UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රන්වැට සහිත සිරිපා උඩ මළුම

සිරිපා වන්දනාව

ත නිරාමිස සුවය සඳහා ශ්‍රී පාදස්ථානය වාර්ෂිකව වන්දනා කෙරෙන අතර ඒ සඳහා ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් සිරිපා කරුණා කරන සියලු වන්දනාකරුවන් මහත් ඇප කැපවීමෙන් පැමිණීම අගයනු ලැබේ. සම්බුදු පා පහස ලද සමනල ගිර පිළිබඳව ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධා-රාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ් රජ මහා විහාරය යන විහාරයන්හි අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘බුදුසරණ’ සමඟ කළ සාකච්ඡාවකි මේ.   සබරගමු වැසි ප්‍රාදේශීය නායක රජෙක් වන සුමන සමන් දෙවිතුමාගේ ගෞරවණීය ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ වැඩමවා සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළහ. එදා සිට මේ ලක් දෙරණ පාරිශුද්ධත්වයට පත්වුණි. මෙය සත්‍ය සිදුවීමක් වේ. එසේ නොවේ නම් මේතාක් වන්දනා කරමින් ගෞරව දැක්වේද? විශ්මිත සිදුවීමක් හෙයින් සම්‍යක් දෘෂ්ටික බැතිමතුන් පමණක් නොව අන්‍යදෘෂ්ටික අයද තම තමන්ගේ දෙවියන් ලෙස ගෞරව දැක්වීමට පෙළඹුණි. එදා සිට අද වන තෙක්ම ලොව වෙසෙන මිනිසුන්ගේ ගෞරවයට පත්ව ඇති මෙම උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන්ගේ පූජනීය උරුමයක් වූ ස්ථානයක් වේ.

ඉතිරිය»

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]