[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දුෂ්කරතා පැමිණියත් මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය අඩුපාඩුවකින් තොරව පවත්වනවා

ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිම

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනය ශ්‍රී ලංකාවාසී අප හැමදෙනාගේ ම ගත සිත සුවයට මහත් අස්වැසිල්ලක් ලෙස අදත් අපට දැනේ. එදා මේ රටේ විසූ බොහෝ ජන කොටස්වලට ද එය එසේම වන්නට ඇති. එසේ කියන්නේ උන්වහන්සේ දේශනා කළ නවතම දහම ඕනෑම ජන සමාජයක නිවීම සැනසීම පිණිස හේතු වූ දයාව, කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම වැනි මානුෂික ගුණාංග මිනිස් හදවත් තුළ තහවුරු වන ආකාරයේ දහමක් වූ නිසා ය. එදා පොසොන් පුර පසළොස්වක පෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේ සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමි උපාසකතුමාත් මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ. ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහම බෙදා දුන් ඓතිහාසික පුණ්‍ය භූමිය මිහින්තලා පුදබිමයි. එදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කර ලංකාවේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළේ මේ පුණ්‍ය භූමියේ දී යි. ඒ ලෝකයේ පළමු වාචික බුද්ධි පරීක්ෂණය සිදු වූ පුණ්‍යවන්ත දිනයයි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න දෙකක් අසන ලදී. ඒ අප කවුරුත් දන්නා අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය යි. එදා එම සංවාදය වූ ස්ථානයේ අද සේල චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටිති. ඒ සෑ රජාණන් වහන්සේගේ ගර්භයේ අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ සිටිති. ඒ වගේම අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ආදාහනය සඳහා සුදුහඳුන් දර යොදාගත් අතර, ඒ දැවී ගිය සුදුහඳුන් දරවලින් ඉතිරි වූ අඟුරු හෙවත් අංගාරික ධාතූන් වහන්සේ සහ උන්වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේත්, අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කර ඉදි වූ සෑ රජාණන් වහන්සේ නමක් වැඩ සිටිති.


පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]