UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සප්ත ආර්ය ධනය

 

ධනය යන වචනය ඇසූ සැණින් ම අප මතකයට නැගෙනුයේ මිල මුදල් හා ඒවා භාවිතයෙන් ලබාගන්නා නිවාස, ඉඩකඩම්, යාන වාහන ආදී දේ පිළිබඳවයි. ලෞකික හෙවත් මෙලොව ජීවිතයට පමණක් අයත් වන මේ සියල්ල තාවකාලික ය. ඇතැම් ඒවා ඉතා සුළු මොහොතකින් පවා විනාශ වී යා හැකි ය. ගින්නෙන්, ජලයෙන් සොරසතුරන් අතට පත්වීමෙන්, රජයට අයත්වීමෙන් සහ වියදම් වීමෙන් යනාදී වශයෙන් මේවා විනාශවීමට ඇති අවස්ථා බොහෝ ය. සුනාමි වැනි ව්‍යසනයන් හි දී මොහොතින් විනාශයට පත් වූයේ වටිනා මිනිස් ජීවිත සේ ම මිනිසුන් ජීවිත කාලය පුරාවට ම දුක් මහන්සි වී උපයාගත් ලෞකික ජීවිතයට අයත් දේවල් ය. තව ද අගනා පොලී අනුපාතයන් ලබා දෙන බව පවසමින් ජනතාවගේ මුදල් අධික වශයෙන් ලබාගත් අය පිළිබඳ ඉකුත් සමයේ අසන්නට ලැබුණි. අවසානයේ සිදුවූයේ එම මුදල් ඒ ඒ පුද්ගලයන් සමඟම අතුරුදහන්වීම යි. එම හේතුවෙන් තමා සන්තක ධනය අහිමි වූ ඇතැම්හු බලවත් චිත්ත පීඩනයට පත් ව ජීවිත හානිකර ගැනීමට පවා පෙළඹුණ හ. මෙම ලෞකික ධනය ඉහත කී සෑම ව්‍යසනයකින් ම මැනවින් ආරක්ෂා කරගෙන සිටිය ද, අවසානයේ පුද්ගලයා ජීවිතයෙන් සමුගන්නා මොහොතේ දී සිදුවන්නේ කුමක් ද? ඒ සියල්ල හැර දමා හිස් අතින් පරලොව යාම යි. එනයින් බැලූ කල ද ලෞකික ධනයෙහි තාවකාලික ස්වභාවය වටහා ගැන්ම අපහසු නොවෙයි. මෙහි දී බුදුදහමේ ඉගැන්වෙන සප්ත ආර්ය ධනය පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. ඒ පිළිබඳ ඉගැන්වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සංඛිත්ත ධන සූත්‍රයෙහි ය. ලෞකික ධනය හා සප්ත ආර්ය ධනයන් අතර පවත්නා වෙනස හඳුනාගෙන සිටීම ජීවිතයට ඉතා වැදගත් ය. පළමුව සප්ත ආර්ය ධනය යනු කුමක්දැයි, වටහා ගෙන සිටිමු.

 

ඉතිරිය»

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]