[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඇල්ලේවෙල ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය

මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවට අයත් ඇල්ලේවෙල ග්‍රාමයේ පිහිටි පෞරාණික බෝධීන් වහන්සේ ඇසුරෙහි ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය ආරම්භ වී ඇත. දුරාතීතයේ ගැමියන්ගේ වන්දනාමාන, පුදපූජා හා බාරහාර කටයුතු සිදු කිරීමට යොදා ගත් මෙම ස්ථානයේ මහනුවර යුගයේ ගණින්නාන්සේලා වැඩ සිටි බව ජනප්‍රවාදගත ව පවතී. ඇසතු බෝ රුක ඇසුරෙහි පිහිටි විහාරස්ථානය යන අරුත් දෙමින් අශ්වත්ථාරාමය වශයෙන් මෙම ස්ථානයේ විහාරස්ථානයක් ආරම්භ කරවන ලද්දේ මූලගිරි සඟ පරපුරට අයත් ඇල්ලේවෙල උපනන්ද මාහිමිපාණන් වහන්සේ විසිනි.වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් දල්වාලු ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් පහතරට ඒකාලෝක කිරීමට දායකත්වය ලබා දුන් මූලගිරි රාජමහා විහාරාධිපති වටරග්ගොඩ ධම්මපාල මාහිමිපාණන් වහන්සේ මූලගිරි සඟ පරපුරෙහි ආදි කර්තෘවරයාණන් වහන්සේ වෙති. වටරග්ගොඩ මාහිමියන්ගේ සිව්වන ශිෂ්‍ය ගංගොඩගම දේවරක්ඛිත හිමියෝ ගුරු දේවයන් ඇවෑමෙන් මූලගිරි විහාරාධිපතීත්වයට පත් වූහ. හබරාදූවේ සෝභිත හිමියෝ ගංගොඩගම හිමියන්ගේ ද්විතීය ශිෂ්‍යවරයාණ වූ අතර කිරම සෝණුත්තර සහ කෝන්ගල සුමන හිමිවරුන්හට ආචාර්යවරයා වූහ. කිරමකෝන්ගල දෙහිමිවරුන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූවෝ ඇල්ලේවෙල උපනන්ද හිමියෝ ය.ඇල්ලේවෙල උපනන්ද මාහිමියන්ට පසු තත්ශිෂ්‍ය බෙරුවේවෙල සරණතිස්ස හිමියන් හා නාරන්දෙණියේ ධම්මරතන හිමියන් මෙහි වැඩ සිටිමින් කාලානුරූපීව විහාරාංග ඉදිකරමින් විහාරස්ථානයකින් ඉටු විය යුතු ශාසනික කටයුතු සිදු කළහ. නාරන්දෙණියේ ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍ය වූ ශාස්ත්‍රාචාර්ය, පණ්ඩිත කෝංගල පඤ්ඤාතිස්ස හිමියන් විහාරස්ථානයේ නූතන නවෝදයේ ආදිකර්තෘවරයන් වහන්සේ වශයෙන් හඳුන්වා දිය හැකි ය.


නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]