UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරිස දම්මසාරථී ගුණය

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 41:

පුරිස දම්මසාරථී ගුණය

මුගලන් මහා රහතන් වහන්සේ දිව්‍ය ලෝකයට යන ගමනේ දී නා ලෝකයේ නාග රාජයා දිව්‍යමය ජීවිතයක් මවාගෙන දිව්‍යාංගනාවන් එක්ක සතුටින් ඉන්නවා. නාග ලෝකයේ රජ්ජුරුවෝ අවිවාහක ලෙස ගිහිල්ලා දිව්‍යාංගනාවෝ වටකරගෙන මම දෙවි කෙනෙක් කියා අනික් අය රවටාගෙන ජීවත් වෙනවා.

විනෝද වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා සමඟ වඬින විට පස් ටිකක් වැටුණා එයාගේ පැත්තට. හිතුවා මේ ශ්‍රමණ ගෞතමයන් මගේ ඇග උඩින් යන්නෙ කියා. තරහ ගිහින් අර දිව්‍ය ලෝක ඔක්කෝම වහල අඳුරු කර මහා විශාල නාග දරණයක් මවාගෙන මහාමේරු පර්වතය මුදුනේ ඉන්නවා. බුදුන් වහන්සේ ඔක්කෝම දැකලා නාගයා බව දැනගෙන එක එක ස්වාමීන් වහන්සේලා අහනවා දැන් යන්න දමනය කරන්න. කිසිකෙනෙකුට අවසර දෙන්නෙ නෑ. අවසානයේ මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා. හොඳයි, මුගලන් යන්න කියනවා. මොකද මේ නාගයා දරුණුයි. නාගයාට පුළුවන් විස දුම් දාන්න. වහාම නිරෝධ සමාපත්ති සමවතකට සමවදින්න පුළුවන් සමාධියක් තියෙනවා. ඒ සමාධියට සම වදින්න බැරි කෙනෙකුට නම් බෑ මේ නාගයා දමනය කරන්න. මුගලන් මහා රහතන් වහන්සේටයි බුදුරජාණන් වහන්සේටයි පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවසර පරිදි මුගලන් තෙරුන් වහන්සේ ගිහිල්ලා අර නාගයාට වඩා විශාල නාග දරණයක් මවාගෙන උඩින් හිටියා. ඊට පස්සේ මුගලන් ස්වාමින් වහන්සේ ඒ නාගයාගේ කුස ඇතුලට ගියා. ගිහින් සක්මන් කර කර ඉන්නකොට මට කරදර කරන්න එපා එළියට එන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ‘සතිමන්ත වන්න’ ‘සිහිය එළඹ ගන්න. එළියට එනකොටම නාගයා බලාගෙන ඉන්නේ විසදුම් දමා නුඹ ගොදුරු කර ගන්නටයි.

එහෙමයි ස්වාමීන් වහන්ස, මම දන්නවා මම සිහියෙන් ඉන්නේ’ ඉතින්, මුගලන් ස්වාමීන් වහන්සේ එක පාරටම නිරෝධ සමාපත්තියට සම වැදුණා. විසදුම් දැම්මාට වැඩක් වුණේ නැහැ. නාගයා දමනය වුණා. මුගලන් මහ රහතන් වහන්සේට වැඩි ශක්තියත් බුදුරජාණන් වහන්සේට තිබුණා.

ඊළඟට බක බ්‍රහ්මයා, මාන්නෙන් රත් වෙලා හිටපු අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බක බ්‍රහ්මයා දමනය කළා. කොයි විදිහටද? තථාගතයන් වහන්සේ නාග, බ්‍රහ්ම, සක්‍ර ආදි නොයෙක් දෙවියන් බ්‍රහ්මයින් දමනය කළා. තිරිසන්ගත සත්වයන් අතර නාලාගිරි හස්ති රාජයා, ඒ වාගේම තව තව අය දමනය කරමින් උන්වහන්සේ කටයුතු කළා. ඒ නාලාගිරි හස්තියා රා බීලා ඉදිරියට එනකොට,

“හස්ති රාජ අප්‍රමාදව කටයුතු කරන්න. ප්‍රමාද වුණොත් එයින් නුඹට දුකක්මයි ගෙන දෙන්නේ. නුඹට සුගතියක් නම් ලැබෙන්නේ ම නැහැ. ඒක නිසා අප්‍රමාදව කටයුතු කරන්න’ කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා නාලාගිරි ඇතා දමනය වුණා. ඔය වගේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අප්‍රමාණ පිරිස් මිසදිටු ගත්ත දෙවියෝ බ්‍රහ්මයන් විශේෂයෙන් ම බ්‍රාහ්මණ වංශිකයින් ,රාජ වංශිකයින්, ගෘහපති වංශිකයින් බොහෝ පිරිස් උන්වහන්සේ දමනය කළේ අනුත්තර පුරිසදම්මසාරථි ගුණය හේතු කරගෙන.

