සත්ප්‍රාය සම්පජඤ්ඤය, ගොචර සම්පජඤ්ඤය හා අසම්මොහ සම්පජඤ්ඤය යන සතර ආකාර මනා වූ සිහිනුවණ පවත්වාගෙන ක්‍රියා කිරීම අදහස් වෙනවා.

ජීවිතය සාර්ථක කරන ඉලක්කය හා බැඳුණු උනන්දුව

එක මොහොතක් හෝ අපතේ නොයවමින් දින චරියාවකට අනුව කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් තුළ මොනතරම් මෙහෙයක් ඉටුකර ඇත්දැයි බලන්න. අපේ රටේ සිටි ශ්‍රේෂ්ඨ වැදගත් පුද්ගලයින් ක්‍රමවත් වැඩසටහනකට අනුව දවස් ගත කළ අයුරු ඉතිහාසය අපට කියා දෙයි. දෙවන පැරකුම්බා රජු නියමිත වෙලාවට ආගමික වතාවත් ඉටු කළ අයුරුත් රාජ්‍ය පාලකයකු ලෙස තම වගකීම සඳහා දවස සැලසුම් කරගත් අයුරුත් අපට වැදගත් පාඩමකි. දිනය සැලසුම් කිරීමේ දී උදේ සහ සන්ධ්‍යාවෙහි සිදු කරනු ලබන ආගමික වතාවත් පිළිබඳවත්, විශේෂයෙන් පොහෝ දිනයෙහි විහාරස්ථානයට ගොස් සිදු කළ යුතු ආගමික වතාවත් ගැන ද මූලික අවධානය යොමු කරන්න. ඉගෙන ගන්නා ශිෂ්‍යයකු වශයෙන් තම දින චරියාව සකස් කරගත යුත්තේ බොදු හැදියාව සමඟ අධ්‍යාපනික ජීවිතය ද ගොඩනැංවෙන අයුරෙනි. අරුණට පළමු නැඟීටීමට පුරුදු වන්න. එය ප්‍රබෝධවත් ජීවිතයකට මහත් ශක්තියකි. උදේ හිරු රැස් වැදීමෙන් ගස් වැල් පවා නව පණක් ලබයි. අප කරන කාර්යයන්හි ඵලදායිත්වයට අරුණ තුළින් ලබන පිබිදීම මහත් ශක්තියකි. ඒ තුළින් දවස තුළ කළ යුතු කාර්යභාරයට සූදානම් වීමේ වටිනා අවස්ථාව උදාවනු ඇත. එදිනෙදා ගෙදර කටයුතු ඉටු කර ගැනීමේ දී පවුලේ සමඟි සම්බන්ධතාව ඉතා වැදගත් ය. මෙහිදී සෑම කෙනෙක් ම අදාළ කාර්යයන්හි කොටස්කරුවකු වන අයුරින් බැඳී කටයුතු කරන්නේ නම්, එම නිවෙස සැනසිලිදායක තැනක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. ගෙදර හා සම්බන්ධ කාර්යභාරය තනි අයකුට කරන්නට සිදු වුවහොත් මොනතරම් කායික හා මානසික පීඩනයකට ඔහු හෝ ඇය පත්වෙනවා දැයි බලන්න. දිනපතාම යටත් පිරිසෙන් පැයක පමණ කාලයක් වත් දරුවන් සමඟ මවුපියන් සමීපව කටයුතු කළ යුතුයි.

පස්කම් සුව නිසා නිවන් මඟ ඇහිරීම වළකා ගන්නේ  මෙලෙසයි

දවසක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණි දෙවියකු උන්වහන්සේගෙන් මෙසේ ඇසීය. “බුදුරජාණන් වහන්ස ලෝකය තුළ වසන සත්වයෝ අතර කවරකු නිදා සිටින්නේ ද ? කවරකු අවදිව සිටින්නේ ද ? කුමක් හේතු කොට ගෙන කෙනකු පිරිසිදු වන්නේ ද ? අපිරිසුදු වන්නේ ද ? ඊට පිළිතුරු දුන් බුදු රජාණන් වහන්සේ”. “දේවතාවනි පස්දෙනකු නිදා සිටින අතර, පස් දෙනකු අවදියෙන් සිටියි. පස් දෙනකු අවදියෙන් සිටින අතර පස්දෙනකු නිදා සිටියි. පස්වැදෑරුම් කාරණා මත අපිරිසිදු බවට පත් වේ." මෙම කරුණුවල තේරුම කුමක්දැයි විමසා බැලීම ඉතා වැදගත් වේ.කිසිදු ප්‍රයෝජනයක්, ඵලක් නැති කටයුත්තක යෙදීම නිදාගැනීම යි. ඇස, කන, නාසය, දිව, ශරීරය නින්දේ දී වැසී පවතී. සිතේ ඇතුළත නොබිඳී ඉදිරියට ගලා යයි. බාහිර කාරණා නිසා සිතිවිලි කැළඹීමට පත් නොවේ. එබැවින් මනසේ ක්‍රියාකාරීත්වය ව්‍යාකූල නොවේ. නින්දෙන් අවදි වූ පසු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ක්‍රියාත්මක වනු ඇත. ඉන් සුඛ, දුක්ඛ වශයෙන් අරමුණු ලබා ගැනීම සිදු වේ. හැම අරමුණකම ගැටේ. ප්‍රථිපලය අරමුණු ක්‍රියා කරවීම නිසා ප්‍රතික්‍රියා වශයෙන් විපාක ලැබෙණු ඇත.එසේම පුද්ගලයා සතුටු නොවන, තෘප්තියට පත් නොවන දෙයින් ඈත් වේ. පංච ඉන්ද්‍රියන් තුළින් ලබන සතුටු අරමුණු නිසා තෘප්තියට පත්වේ. දැඩි ලෙස තව තවත් එහි ඇලීම් ඇති වේ. ආශා කරයි. ඒ තුළින් විවිධ වින්දනයන් ලබයි. නින්දේ සිට ඇවිදින අයකු යම් සේ ද, එසේ ම සිත උම්මත්තක වී, උමතු වී සිටින අයකු යම් දේකට පෙළඹේ ද එසේ සිදුවන වැරැදි මෙසේ සලකනු ඇත. ධර්මානුකූල ප්‍රතිපදා තුළ නැති අවුල් වූ, ව්‍යාකූල වූ සියලු දෙනා බුදු රජාණන් වහන්සේ දකින්නේ අවදියෙන් සිටින අය නිදා සිටින ආකාරයයි.

මැදින් පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]