[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඉපදෙන මියයන ඉරණමට හසුනොවී මරණය පරාජය කරන හැටි

මරණය පරාජයට පත්කිරීම ලෙහෙසි නැත. යමෙක් මරණය පරාජය කොට දිනුම ලබන්නේ නම්, ඔහු ලොව දිනූ පුද්ගලයා ය. ඔහුගේ දිනුම ස්ථිරසාර, නොවෙනස්, අනභිභවනීය දිනුමෙකි. ඉපදෙන මැරෙන මේ ලෝකයෙහි එසේ මරණය දිනූ කෙනෙක් සිටියහ. ඒ ලොව දිනූ භාග්‍යවතුන් වහන්සේ ය. උන්වහන්සේ මරණය දිනූ සේක. අවිද්‍යාව නමැති මහා අඳුරෙන් සියල්ල වසාලයි. තණ්හාව නමැති මහා බන්ධනයෙන් ආශා කළ දෙයෙහි පැටලී වෙළී යයි. එවිට ඔහුගේ දිවිය අවිද්‍යාවෙන් වැසී ඇත්තේ ය. තණ්හාවෙන් බැඳී ඇත්තේ ය. කර්මයෙන් සිර වී ඇත්තේ ය. එවැන්නකුට යළි යළි උපතත්, මරණයත් හැර අන් කුමක් ලබන්නට ද. භාග්‍යවතුන් වහන්සේ ඒ අවිඳු අඳුර නසා ආලෝකය උපදවා ගන්නටත්, තණ්හාවේ අදිසි යදම් සිඳ බිඳ එයින් නිදහස් වෙන්ටත්, කර්මයේ සියලු බලපුළුවන්කාරකම් බිඳ දමන්ටත් සමත් වූ සේක. ඒ සියල්ල කර ගනු ලැබුවේ තමන් වහන්සේ විසින් ම විමසා බලා සොයා ගන්නා ලද අංග අටකින් යුතු ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර ගැනීම නිසා ය. භාග්‍යවතුන් වහන්සේ එතැනින් නොනැවතුණු සේක. උපත හා මරණයට පටලැවී, සිරවී අනේක ආත්මයන්හි රඳවමින්, අනන්ත දුක් කම්කටොලු ලැබ දෙන මේ ජීවිත රටාවෙන් නිදහස් වීමේ අද්භූත අත්දැකීම ලෝ සත ඉදිරියේ හෙළි පෙහෙළි කර දුන් සේක. එය වටහා ගැනීමට දක්ෂ වූවෝ උපත හා මරණයෙන් පිටතට පැනගත්තාහු ය. පුද්ගලයකුට වෙනත් ලොවක උපදිනු පිණිස මරණය විසින් දොර හැර දෙන නමුත් ඔහු සමඟ මෙලොව ගතකළ අය ඔහුගේ වියෝව හේතුවෙන් බොහෝ දුක් විඳිත්. පි‍්‍රය විප්‍රයෝගයෙනුත්, අපි‍්‍රය සම්ප්‍රයෝගයෙනුත් පහස්නා ලද ඔවුහු හෙළනා කඳුළු මෙ පමණකි’යි කිව නොහැකි ය.


ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]