[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පින් වැඩෙන පින්කෙත අනුරාධපුර පූජනීය අටමස්ථානය

වර්තමාන ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ අගනගරය අනුරාධපුරය යි. අනුරාධපුරයේ ආරම්භය ක්‍රි.පූ. සයවැනි සියවස තෙක් ඈත අතීතයට දිව යයි. විජය රජුගේ ඇමතියකු වූ අනුරාධ නැමැත්තා ස්වකීය නාමය මුල් කොටගෙන අනුරාධගාම නමින් ග්‍රාමයක් ඉදි කළේ ය. එයට වසර කිහිපයකට පසුව තවත් අනුරාධ නම් කුමරෙක් වාසස්ථානයක් හා වැවක් ද තනාගෙන එහිම විසුවේ ය. අනුරාධ ග්‍රාමයේ ආරම්භය ගැන කරුණු දක්වන මහාවංසය අනුරාධ නම් කුමරුන් දෙදෙනකුට වාසභූමි වීම හා අනුරාධ නම් නැකතින් ඉදිකරවීම යන කරුණු සඳහන් කරයි. 11 වැනි ශත වර්ෂය මුල දී සිංහල රාජ්‍යය සොළීන්ට යටත් වන තෙක්ම කෙටි කාලයක් හැරුණුවිට සෑම රජකුගේ ම වාසස්ථානය වූයේ අනුරාධපුරය යි. එබැවින් එදා එය ශ්‍රී ලංකාවේ අගනුවර ද වූයේ ය. පුරාතනයේ පටන්ම ලංකාවේ ප්‍රධාන සිද්ධස්ථාන වශයෙන් සැලකෙන සොළොස් තැනක් ( 16) තිබෙන බව මහියංගනං නාගදීපං යනාදී පාලි ගාථාව අනුව පෙනේ. මෙම සිද්ධස්ථාන දහසය අතුරෙන් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය හා සේල චෛත්‍යය යන ස්ථාන හතම පිහිටා තිබෙන්නේ ඵෙතිහාසික අනුරාධපුර ශුද්ධ නගරයේ ය. අනුරාධපුරය ආශි‍්‍රතව පිහිටා ඇති අටමස්ථානය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේ දී අටමස්ථානය නමින් හැඳින් වූ සිද්ධස්ථාන කලින් කල වෙනස්වී ඇති බව දත හැකි ය. ප්‍රථමවරට අටමස්ථානය යන වචනය සඳහන් ව ඇත්තේ දඹදෙණි සමයේ රචිත පූජාවලියෙහි ය. ඒ මෙසේ ය. අනුරාධපුර නුවරට වැඩ දකුණු මහ සෑය පිහිටි තැන මහමෙවුනා උයන් මැද, ශ්‍රී මහා බෝධිය පිහිටි තැන, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත් ලා ගෙය පිහිටි තැන, දන්තාදර නම් පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, පතස් භූමියෙහි රුවන්වැලි මහ සෑය පිහිටි තැන, මිහින්තලයෙහි මහ සල සෑය පිහිටි තැන යැයි යන මේ අටමස්ථාන ය.

ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]