[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසෙලාස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

මැටරඹ හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් දක්ෂිණ ලංකාවේ සම්භාවනීයතම ශාසනික ඨානාන්තරද්වය වන මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, පණ්ඩිත, සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමා ඇති බැවින් ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ පුණ්‍යොත්සවය පෙබරවාරි මස 22 වන ශනි දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝෂථාගාරයේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිතුල්පව්ව මඟුල් මහාවිහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ අනුශාසක, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සම්භාවනීය ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ලේක්හවුස් ආදි කර්තෘතුමන්ගේ ජන්ම සමරු පින්කමෙන්...

මහා මංගල සූත්‍රයේ දී පිදිය යුත්තන් පිදීම උතුම් ගුණාංගයක් ලෙස පෙන්වා දී ඇත. ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සිහිපත් කිරීම ද ඒ උතුම් අවස්ථාව සිහිපත් කරන අනගි අවස්ථාවකි. එතුමාණන් රට, ජාතිය , ආගම වෙනුවෙන් කළ මහඟු මෙහෙවර මිල කළ නො හැකි ය. පුවත්පත් ප්‍රචලිත නොවූ වකවානුවක පුවත්පත් ආයතනයක් බිහි කිරීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිර්මාණය කිරීම, කෙහෙල්පන්නල හා හිඳගල වලව්ව සංඝාවාසයක් කර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථී ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සැපයීම, බම්බලපිටිය වජිරාරාමයට ඉඩම් පූජා කිරීම, කොළඹ ගංගාරාමයේ ප්‍රධාන දායකත්වය ඉසිලීම, ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට අඩිතාලම සැකසීම ආදිය උතුම් කර්තව්‍යයන් අතර සංක්ෂිප්ත ය. මෙවන් මෙහෙවරක් සිදු කළ ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 134වන ජන්ම දින සමරුව පසුගියදාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ලේක්හවුස් මන්දිරයේ දී (20) පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදා (21) මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි. එම පින්කමට කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමි, කොළඹ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන,අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දයාබර පුතණුවන් රංජිත් විජයවර්ධන, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න...

 

ධර්ම දේශනාව:

මඳ මඳ වුව ද කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ

න පමඤ්ඥේථ පුඤ්ඤස්ස - නමංතං ආගමිස්සති - උදබිංදු නිපාතෙන - උදකුමෙහාපි පුරති - පුරති ධීරෝ පුඤ්ඤස්ස - ථොක ථොකමපි ආචිනංති. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බිළාල පාදක සිටුවරයා නිමිති කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාවෙන් අදහස් කරනුයේ, “පින අල්පයැයි නොසිතන්න. බුදු පාමොක් මහ සඟනට දන් දී අල්පයැයි නොසිතන්න. පින් කරන විට ජල බින්දු එකතු වී භාජනයක් පිරෙන්නා සේ පින ද සම්පූර්ණ වේ” යන්නයි. සැවැත්නුවර වැසියන් කොටස් වශයෙන් බෙදී මහ සඟරුවනට දන් දුන්හ. බුදුරජාණන් වහන්සේ මෙම සැදැහැති පිරිසට අනුදැන වදාළේ, සමහරු තනිව ම දන් දී භෝග සම්පත් ලබති. පිරිවර සම්පත් නොලබති. තවත් පිරිසක් තනිවම දන් නොදෙති. අනුන් ඒ සඳහා සම්මාදන් කරවති. ඔවුහු භෝග සම්පත් නොලබති. පිරිවර සම්පත් ලබති. තව කෙනෙක් තනිව ම දන් නොදෙති. අනුන් ද ඒ සඳහා සම්බන්ධ කර නොගනී. ඒ අය භෝග සම්පත් හා පිරිවර සම්පත් යන දෙකම නොලබති. තවත් පුද්ගලයෙක් තමා ද දන් දෙමින් අන් අය ද සම්බන්ධ කර ගනු ලබයි. ඒ ඇත්තෝ භෝග හා පරිවාර සම්පත් යන දෙකම ලබති. බුදුරදුන්ගේ දේශනාව ශ්‍රවණය කළ එක් සැදැහැවත්, කුල පුත්‍රයෙක් බුදුපාමොක් මහ සඟනට දානයක් පූජා කිරීම සඳහා ආරාධනාකොට ගෙන් ගෙට ගොස් දානෝපකරණ රැස් කළේ ය.

 

ධර්ම සන්නිවේදනයට යුග මෙහෙවරක් කළ යතිවරයාණෝ

දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් දීඝවාපී මහා සෑරද වන්දනා

නවීන තාක්ෂණය අද මෙන් එදා එතරම් පෝෂණය වී නොතිබුණි. හතර පොහොයෙන් අවම වශයෙන් පසළොස්වක පෝදාටවත් ගම්වැසි ලොකු කුඩා සියලු දෙනා ගමේ පන්සලට ඒකරාශි වී සිල් සමාදන් ව ආගමික කටයුතුවල නිරතවීම සිරිතක් ව පැවැතිණි. ජාතක පොත් වහන්සේ හෝ පිරිත් පොත් වහන්සේ ශබ්ද නගා එක් අයෙකු විසින් කියවු අතර එසේ අසා සිටින්නෝ එය සාධු නදින් පිළිගත්හ. ගුවන් විදුලියේ මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් බදාදා රාත්‍රියේ සහ ඉරිදා පෙරවරුවේ හෝරාවක් බැගින් දම් දෙසුම් පැවැත්විණි. පෝදා ආගමික වැඩසටහන් ද විකාශනය කෙරිණි. පන්සලේ ධර්ම මන්දිරය මගින් දේශකයාණන් වහන්සේ ධර්මය සන්නිවේදනය සිදුකළ අතර එහි මාර්ගෝපදේශකයාණන් වහන්සේ සහ අනුශාසකයන් වහන්සේ වූයේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ හෝ ලොකු හාමුදුරුවන් වහන්සේ ය. සම්බුදු දහම කෙරෙහි පවත්නා ඉමහත් ගෞරවය,ශ්‍රද්ධාව ,විශ්වාසය එකල වර්ධනය වූයේ උගත් ගුණවත් , ධර්ම විනයධර මහ යතිවරයන් වහන්සේලාගේ ධර්මානුශාසනා හේතුවෙනි. ඒ කාරුණික මාර්ගෝපදේශකත්වය මූලිකත්වයෙනි. ගුවන්විදුලිය සහ රූපවාහිනි විද්‍යුත්මාධ්‍ය සන්නිවේදනයට පැමිණ කලක් ගත විය. ශ්‍රාවක සිත්පහන් කරවීමට එමගින් වරින්වර ධර්ම දේශනා සහ පොහෝදා ආගමික වතාවත් ද දැනුදු සිදු කෙරේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]