UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතිවිලි නිවැරැදිව හඳුනාගන්න

සිතිවිලි නිවැරැදිව හඳුනාගන්න

තරුණ ජීවිතය ගත කරන දරුවන් සැළකිල්ලට ගත යුතු කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ආර්ථික සාධකය ඉතාම වැදගත් බවත්, ඒක නාම කිං යනුවෙන් විමසූ විට සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා යනුවෙන් වදාරා තිබීමෙන් එය ප්‍රධාන බව හැඟෙයි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන බවත්,එහිදී භෞතික ආහාර මෙන්ම මානසික ආහාරත් වැදගත්වන බව අවධාරණය වෙයි.

ආර්ථික සුරක්ෂිතභාවය ඇතිකර ගන්නේ නැතිනම් සෙසු අභියෝග ජයගැනීමේ හැකියාව මග හැරී යයි. ඔබ ආර්ථික මය වශයෙන් පහළ මට්ටමක සිටිනවා නම්, අනෙක් පුද්ගලයන් දෙස උපේක්ෂාවෙන් බැලීමේ හැකියාව නැතිකම නිසා ආර්ථිකමය වශයෙන් පොහොසත් පුද්ගලයෙකෙªගේ හැකියාව අගය කිරීම සඳහා නිරාමිස සිතිවිලි පහළ වන්නේ නැහැ. සාර්ථක පුද්ගලයෙකු වුවහොත් පමණක් අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීමේ හැකියාව ලැබෙයි. එසේ නැතහොත් අනෙකාගේ සාර්ථකත්වය ඔබ රිදවමින් , සිතෙහි ඊර්ෂ්‍යාවක් ගොඩනඟයි. බුදු සමය සෑම මොහොතකම දන්වා සිටින්නේ මධ්‍යස්ථ දියුණුවක් පවත්වාගත යුතු බවයි. ආසියාතික මිනිසුන්ට වර්තමානයෙහි තිබෙන ප්‍රශ්නය නම්, ධර්මය දන්නවා වුණත්,ධර්මය පුහුණුවීමට පදනමක් නොතිබීමයි. ඔවුන්ගේ දිළිදුකම නිසා සාමාන්‍ය ජීවිතයෙහි ලැබිය යුතු පහසුකම් වත් අවම වශයෙන් ලබාගැනීමට අපොහොසත් වෙයි. එම නිසා තරුණ ප්‍රජාව වශයෙන් මූලික දශක හතර අවම වශයෙන් අවුරුදු හතළිහ හෝ පනහ වන තෙක් වත් ආර්ථිකමය වශයෙන් ඉහළ තලයක සුරක්ෂිත විය යුතුයි. ඔබ උපයන ලද ධනය ඉතාම යහපත් ආකාරයට අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීමත් සංවර්ධනය කිරීමත් කළ යුතුයි. බොහෝ දෙනෙකුට ධනය ඉපයීමට වෙහෙස මහන්සි වුවද, උපයන ලද ධනය නිවැරැදිව කළමනාකරණය කිරීමේ හැකියාව නැත. අවශ්‍යතාවයන් මුලිකත්වය ලබාදිය යුතු වුවත්, ආශාවන්ට මූලිකත්වය ලබාදීම ඊට හේතුවයි. ඔබගේ සිතට පැමිණෙන සිතිවිලි නිවැරැදිව හඳුනාගත යුතුයි. සෙසු පිරිස් සමඟ තරඟයට යාම සුදුසු නැහැ. ඒ වගේම එම තරඟයෙහි අවසානයක්ද දැකිය නොහැකි වෙයි. එවිට දීර්ඝකාලීන ණය කාරයෙකු වෙයි. ණය නැතිකමෙහි සැපත අත්විඳින පුද්ගලයන් නිදහස් ජීවිත ගත කරමින් ලෝකය දෙස බලයි. ණයක් යනු ජීවිතයට අනවශ්‍ය බරක් වෙයි. ඔහු සැම විටම පිඩා විඳිමින් වද විඳිමින් සිටියි. එම නිසා බුද්ධිමත්ව දේවල් අත්විඳින්නත් බුද්ධිමත්ව දේවල් අතහරින්නත් පුරුදු විය යුතුයි. ජීවිතය සරල කරගෙන නිවස සරල ස්ථානයක් බවට පත්කර ගන්න. ඒ සඳහා අවශ්‍යතා නිවැරැදිව හඳුනාගෙන හොඳ ආර්ථික කළමනාකරණයකින් යුක්තව තමන්ගේ ජීවිතය ගතකිරීමට අවධාරණය කරගත යුතුයි. ණය නොවී ආර්ථිකය කළමනාකරණය කරගැනීම තුළින්ම ඔබ මෙලොව පරලොව දෙකම සාර්ථක කරගන්නා පුද්ගලයෙකු වෙයි.

