[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මනරම් බෙන්තර ගඟ මායිමේ පිහිටි බෝධි සමීප භීමතිත්ථ රාජමහා විහාරය

බස්නාහිර පළාත පසුකර බෙන්තර පාලම මතින් දකුණු පළාතට ඇතුළුවන මුවදොරේ මනරම් කඳු ගැටයක් මත සුන්දර මනස්කාන්ත බෙන්තර ගංගාවට සමීපයේ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයට නුදුරින් මෙම බෝධි සමීප භීමතිත්ථ රාජමහා විහාරය පිහිටා තිබේ. සද්ධාතිස්ස රජ සමයේ බෙන්තොට අරඹා තිබෙන පංච මහා විහාරයන් අතර ඇති ඉපැරැණි විහාරයකි. මෙම විහාරය පසුකාලීනව විදේශ ආක්‍රමණවලට යටත්ව වල් බිහි වූ අයුරු ඉතිහාසයේ සඳහන් වුවත් බෙන්තර ඉතිහාසයේ ආරම්භ වූ රජ මහා විහාර අතරින් මෙකී විහාරය ඉන් එකක් බව සඳහන් වේ. පසුකාලීනව මෙම රාජමහා විහාරය ගොඩනැඟීමේ පුරෝගාමීත්වය බෝධිමලුවේ පාරිශුද්ධ මාහිමියන්ගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන බව ඉතිහාසයේ සඳහන් බව වත්මන් නාහිමියෝ පවසා වදාළහ. මෙම විහාරය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව ආරම්භ කිරීමේ දී මුලිකත්වය ගෙන කටයුතු කළ මහ තෙරවරුන් අතර වැඩ සිටි අපවත් වී වදාළ බෙන්තර අත්ථදස්සි මාහිමිපාණන් වසර ගණනාවක් විහාරාධිපති ධූරය හෙබ වූ අතර පොතුවිල ඉන්ද්‍රජෝති, යාත්‍රාමුල්ලේ ධම්මාරාම, පයාගල සෝමාලංකාර, කලුතර සෝමාරාම, බෙන්තර මංගල, බෙන්තර සෝමසිරි, ඕපාත විමලසිරි යන යතිවරුන් මෙම නාහිමි ධුරය හොබවා 1834 මුල් භාගයේ සිට ආගමික හා ශාසනික සේවාවන් මෙම විහාරය මුල් කොට සිදු කොට තිබේ. හෙළ වෙදකමේ කෙළ පැමිණි එවකට විහාරාධිපති ධුරය හෙබ වූ පොතුවිල ඉන්ද්‍රජෝති මාහිමියන් කරන ලද දේශීය හෙළ වෙදකම්වලින් සුවපත් වූ විවිධ පුද්ගලයන් අතරින් පරිත්‍යාගයන් කර ඇති, අද දක්වාම උන්වහන්සේ සිහිවීම පිණිස කර ඇති දඹරන් පිළිම වහන්සේ ඇලබඩ ඉන්ද්‍රජෝත්‍යාරාමයේ ඉපැරැණි වස්තුවක් ලෙස සුරැකිව තිබෙන බව නාහිමි කීහ.


පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]