UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයෙන් පසු

ජනපති දළදා වහන්සේට පූජා කරයි

 

ජනාධිපති අරමුදලේ රුපියල් ලක්ෂ 450 ක මුදල් යොදවා ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන දළදා වහන්සේ වෙත පූජා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය දා සිදු කෙරුණි. මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා 1987 වසරේ දී පූජා කර තිබේ. ගතවූ වසර තිහක කාලය තුළ රන් වියන 2002 වසරේ දී ප්‍රතිසංස්කරණය කර ඇත. එහි රන්පත් දුර්වර්ණ වී ගැළවී යාමේ තත්ත්වයක් මතුවීම නිසා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙයට මාස අටකට පමණ ඉහතදී එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඉතිරිය»

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව නිම කළ බවට

සංදේශය ජනාධිපතිතුමාට භාරදෙයි

 

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහර මෙවර ද උත්කර්ෂවත් ලෙස පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දා (26) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබී ය.

ධර්ම දේශනාව:

ඉතිරිය»

සප්ත ආර්ය ධනය

 

ධනය යන වචනය ඇසූ සැණින් ම අප මතකයට නැගෙනුයේ මිල මුදල් හා ඒවා භාවිතයෙන් ලබාගන්නා නිවාස, ඉඩකඩම්, යාන වාහන ආදී දේ පිළිබඳවයි. ලෞකික හෙවත් මෙලොව ජීවිතයට පමණක් අයත් වන මේ සියල්ල තාවකාලික ය. ඇතැම් ඒවා ඉතා සුළු මොහොතකින් පවා විනාශ වී යා හැකි ය. ගින්නෙන්, ජලයෙන් සොරසතුරන් අතට පත්වීමෙන්, රජයට අයත්වීමෙන් සහ වියදම් වීමෙන් යනාදී වශයෙන් මේවා විනාශවීමට ඇති අවස්ථා බොහෝ ය. සුනාමි වැනි ව්‍යසනයන් හි දී මොහොතින් විනාශයට පත් වූයේ වටිනා මිනිස් ජීවිත සේ ම මිනිසුන් ජීවිත කාලය පුරාවට ම දුක් මහන්සි වී උපයාගත් ලෞකික ජීවිතයට අයත් දේවල් ය. තව ද අගනා පොලී අනුපාතයන් ලබා දෙන බව පවසමින් ජනතාවගේ මුදල් අධික වශයෙන් ලබාගත් අය පිළිබඳ ඉකුත් සමයේ අසන්නට ලැබුණි. අවසානයේ සිදුවූයේ එම මුදල් ඒ ඒ පුද්ගලයන් සමඟම අතුරුදහන්වීම යි. එම හේතුවෙන් තමා සන්තක ධනය අහිමි වූ ඇතැම්හු බලවත් චිත්ත පීඩනයට පත් ව ජීවිත හානිකර ගැනීමට පවා පෙළඹුණ හ. මෙම ලෞකික ධනය ඉහත කී සෑම ව්‍යසනයකින් ම මැනවින් ආරක්ෂා කරගෙන සිටිය ද, අවසානයේ පුද්ගලයා ජීවිතයෙන් සමුගන්නා මොහොතේ දී සිදුවන්නේ කුමක් ද? ඒ සියල්ල හැර දමා හිස් අතින් පරලොව යාම යි. එනයින් බැලූ කල ද ලෞකික ධනයෙහි තාවකාලික ස්වභාවය වටහා ගැන්ම අපහසු නොවෙයි. මෙහි දී බුදුදහමේ ඉගැන්වෙන සප්ත ආර්ය ධනය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. ඒ පිළිබඳ ඉගැන්වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සංඛිත්ත ධන සූත්‍රයෙහි ය.

ඉතිරිය»

කොළොම්පුරය එළිය කරන කොල්ලුපිටියේ වාළුකාරාම මහ පෙරහර

ශ්‍රී ලංකාවාසී බෞද්ධ මහජනතාවට ඇසළ මාසය බොහෝ පින්කම් සිදුකර ගැනීමට මුල්වන කාල පරිච්ඡේදයකි. මේ අතර ඉතා වැදගත් වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි. මහනුවර ඇසළ පෙරහර මෙන්ම රට පුරා ඇසළ පෙරහර පිළිබඳ විවිධ තොරතුරු ඉදිරිපත් වන මේ වකවානුවේ කොළොම්පුරයේ පැවැත්වෙන කොල්ලුපිටියේ වාළුකාරාම මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර කාගේත් නෙත්සිත් ඇඳ බැඳ ගන්නා කලා මංගල්‍යයකි. අප රටේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් යුග මෙහෙවරක යෙදුන පුණ්‍ය භූමියකි කොල්ලුපිටියේ වාළුකාරාම විහාරස්ථානය. සියවස් දෙකකට ආසන්න කාලයක සිට ආගමික, සාමාජික, ජාතික හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කරනු ලැබූ සුවිශේෂී සේවාව මහත් සේ අලංකාර වූයේ මෙම මහා පෙරහර තුළිනි.

ඉතිරිය»

කච්චායන බමුණා ඇතුළු පිරිස පැවිදිවීම

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]