[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිස්සක පව්වට අපි යන      ගමනේ
කියමින් බුදුගුණ සූවිසි       වරුණේ
අනුබුදු හිමි ගුණ සිහිකර     නිතිනේ
අරහත් මාහිමි වඳිනෙමු      ඉතිනේ
- ගාමිණි ජයලත් තල්දෙන

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

දුෂ්කරතා පැමිණියත් මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය අඩුපාඩුවකින් තොරව පවත්වනවා

ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිම

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ශ්‍රී ලංකාවාසී අප හැමදෙනාගේ ම ගත සිත සුවයට මහත් අස්වැසිල්ලක් ලෙස අදත් අපට දැනේ. එදා මේ රටේ විසූ බොහෝ ජන කොටස්වලට ද එය එසේම වන්නට ඇති. එසේ කියන්නේ උන්වහන්සේ දේශනා කළ නවතම දහම ඕනෑම ජන සමාජයක නිවීම සැනසීම පිණිස හේතු වූ දයාව, කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම වැනි මානුෂික ගුණාංග මිනිස් හදවත් තුළ තහවුරු වන ආකාරයේ දහමක් වූ නිසා ය. එදා පොසොන් පුර පසළොස්වක පෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේ සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමි උපාසකතුමාත් මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ. ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහම බෙදා දුන් ඓතිහාසික පුණ්‍ය භූමිය මිහින්තලා පුදබිමයි. එදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කර ලංකාවේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළේ මේ පුණ්‍ය භූමියේ දී යි. ඒ ලෝකයේ පළමු වාචික බුද්ධි පරීක්ෂණය සිදු වූ පුණ්‍යවන්ත දිනයයි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න දෙකක් අසන ලදී. ඒ අප කවුරුත් දන්නා අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය යි. එදා එම සංවාදය වූ ස්ථානයේ අද සේල චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටිති.

විමසිලිමත් බව පසුතැවිලි නැති කරයි

න තං කම්මං කතං සාධු - යං කත්වා නානු තප්පති - යස්ස අස්සුමුඛො රොදං - විපාකං පටිසෙවති, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි සීසාන ගොවියකු අරභයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. සැවැත්නුවර වාසී ගොවියෙක් නුවරට නුදුරු කුඹුරක් සානා පිණිස අලුයම කුඹුරට ගොස් ඉර අව්වෙන් වන පීඩාව නිසා හැකි ඉක්මනින් සී සාන්නට විය. රාත්‍රි භාගයේ සොරු කණ්ඩායමක් ඉසුරුමතකුගේ ගෙයක් බිඳ ධනය රැසක් සොරාගෙන මෙම කුඹුර මතින් ගොස් බෙදා ගන්නා විට එක් සොරකුගේ දහසින් බැඳි පියල්ලක් වැටී, ගෙන යන්නට අමතක විය. අප බුදුරජාණන් වහන්සේ අලුයම මහා කරුණාවෙන් ලොව බලා වදාරණ සේක් මෙම ගොවියාට වන යහපත බලා වදාරා ආනන්ද හිමියන් සමඟ මෙම කුඹුර සමීපයට වැඩි සේක. මසුපියල්ල වැටී ඇති තැනින් වඩිනවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතමින් ‘ආනන්ද, විස සර්පයා දුටුවේ දැයි විචාළ සේක. ආනන්ද හිමි පිළිතුරු දෙමින්”ස්වාමීනි විස සර්පයා දුටුවෙමි'යි කීය. ගොවියා ද බුදුරදුන් වැඩිය පසු එ තැන පරික්ෂා කරනුයේ සර්පයකු නොව මසු පියල්ලක් දැක එය වළලා සුරක්ෂිත කොට සීසාන්ට පටන් ගත්තේ ය. සොරු ගිය පා සටහන් අනුව රාජ පුරුෂයෝ ධන හිමියා සමඟ අවුත් පරීක්ෂා කොට මසු පියල්ල තිබූ තැනින් ගෙන ගොවියාට අවලාද කියා තලා පෙළා රාජ දඬුවමට ගෙන ගියහ.

