[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනික ජාතක කතාව ඇසුරිනි

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

කෙලෙසුන් කෙරෙන් දුරු වූ කල ලැබෙන අසීමිත සුවය

ලොව පහළ වූ සෑම සියලු ආගමකින් ම කිසියම් නිදහස් වීමක්, විමුක්තියක් කරා පුද්ගලයා යොමු කරවනු ලැබේ. බ්‍රහ්මජාල සූත්‍රයේ දී පංචදිට්ඨ ධම්ම, නිබ්බාණවාද යනුවෙන් විවිධ විමුක්තීන් ගැන ඉගැන්වූ වාද පහක් පිළිබඳ සඳහන් වෙයි. බුදුදහම පෙන්වා දෙන විමුක්තිය හැඳීන්වෙන්නේ නිර්වාණ (නිබ්බාණ) නිවන යන නමින් ය බුදු දහම තුළ ඉගැන්වෙන පරම, නිෂ්ටාව නිර්වාණය යි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසේ ම අවසානික පරමාර්ථය නිර්වාණය යි. අභිධර්මයට අනුව සතර පරමාර්ථ ධර්ම අතුරෙන් සිව්වන පරමාර්ථය ද නිර්වාණය යි.බුදුවරුන් ලොව පහළ වනුයේ එකී නිර්වාණගාමී මාර්ගය ලොවට හෙළි පෙහෙළි කර දීමට ය. මේ ඒ පිළිබඳ සංක්‍ෂිප්ත සටහනකි. නිර්වාණය වූ කලි පරම සුවයකි නිරාමිස අත්දැකීමකි. ඒ පිළිබඳ අපට බුද්ධ දේශනාව ඇසුරෙන් කරුණු දක්වනු විනා නිර්වචන ඉදිරිපත් කළ නොහැකි හෙයින් අනිර්වචනීය වේ. වචනයෙන් නිවනෙහි ස්වභාවය පැහැදිලි කිරීම අපහසු බැවින් අවාචී‍ය වේ. එය අවේදයිත සුවයෙකි. පරම සත්‍යයකි. සංයුත්ත නිකායෙහි අසංඛත සංයුත්තයෙහි නිවන හැඳීන්වීමට යෙදෙන පර්යාය පද 33ක් මෙසේ දැක්වේ.

අනුන්ට උපකාර කරන අයට සොබාදහමත් රැකවරණය දෙනවා

පෙර ලංකාද්වීපයේ පිහිටා තිබුණා දණ්ඩගෝණ නම් ගමක් කුඹුරු, වැව්, පොකුණු, අමුණු ආදියත්, මහා වනාන්තරයකුත් මේ ගම අලංකාර කළා. ගම් වැසියන් ජීවත්වීමට කළේ කුඹුරු ගොවිතැන, හේන් ගොවිතැන් සහ ගවපාලනය ආදිය යි. මීකිරි විකුණා තම අඹුදරුවන් රක්ෂා කරන ගොපල්ලෙක් හිටියා. කඩිසර ගතියෙන් වගේම කරුණාව පිරුණු හදවතකින් ද යුක්ත අයෙක්. බිරිඳටත්, දරුවන්ටත්, නෑදෑයන්ටත්, අසල්වැසියන්ටත්, හිතවතුන්ටත් උදව් උපකාර කරමින්, දුකේ දී පිහිට වෙමින් ධර්මානුකූල ජීවිතයක් ගත කළා. කිසිම වංචාවක් කළේ නෑ. සත්‍ය වචන කතා කළා. කියන දේ කළා. මේ ගොපල්ලා දවසක් වෙනදා වගේ ම බිරිඳ උයාදුන් කෑම පාර්සලයත් අරගෙන ගවයන්ට තණ කැවීමට මහා වනයට ඇතුළු වුණා. මේ කැලයේ ජීවත් වුණා කාණසිගාල කියන සිවලෙක්, ගමේ මිනිස්සු ඌ දකින විට කතා කරන්නේ. ‘කාණසිගාල’ කියලා. එක ඇසක් අන්ධ වෙලා තිබුණ නිසා මේ නම පටබැඳිලා තිබුණා. දවසක් මේ සිවලාට හොඳට ම බඩගිනි හැදිලා ගොදුරු හොයා ගිහින්. කෑමට කිසිම දෙයක් හමුවෙලා නෑ. ඌට බඩගින්න ඉවසා ගන්න ම බැරි වෙලා. මෙහෙම ඉන්න සිවලාට දකින්න ලැබිලා ඉත්තෑවෙක්. උගේ මස් ටිකක් හරි ගන්නට උත්සාහ ගන්න ඕන කියලා හිතලා ඌ අල්ලා ගන්නට ගිහින් ඉත්තෑවා තමාගේ ශරීරය සොලවලා එයින් ඉත්තෑ කූරු සතුරාට එරෙහිව පිටට විදලා. සිවලාගේ එක් ඇහැක එකක් වැදිලා උගේ ඇහැක් අන්ධ වෙලා'යි කියමින් කාණසිගාලයාගේ ඇහැ අන්ධවීමට හේතුවත් ගමේ මිනිසුන් කියන්න පටන්ගෙන තිබුණා.

බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක

සියලු කෙලෙසුන් දුරු කළ බැවින් ද, කෙලෙස් සතුරන් නැසූ බැවින් ද, සංසාර චක්‍රයාගේ ගරාදි බිඳ ලූ බැවින් ද, සිව් පස ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ බැවින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද බුදුරජාණන් වහන්සේට අරහං යයි කියති. බුදුරජාණන් වහන්සේ තරම් වැඳුම් පිදුම් කිරීමට ගරු බුහුමන් කිරීමට සුදුසු වූ වෙතත් කිසි උතුමෙක් නොමැත. තමන් වහන්සේට වඩා ශීලා දී ගුණයෙන් යුතු කිසිවෙක් තුන් ලෝ තලයෙහි ම නැති බැවින් ධර්ම රත්නය ගුරු තනතුරෙහි තබා ගත් සේක. භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනාමානාදිය ලබා ගැනීමට ගරු සැලකිලි ලැබීමට තමන් වහන්සේට වඩා උතුම් වූ, උසස් වූ, හෝ සමාන වූ හෝ කෙනෙක් ඇත්තේ නැත. “වේරඤ්ජ නම් බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ භාග්‍යවතුන් වහන්සේ තමන්ට වඩා වයසින් වැඩි අයකුට ද නොසලකන්නේ ය. ගරු නොකරන්නේ ය. අසුන් පැන වීමක් ද නොකරන්නේ ය. එය එසේ ම ද? යන ප්‍රශ්නයයි. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. බ්‍රාහ්මණය, මවිසින් වෙනත් අයකුට ගරු සත්කාර කිරීම හෝ ආසන පැනවීමක් හෝ නො කළ යුතු ම වන්නේ ය. එසේ සිදු කළොත් ඒ ගරු සත්කාර ලබන පුද්ගලයාගේ හිස කැපී ඇද වැටෙන්නේ තල්ගෙඩියක් නටුවෙන් සිඳී වැටෙන්නාක් මෙනි. බුදුන් වහන්සේ වදාළ සේක. මේ අරහං ගුණයේ මහාර්ඝත්වය විදහා පාන්නකි. බුද්ධත්වයට පෙරත් අරහං ගුණයේ බීජ අවස්ථාවන් දක්නට ඇත.

පරාජයට නොපැරදී ජයග්‍රහණය හඹා යන්න

සැවැත් නුවරවැසි තෙරුන් වහන්සේ නමක් විය. දිනක් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ රහත් බව ලබන පිණිස, භාවනා කර්ම ඉගෙන භාවනාවේ යෙදීම සඳහා වෙනත් නිස්කලංක ප්‍රදේශයකට වැඩියහ. වැඩ විසීමට පිළියෙළ වූ සුදුසු තැනක් දැක එහි වැඩ සිටිමින් භාවනා වඩමින් විසූහ. එසේ වැඩ සිටිමින් තමන් වහන්සේගේ අභිප්‍රාය මුදුන්පත් කැර ගැනීමට වෑයම් කළ ද එය ඉටු කර ගත නොහැකි විය. එසේ වූව ද මේ තෙරුන් වහන්සේ මදකුදු අලස නොවූහ. සිත - කය දෙකෙහි වීර්යය අඩු නො කළහ. රෑ - දවල් දෙකේ භාවනා වැඩීම සඳහා වෙහෙසුණහ. ඒ කිසි උත්සාහයකින් ද, තමන් වහන්සේගේ අදහස් සඵල කැර ගැනීමට නොහැකි විය. භාවනා පිළිවෙත් තවදුරටත් ඉගෙනීම පිණිස බුදුරජාණන් වහන්සේ වෙත යළි යෑමට සිත් විය. එසේ අරමුණු තබාගෙන බුදුරජාණන් වහන්සේ වෙත යෑමට මඟට පිවිසුණහ. එසේ මඟ වඩින තෙරුන් වහන්සේට වඩින මඟ වෙනත් තැනක හට ගැණුනු විශාල වූ ලැව්ගින්නක් පෙනුණි. ලොකු කුඩා දැව දඬු - පරඬලා දැවි දැවී විසිරී දිවෙන ඒ මහ ලැව්ගින්න පැතිරෙන පෙදෙසෙන් වහා ඉවතට ගොස්, ගස් කොළ අතුවලින් නො ගැවසුණ ගල් සහිත කන්දක් දැක එහි මුදුනෙහි ගලකට නැඟ ලැව් ගිනි දෙස බලා සිටියහ. ඒ මහා ගින්නෙන් දවා හඵ කරන, එක සේ දැවෙන මහ වනය දැක උපමා ලෙසින් ගෙන එම තෙරුන් වහන්සේ මෙසේ සිතන්නට වූහ. “අහෝ මේ මහ ගින්න මේ මහ වනයෙහි කුඩා ගස් ද, මහ ගස් ද, දැව දඬු - පරඬලා ද දවා හළු කොට විසරෙන්නේ ය. මේ සසර බැඳුම් ද එසේ වන්නේ යැයි මේ ආකාරයෙන් සිතූහ.

නිකිණි අමාවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]