[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

නිදහස් චින්තනයෙන් සැබෑ වෙනසකට පූර්විකාවක්...

ධර්මාශෝක අධිරාජයාණන්ගේ ධර්ම ප්‍රචාරක කි‍්‍රයාදාමයෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව්තුරු ශාන්තිනායක අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ උතුම් ශී‍්‍ර සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කළහ. ලාංකිකයෝ උන්වහන්සේ අනු බුදුවරයකු සේ වන්දනා මාන කරති. මහා මහින්ද මහරහතන් වහන්සේ මිස්සක පවිව පිහිටි මහ වනයෙහි දී ලාංකිය ප්‍රමුඛ පුරවැසියා දේවානම් පියතිස්ස මහ රජතුමා මුණ ගැසිණි. බුද්ධි පරීක්ෂණයක් තුළින් රජ නැණවතකු බව වටහා ගත් උන්වහන්සේ චුල්ල හත්ථිපදෝපම සූත්‍රය රජුට දේශනා කළ සේක. ජාණුස්සෝණි බ්‍රාහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා යහළුවන් දෙදෙනෙකි. හමු වූ අවස්ථාවක දි පිළිසඳර කථා කරන විට පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේගේ ශ්‍රාවකයකු වූ බව දක්වයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ප්‍රඥාවන්තයකු වන බවට තිබෙන සාක්ෂි කවරේදැයි ජාණුස්සෝණි විමසයි. එවිට පිලෝතික පරිබ්‍රාජක කියනුයේ බුදුරජාණන් වහන්සේ “සම්මා සම්බූද්ධ ” වන බවත් උන්වහන්සේ ගේ ශී‍්‍ර සද්ධර්ම “ ස්වාක්ඛාත” වන අතර උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා “ සුපටිපන්න” වනබවත් ඇත් පාදයක් දැක ඇතකු හඳුනා ගන්නාක් මෙන් උන්වහන්සේ හඳුනා ගත හැකි ඤාණ පාද හතරක් වන බව දක්වයි. මහා නැණවත් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක්, ක්ෂතී‍්‍රය පණ්ඩිතයෙක්, ගෘහපති පණ්ඩිතයෙක්, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් උන්වහන්සේ ගම් නියම්ගම්වලට එන බව අසා උන්වහන්සේ හා වාද කිරීමට කරුණු, ගැටලු රාශියක් එකතු කර ගනී. දින සති මාස අවුරුදු ගණන් එකතු කළ එම ගැටුම් පොදිය ගෙන උන්වහන්සේ හා වාද කරන බවට වහසි බස් කියමින් උන්වහන්සේ හමුවීමට යයි. එසේ ගොස් පිළිසඳර කථාවක යෙදී උන්වහන්සේගේ ධර්ම කථාවට සවන් දෙයි. අනතුරුව යළි වාද කිරීමකින් තොරව උන්වහන්සේගේ ශ්‍රාවකයකු වෙයි. මේ කරුණ පදනම් කොටගෙන තමා එසේ කියන බව දක්වයි.


ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]