[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන කිරම පේමරතන නාහිමි

තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන කිරම පේමරතන නාහිමි

ගාල්ල ගොඩකන්ද ශ්‍රී සුනන්දාරාමාධිපති, පිළියන්දල ජයබෝධි විහාරයේ භාරකාර, විශ්‍රාමලත් සහකාර විදුහල්පති, විද්‍යාකීර්ති ශ්‍රී, ශාස්ත්‍රපති කිරම පේමරතන නාහිමි ලාංකීය බෞද්ධ සමාජය අර්ථයෙන් හා ධර්මයෙන් පෝෂණය කිරීම සඳහාත් ශාස්ත්‍රීය ඥානයෙන් පිරිපුන් ගුණනැණින් හෙබි අනාගත පරපුරක් නිර්මාණය කිරීම සඳහාත් රට, දැය, සමය, සංස්කෘතිය සුරක්ෂිත කිරීම සඳහාත් අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් අමිල වූත් අපරිමිත වූත් සේවයක යෙදී සිටින මහා යතිවරයාණන් වහන්සේ නමකි.

සුපේශල ශික්ෂාකාමීත්වයෙන් හෙබි උන්වහන්සේ තමන්ගේ ධර්ම ඥානය වර්ධනය කර ගනිමින් ශාස්ත්‍රවේදී උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ද, ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ද ලබා ගනිමින් සම්බුද්ධ ශාසනයට අමිල සේවයක් සිද්ධ කරන සේක. මීපාවල හේමාලෝක ගුරු හිමියන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 2007 වසරේ සිට ගාල්ල ගොඩකන්ද සුනන්දාරාම විහාරයේ අධිපතිත්වය දැරීමත්, පිළියන්දල සුවාරපොල සුමංගල දහම් පාසල පිහිටි බිමෙහි 2002 වර්ෂයේ ශ්‍රී ජයබෝධි විහාරය ආරම්භ කොට සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමත් ගොඩකන්ද හිමරතන දහම් පාසලේ සහ සුවාරපොල සුමංගල දහම් පාසල යන දහම් පාසල්වල ප්‍රධානාචාර්ය ධූරය දැරීම විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

උන්වහන්සේගේ ලෝක ශාසනික සේවය අගය කළ මල්වතු මහා විහාරයෙන් ශාස්ත්‍රපති අක්මීමන ශ්‍රී පඤ්ඤාසාර නායක ස්ථවිරයන් ගාලූ, මාතර, හම්බන්තර තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත්වීමෙන් පුරප්පාඩු වූ තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය සද්ධර්ම කීර්ති ශ්‍රී හිමරතන ගෞරව නාමය සහිතව කිරම පේමරතන නාහිමියන් වෙත පිරිනමා ඇති බැවින් ඒ පිළිබඳ සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය 2022 දෙසැම්බර් 16 වන දින පස්වරු 2 ට මහනුවර මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]