[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාගම වල්පොළ ඓතිහාසික පොසොන් මහ පෙරහර

රාගම වල්පොළ ඓතිහාසික පොසොන් මහ පෙරහර

1928 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දින ඉතා කුඩා මල් පෙරහරකින් ආරම්භ වූ රාගම – වල්පොල පොසොන් මහ පෙරහර 93 වැනි වරට සුපුරුදු පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අශ්චර්යවත් උතුම් ශ්‍රී සද්ධර්මය සිරිලකට වැඩම කොට, සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අපිරිමිත ගුණකදම්භය සිහිපත් කරමින් කෘතගුණ සැලකීමේ මහානීය පුණ්‍ය කර්මයක් ලෙස මෙම රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහ පෙරහර පැවැත්වේ. ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහ පිරිවෙන් මහ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සියලු දෙනාගේ ආශිර්වාදයෙන් මෙම පින්කම වාර්ෂිකව පැවැත්වේ. උඩරට, පහතරට, සබරගමුව නැටුම්වලින් අලංකාර වල්පොළ ගිනිකෙළි කණ්ඩායමෙන් ආලෝකවත් වෙමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සැමට සෙත ශාන්තිය සැලසේවා යන උදාර අරමුණෙන් මෙම පෙරහර පැවැත්වේ. ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් මහ විහාරස්ථානයේ විහාරධිපති පිරිවෙන් කෘත්‍යාධිකාරි කලුවලග විමලසාර නාහිමි, විහාරගණයේ ප්‍රධාන සතරකාර තබ්බෝව පුරාණ විහාරස්ථානයේ විහාරධිපති පොල්පිටිමූකලානේ විමලරතන නාහිමි ඇතූළු පැවිදි අනුශාසක හිමිවරුන්ගේ අනුශාසනා අනුව ගිහි පින්වතුන්ගේ උපකාරයෙන් ආර්ථික අර්බුදයෙන් රට පවතින තත්ත්වයක වුව ද ඉතාම කැපවීමෙන් සංස්කෘතික උරුමය රැක ගැනීමේ අරමුණෙන් මෙම පෙරහර පවත්වයි. පසුගිය වසර කිහිපයක් අර්බුද හමුවේ පෙරහර හොඳින් කළ නොහැකි වූ අතර ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී ඇති කරදර දුරු වීමට ප්‍රාර්ථනා කරමින් මේ වසරේ පෙරහර පැවැත්වේ.

පෙරහරට සමගාමීව සත්දින බෝධිපූජා පින්කම්, පිරිත්, පින්කම්, දානමය පුණ්‍යක්‍රියා ආදීයත් ජුනි මස 10,11,12 තෙදින ස්වාමින් වහන්සේලා උතුම් ධර්ම දේශනා ද පවත්වති. පොසොන් පොහොයට පෙර දින (13) සවස සුබ මොහොතින් සුපුරුදු ගමන් මාර්ගයේ පෙරහර ගමන් කරනු ලබයි.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]