[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආදි කර්තෘතුමන්ගේ ජන්ම සමරු පින්කමෙන්...

ලේක්හවුස් ආදි කර්තෘතුමන්ගේ ජන්ම සමරු පින්කමෙන්...

මහා මංගල සූත්‍රයේ දී පිදිය යුත්තන් පිදීම උතුම් ගුණාංගයක් ලෙස පෙන්වා දී ඇත. ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සිහිපත් කිරීම ද ඒ උතුම් අවස්ථාව සිහිපත් කරන අනගි අවස්ථාවකි. එතුමාණන් රට, ජාතිය , ආගම වෙනුවෙන් කළ මහඟු මෙහෙවර මිල කළ නො හැකි ය.

පුවත්පත් ප්‍රචලිත නොවූ වකවානුවක පුවත්පත් ආයතනයක් බිහි කිරීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිර්මාණය කිරීම, කෙහෙල්පන්නල හා හිඳගල වලව්ව සංඝාවාසයක් කර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථී ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සැපයීම, බම්බලපිටිය වජිරාරාමයට ඉඩම් පූජා කිරීම, කොළඹ ගංගාරාමයේ ප්‍රධාන දායකත්වය ඉසිලීම, ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට අඩිතාලම සැකසීම ආදිය උතුම් කර්තව්‍යයන් අතර සංක්ෂිප්ත ය. මෙවන් මෙහෙවරක් සිදු කළ ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 134වන ජන්ම දින සමරුව පසුගියදාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ලේක්හවුස් මන්දිරයේ දී (20) පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදා (21) මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.

එම පින්කමට කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමි, කොළඹ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන,අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දයාබර පුතණුවන් රංජිත් විජයවර්ධන, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතීඥ රඛිත අබේගුණවර්ධන, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතීඥ කනිෂ්ක විතාරණ , මුදල් අධ්‍යක්ෂ නීතීඥ ජානක රණතුංග, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන , සහකාර සාමාන්‍යාධිකාරී ආයතනික කටයුතු ප්‍රධානී චන්දන බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරියේ සියලු සේවක මහත්ම මහත්මීන්ගේ සහායෙන් ද ලේක්හවුස් බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් ද එම පින්කම පැවැති අතර එහි අවස්ථා කිහිපයක් සේයා රූ වෙතින් දැක්වේ.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]