UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලයේ ශ්‍රී රතනසාර දහම් පාසල

මිහින්තලයේ ශ්‍රී රතනසාර දහම් පාසල

දහම් පාසල් දරුවන් 310 කින් ගුරුභවතුන් 16 දෙනෙකුගෙන් 2016 වසරේ ජනවාරි මස 10 වන දින මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් විසින් ආරම්භ කළ මිහින්තලා ශ්‍රී රතනසාර දහම් පාසලේ වර්තමානය වන විට දහම් පාසල් දරුවන් 840 ක් දහම් අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 27 දෙනෙකුගෙන් සමන්විත වේ.


මිහින්තලා රජ මහා විහාරාධිකාරී මිහින්තලා
මහ විදුහලේ ආචාර්ය දුන්නබිදුණුවැවේ පඤ්ඤාරතන හිමි

මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් විසින් ශ්‍රී රතනජෝති අනුස්මරණ භූමියේ කොටසක දහම් දරුවන්ගේ දහම් අධ්‍යාපනය සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදි කර අවශ්‍ය ඩෙස් පුටු සකස් කර ශ්‍රී රතනජෝති දහම් පාසල ආරම්භ කළහ. එම අඩු පාඩුව මඟ හැරී ගිය නිසා වර්තමානයේ දරුවන් ඉතා කැමැත්තෙන් සහ ඕනෑකමින් දහම් පාසල වෙත පැමිණ දහම් දැනුම ලබා ගැනීම සිදු කරන අතර ප්‍රදේශයේ ගුරු භවතුන්, රාජ්‍ය නිලධාරීන් මහා සංඝරත්නය සමඟ එක්ව කරන විශාල සේවාව අගය කළ යුතුය.

මූලික ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන සහ ධර්මාචාර්ය දක්වා සියලුම පන්ති ආවරණය කරමින් දහම් දැනුම ලබාදෙනු ඇත. සිසු කුසලතා වර්ධනය කිරීම සඳහා බෞද්ධ ශිෂ්‍ය සමිතිය, ශිෂ්‍ය සමිතිය පැවැත්වෙන අතර සනින්වේදන කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කොටගෙන බිත්ති පුවත්පත් හා අනෙකුත් සන්නිවේදන කටයුතු ප්‍රගුණ කිරීමේ අවස්ථා ලබා දී ඇත. වළවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ බැති ගී කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් පවතී.

මෙම දහම් පාසලේ ඉගෙනුම ලබන දරුවන්හට අවශ්‍ය තරම් ඩෙස් පුටු ආදිය උන්වහන්සේ විසින් ලබා දී ඇත. දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවන හැම විටම අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ලබාදීමද නොපිරිහෙලා සිදුවේ. මිහින්තලය සහ ඒ අවට ප්‍රදේශවල දරුවන්හට මිහින්තලේ ශ්‍රී රතනසාර දහම් පාසලෙන් ලැබෙන ආගමික සහ සංස්කෘතික පිළිබඳ දැනුම මෙතෙකයි කියා කිව නොහැකිය.

මිහින්තලා රජමහා විහාරාධිකාරි මිහින්තලා මහ විදුහලේ ආචාර්ය දුන්නබිදුණුවැවේ පඤ්ඤාරතන හිමිපාණන් වහන්සේ ශ්‍රී රතනසාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස විශාල සේවාවක් කරන අතර, මිහින්තලා රජ මහා විහාරවාසී තම්මැන්නාව වේළුසුමන විදුහලේ ආචාර්ය සුරුක්කුලමේ ඉන්දරතන හිමියන් සහ විහාරවාසී වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් මෙම දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරනු ලබයි.

ජෝතිපාල තෙඹුවන, එස්.වී.එස්. පීරිස්,ඒ.ජේ. පේමාවතී, එච්.එම්. දීප්ති සිරිවර්ධන, ඩී.එම්. මල්ලිකා, යූ.ඩී.වී. උඩවත්ත, ධම්මිකා පි‍්‍රයදර්ශනී, එස්.ඩී.කේ. සෙනෙවිරත්න, ඩී.එස්. හංසමාලා, ජානකී, කේ.ඒ. මුදිතා ලක්මාලි, චතුරිකා නිල්මිණි, ආර්.එම්. අරවින්ද රාජගුරු,කේ.එන්. ජී.එන්. ඒකනායක, බී.එම්. ඉළන්ගසිංහ, ඒ.එස්. කුමාර, එච්.කේ. රුවන්තිකා මධුෂානි, එස්.එම්.සී. කුමාරසිරි, යූ. කුසුමාවතී චන්ද්‍රසිරි, එන්.ජී. මධුරි. ටී.ටී. සෙනෙවිරත්න, ඩී.එම්. ඒ. සූරියබණ්ඩාර, ආර්.එස්. තිලකරත්න, ටී.බී.එස්.එස්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ආචාර්ය මණ්ඩලය වශයෙන් සේවය කරති.

ශ්‍රී රතනසාර දහම් පාසලේ දූ දරුවන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව පවත්වනු ලබන පොසොන් පොහෝදින සීල සමාදාන පින්කමට නොකඩවාම දහම් පාසල ආරම්භයේ සිටම සහභාගී වීම අප අගය කළ යුතු ය. මිහින්තලා ශ්‍රී රතනසාර දහම් පාසල තුළින් ආගමික දැනුමක් ලබා සමාජයට දායාද කරනු ලබන දූ දරුවන් රටට සම්පතකි.


මිහින්තලා මහ විදුහලේ ආචාර්ය දුන්නබිදුණුවැවේ පඤ්ඤාරතන හිමියන් සමඟ
ආචාර්ය මණ්ඩලය ඇතුළු දහම් පාසල් සිසු සිසුවියන්


ශ්‍රී රතනසාර දහම් පාසලේ ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය සමඟ දූ දරුවන්

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]