ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඇසළ පුර අටවක පෝදා 2022 ජූලි 07 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහිලාමුඛ ජාතක කතාව ඇසුරිනි
ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ. 07 බ්‍රහස්පතින්දා සිල්.
පුර අටවක
ජුලි 07
පසළොස්වක
ජුලි 13
අව අටවක
ජුලි 20
අමාවක
ජුලි 28
ධර්මාශෝක අධිරාජයාණන්ගේ ධර්ම ප්‍රචාරක කි‍්‍රයාදාමයෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව්තුරු ශාන්තිනායක අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ උතුම් ශී‍්‍ර සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කළහ. ලාංකිකයෝ උන්වහන්සේ අනු බුදුවරයකු සේ වන්දනා මාන කරති. මහා මහින්ද මහරහතන් වහන්සේ මිස්සක පවිව පිහිටි මහ වනයෙහි දී ලාංකිය ප්‍රමුඛ පුරවැසියා දේවානම් පියතිස්ස මහ රජතුමා මුණ ගැසිණි. බුද්ධි පරීක්ෂණයක් තුළින් රජ නැණවතකු බව වටහා ගත් උන්වහන්සේ චුල්ල හත්ථිපදෝපම සූත්‍රය රජුට දේශනා කළ සේක. ජාණුස්සෝණි බ්‍රාහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා යහළුවන් දෙදෙනෙකි. හමු වූ අවස්ථාවක දි පිළිසඳර කථා කරන විට පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේගේ ශ්‍රාවකයකු වූ බව දක්වයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ප්‍රඥාවන්තයකු වන බවට තිබෙන සාක්ෂි කවරේදැයි ජාණුස්සෝණි විමසයි. එවිට පිලෝතික පරිබ්‍රාජක කියනුයේ බුදුරජාණන් වහන්සේ “සම්මා සම්බූද්ධ ” වන බවත් උන්වහන්සේ ගේ ශී‍්‍ර සද්ධර්ම “ ස්වාක්ඛාත” වන අතර උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා “ සුපටිපන්න” වනබවත් ඇත් පාදයක් දැක ඇතකු හඳුනා ගන්නාක් මෙන් උන්වහන්සේ හඳුනා ගත හැකි ඤාණ පාද හතරක් වන බව දක්වයි. මහා නැණවත් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක්, ක්ෂතී‍්‍රය පණ්ඩිතයෙක්, ගෘහපති පණ්ඩිතයෙක්, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් උන්වහන්සේ ගම් නියම්ගම්වලට එන බව අසා උන්වහන්සේ හා වාද කිරීමට කරුණු, ගැටලු රාශියක් එකතු කර ගනී. දින සති මාස අවුරුදු ගණන් එකතු කළ එම ගැටුම් පොදිය ගෙන උන්වහන්සේ හා වාද කරන බවට වහසි බස් කියමින් උන්වහන්සේ හමුවීමට යයි. එසේ ගොස් පිළිසඳර කථාවක යෙදී උන්වහන්සේගේ ධර්ම කථාවට සවන් දෙයි. අනතුරුව යළි වාද කිරීමකින් තොරව උන්වහන්සේගේ ශ්‍රාවකයකු වෙයි. මේ කරුණ පදනම් කොටගෙන තමා එසේ කියන බව දක්වයි.
මරණය පරාජයට පත්කිරීම ලෙහෙසි නැත. යමෙක් මරණය පරාජය කොට දිනුම ලබන්නේ නම්, ඔහු ලොව දිනූ පුද්ගලයා ය. ඔහුගේ දිනුම ස්ථිරසාර, නොවෙනස්, අනභිභවනීය දිනුමෙකි. ඉපදෙන මැරෙන මේ ලෝකයෙහි එසේ මරණය දිනූ කෙනෙක් සිටියහ. ඒ ලොව දිනූ භාග්‍යවතුන් වහන්සේ ය. උන්වහන්සේ මරණය දිනූ සේක. අවිද්‍යාව නමැති මහා අඳුරෙන් සියල්ල වසාලයි. තණ්හාව නමැති මහා බන්ධනයෙන් ආශා කළ දෙයෙහි පැටලී වෙළී යයි. එවිට ඔහුගේ දිවිය අවිද්‍යාවෙන් වැසී ඇත්තේ ය. තණ්හාවෙන් බැඳී ඇත්තේ ය. කර්මයෙන් සිර වී ඇත්තේ ය. එවැන්නකුට යළි යළි උපතත්, මරණයත් හැර අන් කුමක් ලබන්නට ද. භාග්‍යවතුන් වහන්සේ ඒ අවිඳු අඳුර නසා ආලෝකය උපදවා ගන්නටත්, තණ්හාවේ අදිසි යදම් සිඳ බිඳ එයින් නිදහස් වෙන්ටත්, කර්මයේ සියලු බලපුළුවන්කාරකම් බිඳ දමන්ටත් සමත් වූ සේක. ඒ සියල්ල කර ගනු ලැබුවේ තමන් වහන්සේ විසින් ම විමසා බලා සොයා ගන්නා ලද අංග අටකින් යුතු ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර ගැනීම නිසා ය. භාග්‍යවතුන් වහන්සේ එතැනින් නොනැවතුණු සේක. උපත හා මරණයට පටලැවී, සිරවී අනේක ආත්මයන්හි රඳවමින්, අනන්ත දුක් කම්කටොලු ලැබ දෙන මේ ජීවිත රටාවෙන් නිදහස් වීමේ අද්භූත අත්දැකීම ලෝ සත ඉදිරියේ හෙළි පෙහෙළි කර දුන් සේක. එය වටහා ගැනීමට දක්ෂ වූවෝ උපත හා මරණයෙන් පිටතට පැනගත්තාහු ය. පුද්ගලයකුට වෙනත් ලොවක උපදිනු පිණිස මරණය විසින් දොර හැර දෙන නමුත් ඔහු සමඟ මෙලොව ගතකළ අය ඔහුගේ වියෝව හේතුවෙන් බොහෝ දුක් විඳිත්. පි‍්‍රය විප්‍රයෝගයෙනුත්, අපි‍්‍රය සම්ප්‍රයෝගයෙනුත් පහස්නා ලද ඔවුහු හෙළනා කඳුළු මෙ පමණකි’යි කිව නොහැකි ය.
