[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

අභියෝග හමුවේ නොසැලෙන්න තැනට සුදුසු නුවණ දියුණු කර ගන්න

ජීවිතයේ අරමුණු සපල කර ගැනුමට හිතනවා නම් එල්ල වන බාධක මැද ඉදිරියට යා යුතු වෙනවා. මෙහි දී අපි ඥානාන්විත වීමේ අවශ්‍යතාව යි ඉස්මතු වන්නේ. මෙයට තවත් දිය හැකි වචනයක් වන්නේ තැනට සුදුසු නුවණ යන්න යි. මේ කරුණ කරණියමෙත්ත සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ”නිපකො” යන්නෙනු යි. එයින් ප්‍රකාශ වන්නේ ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්ත විය යුතු ය යන මේ කියන කාරණය යි. නිපක කියන වචනයේ සාමාන්‍ය අර්ථය වන්නේ නුවණින් ක්‍රියා කළයුතු යන අදහසයි. එනම් නුවණැති බවයි. එහෙම වුණත් මෙම සූත්‍රයේ දී නිපක යන වචනයෙන් ඊටත් වඩා එහා ගිය පුළුල් අදහසක් ප්‍රකාශ වෙනවා. එනම් යම් ක්‍රියාවක දී, වචන කථා කිරීමේ දී, සිතිවිලි ඇති කර ගැනීමේ දී ඒ ඒ අවස්ථාවට ඇතිවන ගැටලු හෝ වෙනත් බාධක අවස්ථාවන්හි දී එම බාධක මග හරවා ගෙන ඒ ඒ අවස්ථාවට සුදුසු වන ආකාරයෙන් අදාළ ප්‍රතිචාර දැක්වීමට ඇති කර ගන්නා නුවණ මෙයින් අදහස් කරනවා. එසේ වීමේ දී පුද්ගලයා වඩාත් නිවැරැදිව ස්වකිය සෑම ක්‍රියාකාරකමක්ම පවත්වනවා වගේ ම එයින් බාහිර සමාජයටත් තමන්ටත් විශාල මෙහෙවරක් ඉටු කරවා ගන්නට හැකියාව ඇති කර ගන්නවා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් තමන්ට සුදුස කර්මස්ථානයක් ලබා ගෙන වනගතව හෝ ආරණ්‍යවාසිව සිටින භික්ෂුව තමන්ගේ කර්මස්ථානය වඩමින් සමථ හෝ විපස්සනා භාවනාවෙහි යෙදෙන විට එය සාර්ථක කර ගැනිමට අවශ්‍ය වන්නේ චතුසම්පජඤ්ඤයෙන් ක්‍රියා කිරීම යි. සාත්ථක සම්පජඤ්ඤය, සත්ප්‍රාය සම්පජඤ්ඤය, ගොචර සම්පජඤ්ඤය හා අසම්මොහ සම්පජඤ්ඤය යන සතර ආකාර මනා වූ සිහිනුවණ පවත්වාගෙන ක්‍රියා කිරීම අදහස් වෙනවා.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]