UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: යහපතම සිතට පහදා දිය යුතුයි

යහපතම සිතට පහදා දිය යුතුයි

සිතෙහි ස්වභාවය හඳුනාගැනීම ජීවත්වීෙමිදී වැදගත් වෙයි. අත් දෙකක් තිබුණත් ඇඟිලි දහයක් තිබුණත් එක සිතක් තිබෙන ආකාරයට ශරීරය නිර්මාණය වෙයි. අඩුවෙන් තිබෙන දේ වැඩිපුර පරිස්සමින් හා අඩුවෙන් පරිහරණය කිරීම ක්‍රමය වෙයි. වැඩිපුර තිබෙන අංගයන් ගෙන් එකක් නැතිව ගියත් ,අනෙකුත් අංගයක් පරිහරණය කළ හැකියි.

ප්‍රමාණය අඩුවෙන් තිබෙන විට ප්‍රවේසම් කරන ප්‍රමාණය වැඩියි. උදාහරණයක් වශයෙන් මසකට ලැබෙන වැටුප අඩු නම්, එම මුදලෙහි අරපරිස්සම වැඩිවෙයි. එක සිතක් තිබෙන නිසාම අරපරිස්සමෙන් වැඩ කළ යුතු බව බුදු දහමෙහි සඳහන් වෙයි. තමන්ගේ සිත අරපරිස්සමින්, හරිම අවබෝධයෙන් හරිම කල්පනාවෙන් පාවිච්චි කළ යුතු බව බණ පොතෙහි උගන්වයි. සිත රෝගී වූ විට නිරෝගී කර ගැනීමට සිදුවන්නේත් සිතෙන් සිතීමෙන්මයි. ඒ සඳහා වෙනත් උදවුකරුවන් නැහැ. ශරීරයේ සෙසු කොටස් තුවාලවූ විට බෙහෙත් දැමීමට පිරිස් සිටියත්, සිත තුවාල වූ අවස්ථාවල අරමුණුවලින්ම සිත සිතා සිත හදාගත යුතුයි. සෑම මනුෂ්‍යයෙකුගේම යුතුකම වියයුත්තේ සාරධර්මතා, මනුෂ්‍යයෙකු තුළ තිබිය යුතු හොඳ පෞරුෂ ලක්ෂණ තමන්ගේ මනසින් හසුරුවාගෙන සමාජයෙහි වැඩ කටයුතු කිරීමයි.නතං මාතා පිතා කයිරා අඤ්ඤෝ වා පිච ඤාතකා සම්මා පණිහිතං ච්ත්තං සෙයි්‍ය සෝනං තතෝ කරේ. පණිහිතං යන පාලි වචනයෙහි සිංහල තේරුම ආශාව සහ තෘෂ්ණාව යන අර්ථයයි. ආශාව , තෘෂ්ණාව, ඇල්ම යන තේරුම් ලබාදෙයි. සම්මා පණිහිතං යනු ඉතා හොඳින් මැනවින් උදාර බවින් යුක්තව සකස්කරගත් සිතයි.

ආශාවන්, තෘෂ්ණාවන් අවශ්‍ය ප්‍රමාණයටද , නොහැදුණු කම් අවශ්‍ය ප්‍රමාණයටද ලබාදී තමන් සිත සකස්කර ගත යුතුයි. සම්මා පණීහිතං ච්ත්තං සිත හරිම අමුතුයි. අරුම පුදුමයි. සිතට විවිධ අරමුණු පැමිණෙවා වගේම සිතට විිවිධ දේ සිතෙයි. සිතට සිතෙන සිතෙන දේ තමන් සත්‍ය ලෙස පිළිගැනීමට යයි. මේ සිත තමන්ගේ වුවමනාවට තමන්ගේ අරමුණු ජයග්‍රහණය කරගැනීමට නම් සමාජයට හානියක් නොවන ආකාරයෙන් තමන්ගේ අවශ්‍යතා අරමුණු ජයග්‍රහණය කරගැනීම සඳහා සිත වෙනම සකස්කරගැනීම අවශ්‍ය වෙයි. එසේ නැතිව ගිය විට සිත සිතට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිතෙහි ස්වභාවය එයයි. එම පුද්ගලයා වැඩ කටයුතු කරන්නේ ඔහුට සිතෙන ආකාරයටයි. තමන්ගේ සිත තමන් හසුරුවා ගැනීමට උත්සාහ ගන්නේ නැත්නම්,සිත සිතට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට යයි. සිතට අවශ්‍ය ආකාරයට වැඩ කිරීම සිතෙහි ස්වභාවය වෙයි. අනෙක් කාරණාව නම්, තමන්ට අවශ්‍ය ආකාරයට ජීවිතය සැලසුම් කරගැනීමයි. එසේ සැලසුම් කළ ආකාරයට එම කාර්යය කළ යුතුයි. ඒ ආකාරයට කරගෙන ගිය සිත ඒ සඳහා පුරුදු වෙයි. සිත ඒ ආකාරයට පුහුණු වීම සිත පුහුණු කළ බවට අප ප්‍රකාශ කරයි. කට, කය පුහුණු කළාට වඩා කය පුහුණු වීම සිත හරහා කළ යුතුයි. සිත හරහා කය පුහුණු කිරීම පුහුණුවක් වෙයි. කට පාලනය කළ යුත්තේ සිත හරහායි. එම පාලනය ශක්තිමත් වෙයි. සිතට හොරා කට හැදීමට යාමෙන් කට එම අවස්ථාවට පමණක් හැදෙයි. සිත හරහා කට පාලනය කිරීමෙන් තරමක් දුරට දීර්ඝ කාලයක් පැවතිය හැකියි. එම සිතට සම්මා පණිහිතං මැනවින් සකස් කළ සිත තමන්ගේ ජීවිතය හා ගලපා ගත යුත්තේ තමන්ගේ අරමුණුත් සමඟ බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

