[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

උඳුවප් පොහොය

උඳුවප් පොහොය දිනය ශ්‍රී ලංකාවාසී ජනතාවට ඉතාමත් වැදගත් පෝදිනයක් වන්නේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය ලක්දිවට වැඩම කිරීම නිසයි. ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩමවීමත් සමඟ මිහිඳු මා හිමි ඇති කළ බෞද්ධ සංස්කෘතිය මෙරට චිර පැවැත්ම සඳහා මහා පිටුවහලක් විය. කාන්තා පැවිද්ද පිහිටුවීම සමඟම අනුලා දේවිය ඇතුලු කුමරියෝ පැවිදිව මෙරට සිව්වනක් පිරිස ඇතිවීමෙන් බුදු සසුනේ දියුණුව සඳහා ලැබුණු දායකත්වය සුළුපටු නොවේ. සංඝමිත්තා තෙරණිය වැඩම වීමෙනන් මෙරට සමාජය නව මුහුණුවරක් ගත්තේ ය. මෙරටට සමාජයේ මෙලොව පරලොව උභයාර්ථය සඳහා කැපවී ක්‍රියා කළ සංඝමිත්තා මහරහත් තෙරණිය මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණයෙන් වසරකට පසු උත්තිය රජ දවස හත්ථාල්හක මෙහෙණිවරදී පිරිනිවන් පෑහ. එමෙන්ම උඳුවප් පෝය වර්ෂයේ අවසන් පොහොය ද වේ.

****

අම්මා

දස මසක් මා කුස දරාගෙන අම්මේ
බොහෝ දුක් ගිනි වින්ද අම්මේ
ලේ කිරි කර මට පෙව් අම්මේ
මම ඔබ රැකගමි පණ සේ අම්මේ

****

පෝදා වරුණ

උඳුවප් පොහොය වර්ෂයේ අවසාන පොහොය යි. ලංකාවාසි බෞද්ධ අපට මෙදින විශේෂ වැදගත් දිනයකි. දේවානම්පියතිස්ස රජුගේ විදේශ ඇමැතිවරයා වූ අරිට්ට ඇමැති දඹදිවට ගොස් සිදුකළ සාර්ථක සාකච්ඡාවලින් පසු දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක අධිරාජයා එකඟ වීය. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී. එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කළේ උඳුවප් පොහෝ දිනයේ ය. ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සසුන පිහිටුවීම ද සිදුවූයේ උඳුවප් පොහොය දිනයේ ය. තවද සිරිපා වන්දනා සමය මෙම පොහෝ දිනයේ දී ඇරැඹෙයි.

****

සොබා දහමේ අපූරු දායාදය

ජල සම්පත අපගේ ජීවය සේ ම මිහිකතේ රුධිරය බඳු ය. එමෙන්ම සොබාදහමේ තවත් අපූරු දායාදයකි. ජලය නොමැති තැන ජීවයක් නැත. එබැවින් ජලය වටිනා සම්පතකි. මුළුමහත් සත්ව ප්‍රජාව සඳහාත්, ගහකොළ සඳහාත් මිරිදිය ජලය ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. එමනිසා වටිනා ජල සම්පත රැක ගැනීමට අප සියලු දෙනාම වගබලා ගත යුත ය.

ජලය වටිනා සම්පතක් බවත්, එය සුරැකිය යුතු බවත් සෑම දෙනාගේ ම කතා බහට ලක් වුව ද අද වන විට ජලය නොමැතිව විවිධ කම්කටොලුවලට මුහුණදෙන්නෝ නැතුවාම නොවන බව අපි දනිමු. වටිනා ජල සම්පත ආරක්ෂා කිරීමට නම් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, අපතේ යන අවස්ථාවන් වළක්වා එයින් ප්‍රයෝජන ගැනීම, වර්ෂා ජලය එක්කොට පිරිසුදු කර භාවිත කිරීම, වැනි දෑ සිදු කළ යුතු ය. මේ වටිනා ජල සම්පත දිවි හිමියෙන් රැක ගන්නට දැන් කාලය එළඹ ඇත.

****

වැස්සක අසිරිය

අහස කළුවරවී ගෙන එන්නේ
වැස්සක් නොව මේ එන්නේ
පුංචි ළමයි සෙල්ලමේ සිටින්නේ
වැස්ස නිසයි ගෙදරට දුව යන්නේ

හෝ හෝ ගාමින් වැස්ස වහිනවා
ගස් වැල් සුළඟට සෙලවෙනවා
අහස ගොරවමින් විදුලි කොටනවා
වළාකුලින් ගෙරවිලි හඬ එනවා

****

නෙලුම් විලක්

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]