“නානත්ත කායා නානත්ත සඤ්ඤා” සත්වයා නම් කයින් ද, සිතින් ද විෂම ය. ශාරීරික වශයෙන් සෑම දෙනාගේ ම මුහුණු එකම අයුරින් පවතී. නාසය, කට, ඇස්දෙක, කන් දෙක, මේ ආදී වශයෙනි.සියල්ලන්ට ම ඒවා ඇති මුත්, මුහුණු 10 ක් ගතහොත් දහ දෙනා දහ ආකාරයක් වශයෙන් වෙනස්ව හඳුනා ගැනීමට පුළුවන. එකම කුසෙහි උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් පවතී. නිවුන් සහෝදරයන්ව උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් දක්නට ලැබේ. ශාරීරික වශයෙන් වෙනස් වන සත්වයා මානසික වශයෙන් ඊටත් වඩා වෙනස්වන බව බුදු දහමේ පැහැදිලි වේ. සියලුම සත්වයින් චරිත වශයෙන් කොටස් හයකට බෙදෙනු ඇත. රාග, ද්වේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක වශයෙනි. එම හයෙන් එකකට හෝ කිහිපයකට සත්ත්වයා අයත් වනු ඇත. ඒ අනුව සත්වයාගේ මනෝ භාවයන් විවිධ ව, විශම ව පවතින අයුරු පැහැදිලි වේ. සත්වයා හොඳ - නරක දෙකේ සංකලනයක් වුව ද සමහර අයට පවතින්නේ නොහොඳ පමණි. එවැනි චරිත බොහොමයක් බුදු දහම තුළ විවරණය වේ. එවැනි චරිතවල ගති ලක්ෂණ හඳුනාගෙන ඒවා තුළින් වර්තමාන සමාජයට පණිවිඩයක් දීම මෙම ලිපියෙහි අරමුණ වන්නේ ය. ඒ සඳහා හොඳම කතා පුවතක් ලෙස මට්ඨකුණ්ඩලි කතා වස්තුව පෙන්වා දීමට පුළුවන. මට්ටකුණ්ඩලී කතා පුවත ඇතුළත් වන්නේ “බෞද්ධයාගේ අත් පොත නම් වූ ධම්ම පදයේ පළමු වග්ගය වන යමක වග්ගයේ දෙවැනි ගාථාවටයි. බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පරිවර්තනය කරන ලදී. දඹදෙනි යුගය තුළ ලියැවෙන විශිෂ්ඨතම ධර්ම ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාවලිය රචනා කරන්නේ ධර්මසේන හිමියන් විසිනි. එම සද්ධර්මරත්නාවලිය ලිවීමට එහිමියන් ගුරු කොට ගන්නේ පාලි ධම්මපදට්ඨ කතාවයි. ධර්මසේන හිමියන් ධම්මපදට්ඨ කතාවේ අරුත් පමණක් ගෙන තමන්ට ආවේණික වූ සිංහල බසින් සද්ධර්ම රත්නාවලිය රචනා කළහ. එම සද්ධර්ම රත්නාවලිය ලිවීමේ අරමුණ වශයෙන් ධර්මසේන හිමියන් පවසන්නේ, “යම් කෙනෙක් නුවණ මදවත් කුසකච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම්හි හැසිර නිවන් සාදා ගනිත් නම්, එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ” ආදී වශයෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ සාමාන්‍ය වැසියාට බුදු දහම අවබෝධ කරවීමටත්, ධර්මෝපදේශ ලබා දෙමින් පොදු ජනයා කුසලයෙහි හැසිරවීමටත් බවයි. සමාජයට චර්යාමය වෙනසක් ඇති කර ගැනීම උදෙසා බොහෝ ධර්ම කරුණු අන්තර්ගත වේ.
ඇසළ පුර අටවක පෝය දින
පිහිට පතයි
ඉතිරිය»
ආමගන්ධය පිළිබඳ සැබෑ බුද්ධ වචනය
පවිටු මාරයාට පාඩමක්
මහා තළාක විහාරවාසී අභය තෙරුන්ගේ කතාව": සොරකමට දුන් අපූරු දඬුවම
ගත සිත පුබුදන පින් වැඩෙන පින්කම්
දුටුගැමුණු මහ රජතුමා 70 කොටස: විජිතපුර බලකොටුවේ තර කරන්න
පහන් සිතක කවි
පින් වැඩෙන පින්කෙත අනුරාධපුර පූජනීය අටමස්ථානය
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]