කුඩා දරුවෙකුගේ සිත අධ්‍යාපන අරමුණුවලට ගැලපෙන ආකාරයෙන්, සිත සකස් කරගත යුතුයි. අම්මාකෙනෙක් නම්,අම්මාගේ කාර්යභාරයත් සමඟ අවශ්‍ය ආකාරයට සිත සකස්කර ගත යුතුයි .අම්මා කෙනෙකු තමන් මෙවැනි ආකාරයෙන් වැඩ කටයුතු කළ යුතු බවට තමාගේ සිතට තමා විසින්ම අරමුණු ලබාදිය යුතුයි. තාත්තා කෙනෙක් නම්, දරුවෙකු සිටින පියෙක් වශයෙන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට සිතට අරමුණු ලබාදිය යුතුයි. තමන් උපන් ආගමට , ජාතියට රටට වැඩක් කළ යුතුයි. එසේ නැතහොත් ඔබ රටට බරක් වෙයි. එම සිතිවිලි එසේ මනසට ලබාදිය යුතුයි. අරමුණු නිතර නිතර මනසට දීමත් සමඟ ඒ සඳහා පුරුදු වෙයි. යහපත් දෙය කාලයක් සිතට පුරුදු කළ යුතුයි. ඔබ අයහපත් ආකාරයෙන් බොරුවක් ප්‍රකාශ කළ පළමු දිනය මතකයේ ඇති.ඔබ බොහෝ බොරු ප්‍රකාශ කර ඇත්නම් ඔබට මතක නැතිව ඇති.

ඔබ පළමු බොරුව ප්‍රකාශ කිරීමට සිත හදාගත්තේ කෙතරම් අපහසුවෙන්ද?ඔබ එම බොරුව ආරක්ෂා කිරීම සඳහා මනස කෙතරම් වෙහෙස කෙරුවාද?ඔබ සමාජයට කළ බොරුව සාධාරණීකරණය කිරීම සඳහා හදවතත් සමඟ කෙතරම් පොරබැදුවාද? නමුත් දෙවන දවසක බොරුවක් ප්‍රකාශ කරන විට ඔබට එතරම් ගැටලුවක් සිදුවුණාද? පළමු වතාවට කළ වරද දෙවන වතාවට කිරීම එතරම් අපහසු නැහැ.හතරවෙනි පස්වෙනි වතාවට වැරැදි කරන අවස්ථාවල එම වැරැදි තමන් කරන වැරැදිද? යන්න මතකයට නැඟෙන්නේ නැහැ. නරක කාරණාවක් සිතට පුුහුණු කිරීමට අවශ්‍ය නැහැ. අයහපත් දෙය එකපාරක් කළ විට නොදැනීම හුරුවෙලා යයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ දරුවන් පිළිබඳව අප නිතර කතා කරයි. පළමු දවසේ මත්ද්‍රව්‍ය ගැනීමට ගත් මහන්සියත් ,මත්වූ ආකාරයත් ,ප්‍රකාශ කළත් එම කාර්යයම නැවත නැවත කරන අවස්ථාවල එතරම් අපහසුවක් නැහැ. තමන්ගේ ක්‍රියාදාමය වරදක් බවටවත් වැටහීමක් නැහැ. පළමු වතාවට වරදක් කරන අවස්ථාවෙහි ඔබ හදවතත් සමඟ කෙතරම් ගැටුනාද?නමුත් කාලයත් සමඟ දීර්ඝ කාලීනව එම තත්ත්වය පවත්වාගෙන යන විට එය සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු තවත් පිරිසක් එය විෙවිචනය කළත් ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කළත් එය එතරම් දැනීමක් ඔබට ඇති නොවෙයි. කිසියම් අවස්ථාවක ඔබට ඇතිවුණ කේන්තියකදී සමාජය මැද කෑ ගැසුවා නම්, ඔබ පසුව ඒ පිළිබඳව කෙතරම් දුක් වෙන්න ඇතිද?නමුත් ඊට පසුව එයම සිදුකිරීමට ඔබට එතරම් ගැටලුවක් වුණේ නැහැ. විවාහ වූ ඔබ දෙදෙනා තම බිරිඳ හෝ ස්වාමියා සමඟ ගැටුම් ඇතිකරගත් පළමු දවසේ බරපතළ ලෙස ප්‍රශ්නයක් ලෙස සිතට දැනෙයි. නමුත් දීර්ඝ කාලීනව එය සිදුකරන විට සිත ඉබේටම අයහපතට පෙළඹෙයි. එය නරකද? හොඳද?යන කාරණාවත් එම තැනැත්තා හෝ තැනැත්තිය දන්නේ නැහැ. තමන්ගේ සිත සමඟ නිතර තර්ක කරමින් ජීවත් වීමට සිදුවෙයි. සෑම පුද්ගලයෙක්ම තමන්ගේ අතින් වරදක් වූ විට මගෙන් ්එම වරද සිදුවිමට හේතුව කුමක්ද? එම අඩුපාඩුව නැවත හදාගන්නේ කුමන ආකාරයටද?යහපත මනසට නිතර නිතර පහදා දිය යුතුයි.

