[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දැවෙන බව දැන දැන ම ගිනි ගොඩට පනිනවා ද?

“සුපින්වත්නි”, අප බුදුරදුන් ජීවමානව වැඩසිටින සමයේ දෙව්රම් වෙහෙරට නොයෙක් දෙසින් මහා සංඝරත්නය නිතර වැඩම කරවති. එසේ වැඩමවන කීප නමකට එක් ගමක සැදැහැවත් පිරිසක් දන් පිළියෙළ කළහ. එසේ දන් පිසින කාන්තාවක් මාළු බදින කල පියස්සට ගිනි ඇවිලී ගත්තේ ය. එයින් අහසට නැඟි ගිනි දැලක් වැදී කපුටෙක් දැවී බිමට වැටුණේ ය. මේ සිද්ධිය දුටු භික්ෂු පිරිස එම කපුටා පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් විමසා දැන ගැනීමට සිතූහ. තවත් කීප නමක් නැව් නැඟ යන අතර නැව මුහුද මැද නැවතී සිටියේ ය. මෙහිදී බොහෝ දෙනා මේ නැවේ පිරිස අතර අභාග්‍ය පුද්ගලයෙක් ඇතැයි අවධාරණය කළහ. නැවියා එම අදහස අනුව පිරිස පරික්ෂා කරන්නට කුසපත් ඇද්දේ ය. එම කුසපත හෙළුණේ නැවියාගේ බිරිඳටය. දෙවැනි තුන්වැනි වරද ඇයට ම හෙළුණේ ය. නැවියා පිරිසකගේ ජීවිත බේරා ගැනීම සඳහා තමාගේ රූමත් බිරිඳගේ ගෙල වැලි කළයක් බැඳ මුහුදට දැම්මේ ය. භික්ෂූන් වහන්සේ මේ කාරණයට සම්බන්ධ ඇයගේ පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් දැන ගන්නට සිතූහ. තවත් සත් නමක් මග ගල්ලෙනක ලැගුම් ගෙන රාත්‍රියෙහි සැතපුණහ. මැදියම් රාත්‍රියෙහි මහ ගලක් ගැලවී, පෙරළී ගල්ලෙන දොර වැසී ගියේ ය. අවට ජනයා එම ගල අයින් කරන්නට ඉමහත් වෙහෙසක් ගත් නමුත් නොහැකි විය. එම හත්නමට හත්දිනක් ගතවන තුරු කිසිම ආහාරයක්, පැන් ටිකක් ගැනීමට නොහැකිව කුසගින්නේ හිරවී ඉන්නට සිදුවිය. සත්වැනි දින ගල ඉබේම ඉවතට පෙරළිණ. එයින් සොම්නසට පත් සියලුදෙනා එම සඟුනට දන් පැන් පූජා කළහ. එම භික්ෂූන් වහන්සේ එවැනි ගැහැටක් විඳීමට පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් දැන ගැනීමට සිතූහ. මෙම භික්ෂූන් වහන්සේ සියලු දෙනාම තමන් විසින් අතරමඟ දී දුටු සිද්ධීන් ප්‍රකාශ කොට එම කර්මවලට හේතු මොනවාදැයි බුදුරදුන්ගෙන් විමසූහ. අප බුදුරජාණන් වහන්සේ එකින් එක විස්තර කර පහදා දුන් සේක. පෙර කලෙක සීසෑමේ යෙදී සිටි ගොවියෙක් අලසව සීසෑමට නොඑන හරකකු දැක කුපිතව හරකාට තළා පෙළා පිදුරුවලින් ගෙල ගිනිලා නැසීය. එම ගොවියා මරණින් මතු නිරයේ දුක්විඳ යළි කවුඩුව ඉපිද සියක් අත්බැව්හි ගින්නෙන් දැවී නැසුණ බව වදාළ සේක.


උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]