[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර සියයක් පිරීම නිමිත්තෙන් පසුගියදා පැවති ශතකාභිමානී උත්සවයේ දී බෞද්ධ සන්නිවේදනයේ යෙදෙන මාධ්‍යවේදීන් කීපදෙනෙක් ඇගයීමට ලක්විය. එහි දී බුදුසරණ හිටපු කර්තෘ දැනට බෞද්ධයා මාධ්‍යජාලයේ සේවයේ නියුතු බෞද්ධ පත්‍ර කලා විශාරද සීසර් සුදුසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අතින් ශාසනාභිමානී මාධ්‍ය විභූෂණ උපහාර සහතිකය ලබාගත් අයුරු.

පලමුරේ ශ්‍රී බෝධිමාලංකාරාමාධිපති, දීවල ශ්‍රී බෝධිරාජ මහා පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රවේදී මායින්නොළුවේ ධම්මකිත්ති හිමියන් විසින් පසුගියදා ලේක්හවුස් ආයතනයේදී කාව්‍යමය ධර්ම දේශනාවක් පවත්වනු ලැබිණි. අලෙවි අංශයේ ඩබ්ලිව්. අයි. ජයමාලි විජේසිංහ, එච්.කේ. ශ්‍රියාණි, පියුමි චමුදිතා යන මහත්මීන් විසින් මෙම පිංකමේ ප්‍රධාන දායකත්වය දරනු ලැබීය. එහි විවිධ අවස්ථා.

ඓතිහාසික කන්ද විහාරයේ දී මහා සංඝරත්නයට සහ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට බුදුසරණ පුවත්පත ධර්ම දානයක් ලෙස පිරිනැමීම පසුගිය බිනර පොහොය දිනයේ දී සිදුකෙරිණි. ඓතිහාසික කන්ද විහාරාධිපති සහ අමෙරිකාවේ ෆ්ලොරීඩා බෞද්ධ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි සෑම පොහෝ දිනකම සිදු කරන මෙම පින්කමේ දායකත්වය දරනු ලබන්නේ අලුත්ගම සීනවත්තේ ව්‍යාපාරික දේශබන්ධු ගාමිණී සිල්වා මහතා විසිනි. කන්දේ විහාරාධිපති නාහිමියන්ට බුදුසරණ පුවත්පත පිරිනැමූ අවස්ථාව. අලුත්ගම සමූහ - තුසිත කුමාරද සිල්වා

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]