උදේ සවස පහදාදෙමින් තමන්ගේ සිත තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවාගත යුතුයි. තමන්ට අවශ්‍ය ආකාරයට සිත හසුරුවමින් යන ගමන ඔබ විශේෂ පුද්ගලයෙක් කරන බවට බණ පොතෙහි සඳහන් වෙයි. සම්මා පණිහිතං ච්ත්තං මැනවින් සකස් කළ වඩා වර්ධනය කළ අරමුණු ලබාදුන් මනස විසින් තමන් ඉහළ තලයේ පුද්ගලයෙකු බවට පත්කරයි. එය තමන්ගේ මනසින් සිදුවන ක්‍රියාවක්. මනසට යහපත් සිතිවිලි ලබාදීමෙන් උතුම් වැඩ කළ හැකියි. ඔබ එවැනි ආකාරයෙන් හැසිරෙන විට ඔබ ඉහළ තලයේ පුද්ගලයෙකු බවට සමාජය විසින් හඳුන්වයි. ඔහු ඉවසීම තිබෙන උතුම් පුද්ගලයෙකු බව සමාජය තීරණය කරයි. සිත සැම විටම අවුල් වීමට කැමැති බවත්, සිත අපිළිවෙළ වීමට ආශා කරන බවත්, සිත සැම විටම තවත් පුද්ගලයෙකු රිදවීමට ආශාකරන ගමන් තමනුත් රිදවාගැනීමට ආශා කරයි. එය සිතෙහි ස්වභාවයයි. දුක්විඳින්න , දුක දෙන්න, කේන්තිය දෙන්න, වෛරය ලබාදෙන්න ඔබේ සිත පෙරමග බලාසිටියි .ඒවාට රුච්යක් දක්වයි. වෙනත් පුද්ගලයෙක් අඬනවා බලන්න සිත ආශා කරයි. තවත් අයෙකුට දුකක් ලබාදී සතුටුවීමට ආශා කරයි. තමනුත් දුක්විඳිමින් අඬාවැටෙමින් සිටීමට ආශා කරනවා වගේම ඔබ වැඩිපුර ආශා කරන්නේ සතුටින් සිටීමටද? දුකෙන් සිටීමටද? ඔබ ඔබගේ සිතෙන් විමසා බලන්න. මම ආශා කරන්නේ සතුටින් සිටීමට බවට උත්තරය ලැබුණත් දවස් දෙක තුනක් නිරීක්ෂණය කර බලන්න. වැඩි වෙලාවක් සතුටෙන් ජීවත් වුණාද? නැද්ද? යන වග.එම නිසා සෑම පුද්ගලයෙක්ම තමන්ගේ සිත සමඟ ගනුදෙනු කරම්න්ම වැඩ කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.සැම විටම සිතට යහපත්කම තමා විසින් පහදා දිය යුතුයි. එම අවස්ථාව ලබාගැනීමක් වශයෙන් රාත්‍රී නින්දට පෙර සිතත් සමඟ කල්පනා කළ යුතුයි.

ඇතැම් රහතන් වහන්සේලා අහස දෙස බලාගෙන සිට රහත්වූ බව බණ පොතෙහි සඳහන් වෙයි. සිතෙහි තිබෙන කේන්තිය වෛරය අතහැර දමා සුළඟට වැනෙන ගසක් දෙස බලාගෙන සිටින අවස්ථාවක සිතට බොහෝ විෙවිකයක් ලැබෙයි. සිතට විවේකයක් ලැබුණ ගමන් සිත ක්‍රමානුකූලව තැන්පත්ව පෙර තිබුණ තත්ත්වයට පත්වෙයි. වෛරය ක්‍රෝධය තරහව ඊ්ර්ෂ්‍යාව කුහකකම යන සිතිවිලි පැමිණි විගසම නවත්වා සිතට විෙවිකයක් ලබාදීමෙන් සිත යහපත් තත්ත්වයට පත් වෙයි . සිතට විෙවිකය අවශ්‍ය වෙයි. එම විවෙකය යනු අල්වා ගැනීමක් නොවෙයි.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]