සත්ථා දේව මනුස්සානං ගුණමහිමය

දෙවි මිනිසුනට ශාස්තෘවන සේක. ් උන්වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කළා. තථාගතයන් වහන්සේ මේ සියල්ලක්ම මනා නුවණින් සිහියෙන් දැකලා අපට මේ හැම දෙයක්ම දේශනා කළා. ඒ වාගේම ජාති කාන්තාරයෙන්, ජරා කාන්තාරයෙන්. ව්‍යාධි කාන්තාරයෙන් ,මරණ කාන්තාරයෙන්, ශෝක කාන්තාරයෙන්, පරිදේව කාන්තාරයෙන්, උපායාස කාන්තාරයෙන්, දුක්ඛ කාන්තාරයෙන් එතෙර වෙන මාර්ගය අපට දේශනා කළා. හොඳක් කළොත් හොඳ විපාක වශයෙන්, නරකක් කළොත් නරක විපාක වශයෙන් දේශනා කළා. ඒ විතරක් නෙමෙයි මේ සියල්ලකින් ම නිදහස් වී නිර්වාණයට යන හැටි දේශනා කළා.

කේශී කියන අස්ස දමනය කරන පුද්ගලයා සම්බන්ධ කතාව බලන්න. මේ කේශීගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ‘නුඹ කොහොමද මේ අශ්වයන් දමනය කරන්නේ?’ ඒ වේලාවේ කේශි කියනවා ‘මම මේ අශ්වයන් දමනය කරන්නේ හොඳින්, හොඳින් බැරිනම් නරකින්, එහෙම නැත්නම් මරලා දානවා. ඔය තුන තමයි මම කරන්නේ” ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේගෙන් ශ්‍රාවක පිරිස දමනය කරන්නේ?” ‘මමත් ඉතිං හොඳින් හරි නරකින් හරි මරලා දාන එක තමයි කරන්නේ’

‘අපොයි අපොයි ශ්‍රමණ භගවත් ගෞතමයන්ට මැරීම අකැපයිනේ”

‘කේශි,මම හොඳින් හෝ නරකින් හෝ මරනවා කියා කියන්නේ මෙන්න මේ අදහස. හොඳින් කියා කියන්නේ ධාර්මිකව හැමෝටම කියනවා කයින් හොඳ වැඩක් කළොත් හොඳ විපාක ලැබෙනවා. වචනයෙන් හොඳ ක්‍රියා කළොත් හොඳ විපාක ලැබෙනවා. හොඳ තැනක උපදින්න ලැබෙනවා. සිතින් හොඳ වැඩක් කළොත් එහි හොඳ ආනිසංස ලැබෙනවා හොඳ තැනක උපදින්න පුළුවන්’ ඒ කියන්නේ එහෙනම් කාය සුචරිත , වචී සුචරිත, මනෝ සුචරිත කියන මේවායින් සැප ලබන්ට පුළුවන්. ඒ වාගේම නරකින් කියනවා නම්,

කයෙන් නරක දෙයක් කළොත් ඒකේ විපාක වශයෙන් අපායට යනවා.

වචනයෙන් නරක දෙයක් කළොත් ඒකේ විපාක වශයෙන් අපායට යනවා.

සිතින් නරක දෙයක් කළොත් ඒකේ විපාක වශයෙන් අපායට යනවා’

එහෙනම් කාය දුශ්චරිත , වචී දුශ්චරිත, මනෝ දුශ්චරිත. ඉතින් බැරිවෙලාවත් කේසී මට හොඳින් කියලත් අහන්නෙත් නැත්නම් මම මරලා දානවා කිව්වේ ‘අවවාද කිරීමෙන් බැහැර වෙනවා’” කියන එකයි බුදුරජාණන් වහන්සේගෙන් සමහරක් ඇත්තෝ අනවශ්‍ය ප්‍රශ්න අහනවා. මේ ලෝකය කියන්නේ මොකක්ද? කොහොමද හැදිලා තියෙන්නේ.බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා ඇයි ඒ? නිර්වාණගමී ප්‍රතිපදාවට අයිති නොවන නිසා.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]