[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගියදා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. ජනාධිපතිතුමා සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අටමස්ථානාධිපති නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළහ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නාහිමියන් බැහැදුටු අවස්ථාව.

පූජාභූමි 14 ට සන්නස්පත්‍ර ප්‍රදානය කෙරුණ වගයි

අප මුතුන් මිත්තෝ ඉතිහාසයේ පියගැටපෙළ නිර්මාණය කළෝ ය. අපි ඔවුන්ගේ දරු මුණුපුරන් වෙමු. එකී උරුමයන් මතු පරපුරට ආරක්ෂා කර දීම අපේ වගකීම වන්නේ ය. එදා අපේ රජ දරුවෝ පුදබිම් උදෙසා නින්දගම් ඉඩකඩම් පැවරීම සිදුකළහ. අධිරාජ්‍යවාදී ආක්‍රමණයත් සමඟ විහාරස්ථානවල ඉඩකඩම් අක්කර ලක්ෂ ගණන් අහිමි විය. ඒවා නැවත විහාරස්ථානවලට පවරා ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරීමේ කටයුතු විටින් විට සිදු කෙරෙමින් පවතී. එහි දිගුවක් ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය මඟින් ඉකුත් 25 වැනි දා විහාරස්ථාන දාහතරක් පූජාභූමී බවට ප්‍රකාශයට පත්කළ සන්නස් පත්‍ර ප්‍රදානය අරලියගහ මන්දිරයේ දි සිදුකෙරිණි. රත්නපුර කූරගල රාජමහා විහාරය, කුරුණෑගල නිකසලා නුවර රාජමහා විහාරය, මැද්දේපොල රාජමහා විහාරය, බිංගිරිය දේවගිරි රාජමහා විහාරය, කොටහේන පරමානන්ද පුරාණ විහාරය, කෑගල්ල මාම්පිට ගල්ලෙන් රාජමහා විහාරය, අම්පාර මගුල් මහා විහාරය, පියංගල රාජමහා විහාරය, මාතර කොළවෙනිගම රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ඇතානැඟි කන්ද පුරාණ රාජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, සංඛමලේ රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ආසිරිකන්ද රාජමහා විහාරය, ත්‍රිකුණාමලය නාගලෙන රාජමහා විහාරය යන විහාරස්ථාන ඒ අතර විය. ලංකාවේ පළමු පූජාභූමි සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙන්ම වැඩිම පූජාභූමි ගණනක් ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කළ අමාත්‍යවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ප්‍රදානය සිදුවීම ද විශේෂත්වයක් විය.


උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]