UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෛත්‍රී භාවනාව

මෛත්‍රී භාවනාව

අහං අවේරෝ හෝමී – මම වෛර නැත්තෙක් වෙම්වා
අභ්‍යාපජ්ජෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා
අනීඝෝ හෝමි - ඉරිසියා නැත්තෙක් වෙම්වා
සුඛී අත්තානං පරිහරාමි - සුවසේ ජීවත් වෙම්වා

අහං විය මය්හං - මා මෙන් ම මාගේ
ආචරි උපජ්ඣායා - ආචාර්ය උපාධ්‍යායෝ ද
මාතා පිතරෝ - මව් පියවරුද
හිත සත්තා - හිතවත් සත්වයෝ ද
මජ්ඣත්තික සත්තා - මධ්‍යස්ථ සත්වයෝද
වේරී සත්තා - වෛරී සත්වයෝද
අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා
අභ්‍යාපජ්ජා හොන්තු -තරහ නැත්තෝ වෙත්වා
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත් මිදෙත්වා
යථාලද්ධ සම්පත්තියෝ - ලද සම්පතින්
මාවි ගච්ඡන්තු - නො පිරිහෙත්වා
කම්මස්සකා - කාර්ය ස්වකීය දෑ කර ගත්තාහුය

ඉමස්මිං විහාරේ - මේ විහාරයේ සිටින
ඉමස්මිං ගෝචරගාමේ - මේ ගොදුරු ගමෙහි සිටින
ඉමස්මිං නගරයේ - මේ නගරයෙහි සිටින
ඉමස්මිං ලංකාදීපේ - මේ ලක්දිවෙහි සිටින
ඉමස්මිං ජම්බුදීපේ -මේ දඹදිවෙහි සිටින
ඉමස්මිං චක්කවාලේ - මේ සක්වලෙහි සිටින
ඉස්සරන ජනා - ඉසුරුමත් ජනතාවද

සීමට්ඨක දේවතා -සීමාමෙහි සිටින දෙවියෝද
සබ්බේ සත්තා -සියලු සත්වයෝද
අවේරා හොන්තු -වෛර නැත්තෝ වෙත්වා
අඛ්‍යාපජ්ජා හොන්තු – තරහා නැත්තෝ වෙත්වා
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා
සුඛි අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත් මිදෙත්වා
යථාලද්ධ සම්පත්තිතෝ - ලද සම්පතින්
මා විගච්ජන්තු - නො පිරිහෙත්වා
කම්මස්සකා - කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිසාවෙහි සිටින
දක්ඛිණාය දිසාය - දකුණු දිසාවෙහි සිටින
පච්ජිමාය දිසාය - බටහිර දිසාවෙහි සිටින
උත්තරාය දිසාය – උතුරු දිසාවෙහි සිටින
පුරත්ථිමාය අනු දිසාය – නැගෙනහිර අනු දිසාවෙහි සිටින
දක්ඛිණාය අනු දිසාය – දකුණු අනු දිසාවෙහි සිටින
පච්ජිමාය අනු දිසාය – බටහිර අනු දිසාවෙහි සිටින
උත්තරාය අනු දිසාය – උතුරු අනු දිසාවෙහි සිටින
හෙට්ඨිමාය දිසාය – යට දිසායෙහි සිටින
උපරිමාය දිසාය – උඩ දිසාවෙහි සිටින

සබ්බේ සත්තා - සියලු සත්වයෝද
සබ්බේ භූතා - හටගත් සියලු සත්වයෝද
සබ්බේ පුග්ගලා - සියලු පුද්ගලයෝද
සබ්බේ අත්තභාව පරියාපන්නා - ආත්මභාව පරියන කරන
සියලු සත්වයෝද
සබ්බේ ඉත්ථියෝ - සියලු ස්ත්‍රීහුද
සබ්බේ පුරිසා - සියලු පුරුෂයෝද
සබ්බේ අරියා - සියලු ආර්යයෝද
සබ්බේ අනරියා - සියලු අනාර්යයෝද
සබ්බේ දේවා - සියලු දෙවියෝ ද
සබ්බේ මනුස්සා - සියලු මනුස්සයෝද
සබ්බේ අමනුස්සා - සියලු අමනුස්සයෝද
සබ්බේ විනිපාතිකා - සියලු විනිපාතිකයෝද
අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා
අඛ්‍යාපජ්ජා හොන්තු - තරහ නැත්තෝ වෙත්වා
අනීඝා හොන්තු - ඉරිසියා නැත්තෝ වෙත්වා
සුඛී අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා
දුක්ඛා මුඤ්චන්තු - දුකින් අත මිදෙත්වා
යථාලද්ධ සම්පත්තියෝ – ලද සම්පතින්
මා විගච්ජන්තු - නො පිරිහෙත්වා
කම්මස්සකා - කර්මය ස්වකීය දෑ කර ගත්තාහුය
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු
(සියලු සත්වයෝ සුවපත් වෙත්වා)

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]