[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

බුදුරදුන් ඥාතීන් හමුවට ගමන් ඇරඹූ මැදින් පුරපසළොස්වක පෝදා

හේමන්ත සෘතුවේ එළඹෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ගේ සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බුද්ධත්වයෙන් පසු රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර විසූ පිය රජතුමා ඇතුළු ඥාති පිරිස දැකීමට ගමන් ආරම්භ කරන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයකවීම මෙම පොහොයේ විශේෂත්වය යි. මැදින් පොහෝ දා ආරම්භ කළ උපන් ගමට වැඩීම කිරීමේ ගමනට දෙමසක් ගත වූ අතර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවන ලද්දේ වෙසක් පොහෝ දිනයක දී ය. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව ඇතුළු වීර්ය වඩා වෙසක් පොහෝ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත් ව ඇසළ පොහෝ දිනයක දම්සක් පවත්වා අනුක්‍රමයෙන් ධර්මදූත පිරිස් බිහි කරමින් ලෝක සත්වයන් වෙත අපමණ කරුණාවෙන් ක්‍රියා කරද්දී බුදුරදුන්ගේ කීර්තිරාවය දඹදිව සතර දිග්භාගයේ ම පැතිරී යන්නට විය. තම පුතු වූ සිදුහත් කුමරුන් සම්බුද්ධත්වයට පත් වී රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිමින් ලෝ සතුන්ට දුකින් මිදෙන මඟ පෙන්වා දෙන බව ඇසූ සුද්ධෝදන රජතුමාට පුතු දැකීමට වූ ආශාව දිනෙන් දින වැඩි විය.අවස්ථා නවයක දී පිරිවර දහස බැඟින් යුතු අමාත්‍යවරයෙකු බැඟින් දූත කාර්යයෙහි යොදවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට කැඳවාගෙන එන ලෙස සුද්ධෝදන රජතුමා පිටත් කොට හැරියේ ය. එසේ යැවූ අමාත්‍යවරුන් නව දෙනා සහ නව දහසක පිරිස බුදුන් දැක දහම් අසා රහත්ව පැවිදි විය.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]