[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පන්සැත්තෑ වසක් සසුන් කෙත පොබ කළ සුසමාදර්ශී පඬිරුවන

ආචාර්ය පූජනීය දිවියාගහ යසස්සි නාහිමිපාණන් වහන්සේ

“සම්බුදු දහම අපට මඟ පෙන්වන්නේ සත්පුරුෂයකු වන්නටයි. ඒ වචනයේ ගැබ් වෙලා තිබෙන්නේ ගැඹුරු අර්ථයක්. අපි මෙහෙම හිතමු. ගිනිගහන අව්වක ගත දැවෙන මොහොතක ගසක සෙවණක් යට මොන තරම් සිසිලසක් දැනෙනවාද? ඒ සිසිලස මොන තරම් සුවයක්, සැනසීමක් ගෙන දෙනවා ද? පුංචිම දරුවකුට වුණත් ඒ වෙනස වටහා ගන්නට පුළුවන්. ගසක් ලෝකයට ම සෙවණ දුන්නත්, ගසට සෙවණ දෙන්නේ කවුද? කිසිවෙක් ම නෑ. ගිනිගහන දහවලේත් හිරු රැසින් දැවි දැවී, දුක දරාගෙන ලෝකයට සතුට දෙනවා. ඒ විතරක් ද? නෑ. ජීවිතයට හුස්ම දෙනවා. කුස ගින්දර නිවන්නට ඵලය ද දායාද කරනවා. සත්පුරුෂයාත් ඒ වගෙයි. ඕනෑම දුෂ්කර තැනෙකදීත් අනුන් වෙනුවෙන් තමන්ගේ දෑත් දිගු කරනවා. තමන් දෙපයින් නැඟී සිටිමින් අනුන්ට ද නැඟිටින්නට උපකාර වෙනවා. තමන් ගැන විතරක් ම හිතන්නේ නෑ. අනුන් ගැනත් හිතනවා ඒ වගේ සත්පුරුෂයෙක් නිර්මාණය කිරීමේ නිර්මාතෘවරයා වන්නේ ගුරුවරයායි. ඒ විෂය ඥානය පමණක් දරු පරපුරට දායාද කිරීමෙන් නොවෙයි. ඒ දැනුමත් ඇසුරු කරගෙන ගුණධර්ම ඉගැන්වීමෙනුයි. නැණ වගේ ම ගුණ ද පොහොසත් තරමට ලෝකය ධනවත් වෙනවා. ලස්සන වෙනවා. ඒ ලස්සන ලෝකය ගොඩනැඟෙන්නේ ගුරුවරයාගේ දෑතින්. ගුරු මවුපියවරු ඒ තරමට බලවත්.” වසර ගණනාවක ගුරු භූමිකාව තුළ සිසු දරුවන් අපමණකගේ හැදියාවන් ඔපමට්ටම් කරමින් ජීවිතයට වටිනාකම් ගෙන දුන් අපූර්ව ගුරු පියකුගේ අදහස් පෙළකි මේ. අපේ, පූජ්‍යපාද දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මධර, විනයධර, භික්ෂු ආකල්පයන්ගෙන් සුපෝෂිත සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් ආදර්ශවත් යතිවරයාණන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ ශෝභාවත් වෙති.


උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]