[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

සුන්දර මාවෙල ගම් පියසේ අභිමානවත් වෙහෙර බිම පින්බර සම්බෝධිගිරි විහාරය

රත්නපුර බළංගොඩ මාර්ගයේ ඇල්ලේපොල හන්දියෙන් හැරී ගවරන්තැන්න වැලිගෙපොල මාර්ගයේ ගිරිහෙල් පීරාගෙන කිලෝමීටර් දහයක් පමණ ගිය විට මාවෙල ගම හමුවේ. ඉපැරැණි ගම්මානයක් වූ මාවෙල ගම වඩාත් ප්‍රචළිතව ඇත්තේ එහි ඇති ඉපැරැණි මහා බෝධීන් වහන්සේ නිසා ය. එහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවන තුන්වන සියවස් පමණට ඇදී යන්නේ මෙයට ආසන්නයේ පැවැති සඳගිරි නුවරත් එහි රෝපණය වූ දෙතිස්ඵල බෝධීන් වහන්සේ සමඟ ඉපැරැණි මාවෙල බෝධි වෘක්ෂය අතර ඇති සබඳතාවය ද නිසා ය. මාවෙල ගමට යාබද ගිරි ශිඛර අතරේ ඇති ඉපැරැණි ගල්ලෙන් බොහොමයක අතීත ජනාවාස පැවැති බව ද හඳුනාගෙන ඇත. කලෙකට ඉහතදී මෙම බෝ සමිඳුන් සෙවණෙහි භාවනානුයෝගීව වැඩ සිටි තාපසයන් ගැන ද පැරැන්නෝ කියති. මෑත කාලයේ දී මෙම උතුම් පින්බිම දැක හැඳින විහාරස්ථානයක් බවට පත් කිරීමට මුල පිරුවේ 1970 වසරේ දී පමණ ය. ඒ රත්නපුර වරකාතොට පාරේ ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපතිව වැඩ සිටි බටුගෙදර සුධම්ම හිමිපාණන්ගේ මඟ පෙන්වීමෙනි. ඒ ඉපැරැණි බෝ සමිඳුන් සෙවණේ වස් සමාදන් වීමෙනි. මාවෙල ප්‍රදේශයේ සත් ගුණවත් බෞද්ධ ව්‍යාපාරික මහතකු වූ එම්.එම්. අරණෝලිස් මහතා සිදු කළ භූමි පරිත්‍යාගයකින් බෝ සමිඳුන්ට යාබදව කුඩා කුටියක් ඉදි කිරීමෙන් සම්බෝධිගිරි විහාරයට මුල පිරුණි. මාවෙල ගමට ආසන්නව ආගමික වතාවත් සඳහා ආසන්නයේ වෙනත් විහාරස්ථානයන් ද නො තිබුණ නිසා සම්බෝධිගිරි විහාරයේ සංවර්ධන කටයුතු ඉක්මන් විණි.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]