 

හෙළදිව ධර්මද්වීපයක් කළ අසිරිමත් පොසොන් පෝදා

ශ්‍රී බුද්ධවර්ෂ 236 වැනි පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේත් සමඟ මෙහි සැපත් වූහ. මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක අධිරාජයාගේත් වේදිසා දේවියගේත් පුතණුවන් ය. මෞර්ය රාජ්‍ය වංශයේ ආරම්භකයා වූ චන්ද්‍රගුප්ත රජුගේ මුණුපුරකු වූ අශෝක බින්දුසාර රජුගේ පුත්‍රයා ය. අශෝක රාජ්‍යත්වයට පත් වන්නේ බින්දුසාර රජුගේ ඇවෑමෙන් පසුවය. මෙම මෞර්ය රාජ්‍ය වංශයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ දිග් විජය රට තුළ ක්‍රියාත්මක කරවීමයි. එනම් මිනිසුන් තලා පෙළා රාජ්‍ය සීමාවෙන් පිටස්තර දේශයන් ද ස්වකීය අණසකට ගැනීමයි. අශෝක අනුගමනය කළේ ද එම ප්‍රතිපත්තිය මය. අශෝක රජු ක්‍රියාත්මක කළ දිග් විජය ව්‍යාපාරයේ බිහිසුණුම අවස්ථාව කාලිංගග දේශය යටත් කර ගැනීම සඳහා කළ කාලිංග යුද්ධයයි. එයින් ජයගත් හෙතෙම මුළු මහත් දඹදිවට ම අධිරාජයා බවට පත් විය. ජනතාවට දැඩි විපත් ගෙනදෙමින් සිදු කළ එම පීඩාකාරී පාලන රටාව හමුවේ අශෝක රජුට චණ්ඩාශෝක යන නමක් ද පටබැඳුණේ ය.

 

යුගාන්ධකාරය දුරුකරවමින් පායා ආ රන් හිරුමඬල බුදුරජාණන් වහන්සේ

කල්ප ගණනක් පුරාවට සංසාරය නැමැති නුබකුස වසා පැතිර ගිය මෝහය නම් වූ යුගාන්ධකාරය දුරුකරවමින් පායා ආ රන් හිරුමඬල මහා ගෞතම බුදුරජාණෝ ය. ඒ සිරිමත් සිදුහත් භගවතාණෝ පැහැබර වෙසක් සඳේ සිහිලසින් මිහිලිය සිහිල් වන පින්බර දිනෙක මෙත් කරුණා සලිලයෙන් දනමන නිවාලමින් මිහිමත පහළ වූහ. දසලක්ෂයක් ලෝධා සලිත කරවමින් අසමසම සම්බුදු පදවිය ලැබූහ. පුරා පන්සාළිස් වසරක් සිදුකොට වදාළ පස් බුදුකිස නිමවා අපමණ සත්වගක් දුකින් මුදවා සංසාර සරණියෙන් සමුගත් සේක. එදින අදින් සහස්‍ර දෙකහමාරකට පෙර උදා වූ වෙසක් පුන් පොහෝ දිනයකි. ජලතල සහිත මුළු පොළෝ කුස පස් පියුමින් වැසී ගියේ ය. ගස් වැල් තුරු ගොමු මලින් භරිත විය. මල් වියනකින් අහස් කුස වැසෙද්දී තරු රාශි පිරිවැරූ හිරු - සඳු වඩාත් සිහිල් වී එකවිට මුදුන් විය. පරසතු මදාරා දිවමල් බිම හෙළමින් සාධු නාද නංවන දෙව් බඹුන්ගෙන් හා දිව්‍යමය පසඟතුරු ඝෝෂාවෙන් ගගනෝදරය ඇළලී ගියේ ය. සියොත් බමර සමුළුවක් වූ සුපුෂ්පිත ලුම්බිණි සාල වනපෙත දිව්‍යමය සුගන්ධයකින් යුතු මන්ද මාරුතයකින් සාන්තව සලිත විය. දෙව්ලියන් පිරිවැරූ දෙවඟනක් නදුන් උයනට පිවිසෙන්නාක් විලසින් උත්තම රූ සොභා ඇති මායාව උයන් සිරි විඳිමින් සල් තුරු අතරින් වැඩම කොට එක් සුවිසල් සල් ගසක් මුල නතර වූවා ය. බෝසත් පුතු මිහිමත සිරිපා පිහිටුවීමට සැරසෙන බව මායාවට දැනී ගියේ ය. වටතිර ඇද පිළිසන් වූ දේවිය වෙත අරහත්තක බ්‍රහ්මරාජවරු සතර දෙනෙක් පැමිණ රන් දැලක් සතර කොනින් අල්ලා සිටියහ.

පොසොන් පුර පසළොස්වක පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]