[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරෙස්සම් විය යුතු කරුණක්

පරෙස්සම් විය යුතු කරුණක්


බුද්ධානුස්මෘති භාවනාව කලක් කර ගෙන යන කල්හි ඇස පියාගත් විට ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් බුදුරුව පෙනෙන්නට පටන් ගත හැකි ය. එසේ වුවහොත් එය දියුණු කරගත යුතු ය. සමහරුන්ට කලක් භාවනා කරගෙන යන විට නොයෙක් දේ පෙනෙන්නට වේ.

සමහර විට දෙවිවරුන් තමා වෙතප ැමිණ සිටින්නාක් මෙ න් ද, රූපත් ස්ත්‍රී පුරුෂයන් පැමිණ සිටින්නාක් මෙන් ද, තවත් සමහර විට භූතයන් පැමිණ සිටින්නාක් මෙ න් ද, තවත් නොයෙක් දේ ද පෙනෙන්නට විය හැකි ය. ඔවුන් විසින් නොයෙක් දේ කියනු ඇසෙන්නට ද පුළුවන. ඒවා සත්‍ය වූ ඇසීම් පෙනීම් නොවේ. ඒවා සත්‍ය සිද්ධි වශයෙන් පිළිගෙන ක්‍රියා කරන්නට නො යා යුතු ය. ඒවා පෙනුණු කල්හි සිත ඒවාට යොමු කළහොත් ඒ විකාර රූප වඩ වඩා පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදර විය හැකි ය. එබැවින් ඒවාට සිතයොමු නොකර භාවනාව ම කරනු. භයානක රූප පෙනුණත් , භයානක හඬ ඇසුණත් ඒවා සත්‍ය වශයෙන් ඇති දේ නො වන නිසා නො බිය විය යුතු ය. ඒ පෙනෙන, ඇසෙන දෑ සත්‍ය වශයෙන් පිළිගෙන ඒවා අනුව ක්‍රියා කරන්නට ගියහොත් ඒවා බොහෝ වැඩි වී උමතු වන්නට ද ඉඩ ඇති බැවින් විශේෂයෙන් ඒවායින් පරෙස්සම් විය යුතු ය. ඒවායේ සත්‍යාසත්‍ය සොයන්නට ගිය හොත් වඩා මුළා විය හැකි බැවින් පෙනුණු කෙණෙහි ම ඒවා බැහැර කරනු. බැහැර කිරීම නම් ඒවා මෙනෙහි නො කර, නො බලා හැරීම ය.

බෞද්ධයාගේ අත්පොත ඇසුරිනි.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]