[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  දරණාගම කුසලධම්ම හිමි

 

ධර්ම සන්නිවේදනයට යුග මෙහෙවරක් කළ යතිවරයාණෝ

දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවට බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් දීඝවාපී මහා සෑරද වන්දනා

නවීන තාක්ෂණය අද මෙන් එදා එතරම් පෝෂණය වී නොතිබුණි. හතර පොහොයෙන් අවම වශයෙන් පසළොස්වක පෝදාටවත් ගම්වැසි ලොකු කුඩා සියලු දෙනා ගමේ පන්සලට ඒකරාශි වී සිල් සමාදන් ව ආගමික කටයුතුවල නිරතවීම සිරිතක් ව පැවැතිණි. ජාතක පොත් වහන්සේ හෝ පිරිත් පොත් වහන්සේ ශබ්ද නගා එක් අයෙකු විසින් කියවු අතර එසේ අසා සිටින්නෝ එය සාධු නදින් පිළිගත්හ. ගුවන් විදුලියේ මහ ගෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් බදාදා රාත්‍රියේ සහ ඉරිදා පෙරවරුවේ හෝරාවක් බැගින් දම් දෙසුම් පැවැත්විණි. පෝදා ආගමික වැඩසටහන් ද විකාශනය කෙරිණි. පන්සලේ ධර්ම මන්දිරය මගින් දේශකයාණන් වහන්සේ ධර්මය සන්නිවේදනය සිදුකළ අතර එහි මාර්ගෝපදේශකයාණන් වහන්සේ සහ අනුශාසකයන් වහන්සේ වූයේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ හෝ ලොකු හාමුදුරුවන් වහන්සේ ය. සම්බුදු දහම කෙරෙහි පවත්නා ඉමහත් ගෞරවය,ශ්‍රද්ධාව ,විශ්වාසය එකල වර්ධනය වූයේ උගත් ගුණවත් , ධර්ම විනයධර මහ යතිවරයන් වහන්සේලාගේ ධර්මානුශාසනා හේතුවෙනි. ඒ කාරුණික මාර්ගෝපදේශකත්වය මූලිකත්වයෙනි. ගුවන්විදුලිය සහ රූපවාහිනි විද්‍යුත්මාධ්‍ය සන්නිවේදනයට පැමිණ කලක් ගත විය. ශ්‍රාවක සිත්පහන් කරවීමට එමගින් වරින්වර ධර්ම දේශනා සහ පොහෝදා ආගමික වතාවත් ද දැනුදු සිදු කෙරේ. ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් සඳහා ම පමණක් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර දශක එක හමාරකට ආසන්න ය. ඒ සැම හිත සුව පිණිස 2007 දී අරඹන ලද බෞද්ධයා රූපවාහිනී නාලිකාව සහ 2011 දී අරඹන ලද බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව ය.


මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]