UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලබන ආචාර්ය පල්ලේවෙල සාරද අනු නා හිමි

උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලබන

ආචාර්ය පල්ලේවෙල සාරද අනු නා හිමි

සමාජ සංස්කෘතික අධ්‍යාපන හා ශාසනික අභිවෘද්ධිය උදෙසා මහඟු මෙහෙවරක නියුතු පඬිරුවනක් ලෙස උඩරට අමරපුර නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලබන ආචාර්ය පල්ලේවෙල සාරද අනු නා හිමියෝ හැඳින්විය හැකිය.

බණ්ඩාරවෙල පල්ලේවෙල ග්‍රාමයේ විජේකෝන් පවුලේ බාල පුත්‍රයා ලෙස 1949 දී උපත ලැබූ අතර 1961 දී බණ්ඩාරවෙල කැබිල්ලවෙල ශ්‍රී සුධර්මෝදය විහාරයේ දී උඩරට අමරපුර මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත කන්දේගෙදර සුමනවංස මහා නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බවට පත් විය. 1973 වර්ෂයේ උපසපන් දිවියට පත් වූ අතර කුඩා කල මෙන්ම තරුණ වියෙහි ද සීලයෙන්, ගුණයෙන්, නිහතමානීත්වයෙන් යුතුව ක්‍රියා කරන්නට වූ නිසා ගිහි පැවිදි සැමගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූහ.

බණ්ඩාරවෙල සුධර්මෝදය පිරිවණෙන් මූලික අධ්‍යාපනය ද පැපිලියානේ සුනේත්‍රාදේවී මහා පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය ද ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධියත් අධ්‍යාපනවේදී උපාධියත් හිමිකර ගැනීමට උන්වහන්සේ සමත් වූහ. අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා ඉහළම පන්ති සාමාර්ථ සහිතව බුද්ධ ධර්ම ඩිප්ලෝමාව ලබා ගත්හ. කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ද හැදෑරිය. අනතුරුව කැලිෆෝනියාවෙන් සම්මාන ආචාර්ය උපාධිය ද ලබා ගැනීමට සමත් වූහ.

පසුව ගුරු සේවයට එක් වූ උන්වහන්සේ බණ්ඩාරවෙල කිතලඇල්ල විද්‍යාලය, බඹරගල විද්‍යාලය, දකුණු කබිල්ලවෙල මහානාම විද්‍යාලය යන විද්‍යාලයන්හි සේවය කර අනතුරුව බණ්ඩාරවෙල මලිත්ත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන්ද සේවය කළහ. 1986 දී නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය ධුරයටත්, පසුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයටත් 1991 වර්ෂයේ එහි උප පීඨාධිපති ධූරයටත් පත්ව නිට්ටඹුව හා දඹදෙණි යන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ දෙකෙහි ම පීඨාධිපති ධූරය ඉසිලූහ. 2006 වර්ෂයේ කැලණිය මානෙල්වත්ත ජාත්‍යන්තර භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙසත් පසුව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ලෙසත් පත් විය. එමෙන්ම උන්වහන්සේ එම විශ්ව විද්‍යාලයේ ප්‍රායෝගික හා ව්‍යවහාරික බෞද්ධ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති තනතුරට ද පත් වී සිටිති. ශ්‍රී ලංකා තායිවාන් මිත්‍රත්ව පදනමේ සමාජ සේවා ආයතනයේ ලේඛකාධිකාරි ධූරයට ද පත්ව සිටින නාහිමිපාණෝ අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක තනතුර ද හොබවති. එම සේවාවන්ට උපහාරයක් ලෙස 1992 වසරේ ඌව පළාත් ආණ්ඩුකාරතුමා විසින් විශේෂ ඇගයීම් සම්මානයක් ද පිරිනමා ඇත.

උඩරට අමරපුර මහා නිකායේ මහා නා හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝ රත්නය උඩරට අමරපුර නිකායේ අනුනායක පදවිය පිරිනැමී ය. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය සැප්තැම්බර් 01 දා සවස 2.00 ට බණ්ඩාරවෙල මහා නගර සභා ශාලාවේදී මහානායක මාහිමිපාණන් වහන්සේලා හා මැති ඇමැතිවරු ප්‍රධාන ගිහිපැවිදි සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණි.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]