[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

තිස් කල්පයක් පුරා දෙව් මිනිස් සැප ලබන පින් පිරුණු පින්කමක්

පාවානුවරවාසි තිස්නමක් වූ භික්ෂූන් පිරිසක් සාකේත නුවර වස් වසා තෙමසක් ඇවෑමෙන් පවාරණය කොට තථාගත බුදුරජාණන් වහන්සේ දැකීමට සැවැත්නුවරට වැඩම කළා. උන්වහන්සේ පැමිණියේ මඩවගුරු ආදියෙන් පිරුණු දුෂ්කර මාර්ගයකයි. සිවුරුවල මඩ තැවරී, තෙතබරිත වී පැමිණි ඒ සඟ පිරිස ඉතාමත් ම අපහසුවට පත්ව සිටියා. මේ කරුණු හේතුකොටගෙන යි බුදුරජාණන් වහන්සේ විසින් කඨින චීවරයක් පිළිගන්නට භික්ෂූන්ට අනුදැන වදාළේ. කඨිනයක් පිළිගත හැක්කේ ඇසළ පුර පෝය දිනයේ පෝය විනය කර්මය කොට, ඊට පසුදිනයේ හෙවත් ඇසළ අවපෑලවිය දිනයේ වස් සමාදන් ව වස්සච්ඡේදනය කරගන්නේ නැති, එහෙම නැතිනම් වස් ශික්ෂාව ආරක්ෂා කොට ගෙන වප්පුර පෝය දින මහා පවාරණයෙන් වස් පවාරණය කළ උපසම්පදා භික්ෂූන්ට යි. මේ කාමාවචර ලෝකයේ කළ යුතු මහා බලගතු පින්කම් අටක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්නා. එයට අටමහා කුසල් කියනවා. එම පින්කම් අට මෙහෙම යි. කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස සාදා පූජා කිරීම, ධර්මය ලියා පළ කිරීම, බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි, කැසිකිළි කරවීම. මේ සඳහන් කළ අටමහ කුසල් අතර පළමු තැන හිමි වන්නේ කඨින චීවර පූජාවටයි. කඨින චීවර පූජාව කළ සැදැහැවතුන්ගේ ගති නියත යි. ඔවුන්ට කාම සුගති ප්‍රතිසන්ධිය ලැබෙනවා. සසර කඨින පින්කම් කරපු පින්වතුන් දෙව්ලොව හරි, මිනිස් ලොව හරි උපන්නොත් අනිත් දෙවිමිනිසුන් අභිභවා ඉහළ සම්පත් විඳිනවා. පින්වතුනි, ඔබ අප ජීවත්වන මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. බුදුරජාණන් වහන්සේ පස් නමක් බුදුවන කල්පය නිසා.


පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]