ඒ වගේම ජීවිතයට රසවිඳිම අත්‍යවශ්‍ය කාරණාවක් වුවත් තරුණ ජීවිතයෙහි නෘත්‍ය ගීත දර්ශනයට ලෝලත්වයක් ඇතිකර නොගත යුතුයි. නමුත් දියුණු සාහිත්‍යයක් රසවිඳීමට බුදුදහමෙහි බාධාවක් නැහැ. ඔබ එහි වසඟ නොවිය යුතුයි. අනවශ්‍ය ආකාරයෙන් වසඟ වුවහොත් , ඔබගේ ආරක්ෂාව,කාලය,ධනය විනාශ වීමෙන් අයහපත් තත්ත්වයක් උදාවෙයි. හොඳ නිර්මාණාත්මක නවකතා කියවිය යුතුයි. ජීවිතාවබෝධය ලැබෙන චිත්‍රපට, නාට්‍ය,නැරඹිය යුතුයි.ගිහියන් වන ඔබගේ චෛතසිකයන් වර්ධනය කරගැනීම සඳහා දියුණු සංගීතය ,ශ්‍රේෂ්ඨ රැසියානු සාහිත්‍ය, ,බ්‍රිතාන්‍ය සාහිත්‍ය, ලංකාව තුළ බිහිවුණ සම්භාවනීය උසස් කෘති බුද්ධිය තවදුරටත් පුළුල් කිරීමට උපකාරී වෙයි. පංචසිකගේ වීණා වාදනයත්,උග්ගසේනගේ කරනම් දර්ශනයත් බුදුරජාණන් වහන්සේ රස විඳ ඇතත් ඒවායෙහි මුසපත් වී නැහැ.ඔබගේ ජීවිතයෙහි රාගය, කාමුක බව, ද්වේෂය අවුස්සන සුළු නිර්මාණ නොබැලිය යුතුයි.වර්තමානයෙහි අධ්‍යාපනය බලහත්කාරයෙන් මනසට දැමිය යුතුවේ. එම නිසා ඔබගේ මනස ආසාවෙන් මුසපත් කරවන අරමුණු සමඟ ගතකිරීමට ඔබගේ ෙවිලාව වෙන් කර නොගත යුතුයි.තරුණ ජීවිත ගත කරන ඔබ නෘත්‍ය ගීත දර්ශනයෙහි ලෝලත්වය ඇතිකරගෙන මුසපත් නොවී ඉතාම බුද්ධිමත්ව තේරුම්ගෙන ප්‍රඥාාවන්තව අවබෝධකරගෙන ඔබගේ ජීවිතය වාසනාවන්ත කරගත යුතුයි.

තරුණ ජීවිතයක සාර්ථකත්වය වෙනුවෙන් මිත්‍රයන් සහ ඔබ අතර පවත්වන සබඳකම් ඔබගේ දියුණුවට බොහෝ සේ බලපෑම් එල්ල කල හැකි වෙයි.විශේෂයෙන්ම සිඟාලෝවාද සූත්‍රයේදී කල්‍යාණ මිත්‍රයන් වන ගුණවත් මිතුරන් යමිකිසි ගිහියෙකුට ඇසුරු කිරීමට ලැබෙනවා නම්, එම මුණගැසීම තරුණ ඔබගේ ජීවිතයෙහි සාර්ථකත්වයට, ජයග්‍රහණයන්ට විශාල මෙහෙවරක් ඉටුකරයි. කල්‍යාණ මිත්‍රයෙකු අපගේ භෞතික දියුණුවට උදවු උපකාර කරන්නාසේම අපගේ අධ්‍යාත්මික ශක්තිය පිරිහෙන්නට නොදී අඛණ්ඩව පවත්වාගෙන යාමට ලැබෙන ශක්තිය සුළුකොට සැළකිය නොහැකියි. කල්‍යාණ මිත්‍රයා අප සමීපයෙහි සිටිමින් ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කරයි. ඇතැම් අවස්ථාවක අපගෙන් සිදුවන වැරැදි, වරදක් ලෙස අපට නොපෙනන විට එම තත්ත්වය මඟහරවා නිවැරැදි කරගැනීමට උපදෙස් ලබාදෙයි.ඔබගේ් මිත්‍රයා ඔබට සමාන ගුණ ධර්මවලින් යුක්ත විය යුතුයි. සීල, ශ්‍රද්ධා, ත්‍යාග , ප්‍රඤ්ඤා ආදී උදාර ගුණවලින් සම වන විට ඔබ නිවැරැදි මාර්ගයෙහි කැඳවාගෙන යාවි. ඔබ අපාගාමීවීම වළක්වා යහපතෙහි පිහිටුවීම කරනු ලබන්නේ ඔහු විසින් නිසාම නිවැරැදි මාර්ගෝපදේශකත්වය ලබාදෙයි. එම නිසා තරුණ ඔබ නිතරම සම වයස් කණ්ඩායමි ඇසුර ප්‍රිය කරයි. එය සාමාන්‍ය ස්වභාවයක්. නමුත් ඇසුරට ගත යුතු සහ නොගත යුතු මිතුරන් සිටින බව අවබෝධ කරගත යුතුයි.බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙහි සාකච්ඡාවට භාජනය කරන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙතරම් දුරට සාර්ථකත්වය කරා මෙහෙයවනවාද යන කාරණාව සි ඟාලෝවාද සූත්‍රයෙන් විග්‍රහ වෙයි.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]