UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 7 වනදා සිට පුරා දින පහක්

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය ජුනි මස 7,8,9,10,11 දිනවලදී මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.  මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වෙනුයේ 55 වතාවටය. එම ආලෝක පූජාවට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වයි. මිහින්තලා පුදබිමේදී ඉකුත් මස 29 වනදා ආරම්භ කෙරුණු වාර්ෂික සති පිරිත් දේශනාවේ දොරකඩ අස්න අනුශාසනාව ජුනි මස 4 වනදා පැවැත්වේ.

ඉතිරිය»

 

කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය – 2017

කොළඹ – 08, ඩී.එස්. සේනානායක මාවතෙහි පිහිටි කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ධම්ම, අභිධම්ම, පාලි( සිංහල) විභාගය 2017 නොවැම්බර් මස 25 සහ 26 දින දිනයන්හි පැවැත්වේ. ඒ සඳහා දහම් පාසල්වල හා පිරිවෙන්වල සිසුන් සහ ගුරුවරුන්ට ද, වයස සීමාවකින් තොරව පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉදිරිපත් විය හැකි බව කියයි.

ඉතිරිය»

 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විසිවන උපාධි ප්‍රදානෝත්සවය සිදුකෙරෙන

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 20 වැනි උපාධි ප්‍රදානෝත්සවය විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යයයන් වහන්සේ වන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2017 ජූනි 02 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. ප්‍රථම වතාවට උපාධි ප්‍රදානෝත්සවයට චීනයේ Hangzhou Buddhist Academy  යෙහි මණ්ඩපාධිපති Most Venerable Shi Guangquan නායක ස්වාමීන් වහන්සේ විසින් උපාධි දේශනය පවත්වනු ලැබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

රෝගීන් අතර නිරෝගී වෙමු

“සුසුඛං වත ජීවාම – ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්සේසු - විහරාම අනාතුරා”
ධම්ම පදය - සුඛ වග්ගය

කෙලෙස් වසඟයට පත් නොවෙමු. කෙලෙස් වෛරස්වලින් රෝගී නොවෙමු. අපිරිසුදු නොවෙමු. මානසිකව නිරෝගී වෙමු. අපි කෙලෙස් රෝගීන් අතර මනසින් නිරෝගී මිනිසුන් ලෙස ඒකාන්තයෙන්ම සුවෙන් සැපෙන් ජීවත් වෙමු.  බුදුරදුන් මෙම ගාථාව දේශනා කළේ ශාක්‍ය හා කෝලිය වංශිකයන් අතර ඇති වූ ගැටුමක් සමථකරණය සඳහා ය. මේ දෙපාර්ශ්වයම බුදුරදුන්ගේ ඥාතීහුය. ඔවුහු අක්කර සිය ගණන් කෙත් වතු වගා කළහ. ඒ සඳහා අවශ්‍ය ජලය ලබා ගත්තේ රෝහිණී නදියෙනි. ජලය ලබා ගැනීමේදී දෙපිරිස අතර වරින් වර ගැටුම්කාරී අවස්ථා ඇතිවිණ. එම ගැටුම් සුහද ව සමගියෙන් සමථයකට පත්කර ගැනීමට ඒ කිසිවෙකුත් උනන්දු වූයේ නැත. මේ නිසා එම ගැටුම් දුර දිග යාමෙන් එක් අවස්ථාවක දෙපිරිස ගඟ දෙපස ඔවුනොවුන්ට එරෙහිව අවි දරමින් ඉතා ප්‍රචණ්ඩකාරී අරගලයකට සූදානම් වූහ. මෙය සැල වූ බුදුරදුන් එහි වැඩම කර, ගඟ මැද අහසෙහි දිස්ව ඔවුන් ඇමතූහ.

ඉතිරිය»

රන්තලිය උඩු ගං බලා යාම,
සිතුවම - පුන්සර උදාර

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]