UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කලා කෙත අස්වද්දන නිර්මාණ ශිල්පියා

කලා කෙත අස්වද්දන නිර්මාණ ශිල්පියා

හෙළ රජ දවස සිත් පිත් නැති මහ කළුගල්වලින් කරුණා මෙත් ගුණ පැතිරෙන දුටුවන් පහන් කරවන අසිරිමත් ඓතිහාසික නිර්මාණ බිහි කළේය. වසර සිය දහස් ගණන් ගෙවී ගියද එබඳු නිර්මාණ මගින් අපේ කලාකරුවාගෙන් හෙළ කලා කෙත පෝෂණය වූ ආකාරය අදටත් කියා පානු ලැබේ. එදා ඒ ඓතිහාසික නිර්මාණ දේශීය කලාවේ ප්‍රෞඩත්වය කියා පාන අතර දුටුවන් මවිත කරවනු ලැබේ. කළුගලට පණ දෙමින් කළ ඒ විශ්මිත නිර්මාණ අපේ ඉතිහාසයේ ශේෂව පවතින අගනා සාක්ෂි බවට පත්ව ඇත.


පැපිලියාන රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ


එච්.සී.එල්. වික්‍රමසිංහ

වත්මනෙහි වුවද නිර්මාණය කෙරෙන එබඳු දේ අනාගතයෙහි ඵෙතිහාසික සිහිවටන බවට පත්වනු නොඅනුමානය.

කළුගල් ඇසුරෙන් කැටයම් කලාවට පිවිස ඒ අනුව කළුගලින් නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා, කොරවක් ගල්, පුන්කලස් , සඳකඩ පහන්, පඩිපේලි සහ විවිධ කැටයම් නිර්මාණ කිරීම කලාකෙත අස්වැද්දීමක් වැනිය. එම නිර්මාණ බිහි කරනුයේ හපුආරච්චිගේ චන්ද්‍ර ලීලානන්ද වික්‍රමසිංහ මහතාය.

1941 දී මිනුවන්ගොඩ පත්තඩුවන ග්‍රාමයෙහි මුල්ගුරු යුවලකගේ එකම පුත්‍රයා වූ ඔහු පොල්වත්ත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත. අනතුරුව මරදාන කාර්මික විද්‍යාලයෙන් ලෝහ හා මෝටර් කර්මාන්තය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවේය. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බිලායි කර්මාන්ත ආයතනයේ කාර්මික ශිල්පය හදරා අනතුරුව රුසියාවේ යුක්රේන් කර්මාන්ත ශාලාවේ වානේ යන්ත්‍ර සූත්‍ර හා ඉදිකිරීම් පිළිබඳ පුහුණුවක් ලබා වසර දහයක් පමණ ඔරුවල වානේ සංස්ථාවේ සේවය කළේය.

1972 දී සේවකයන් දෙදෙනෙකුගෙන් තම මූලිකත්වයෙන් ආයතනයක් අරඹන ලදී. එමගින් විවිධ වර්ගයේ මෝටර් රථ උපකරණ නිපදවීය. අනතුරුව කළුගල් ආශි‍්‍රත නිර්මාණ බිහිකිරීමට සිය අවධානය යොමු කළ අතර ප්‍රතිමා වහන්සේ ඇතුළු සියලුම කළුගල් කැටයම් භාණ්ඩ නිෂ්පාදනය කළ බව ලීලානන්ද වික්‍රමසිංහ මහතා කියයි.

මෙරට ඓතිහාසික පූජනීය ස්ථාන කීපයක කළුගල් ඇසුරෙන් විවිධ කලා නිර්මාණ බිහිකිරීමට තමාට වාසනාව උදාවූ බවද ඒ මහතා කියයි. ඒ අතර අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේගේ මළුවෙහි පඩිපේළි තුනක් නිර්මාණය කළ අතර ඊට කොරවක් ගල්, පුන්කලස්, සඳකඩපහන් ද ඇතුළත් වන බවද ඒ මහතා කියයි. කැලණි රජ මහා විහාරයේ බටහිර පඩිපෙළ කළුගලින් නිර්මාණය කිරීමට හැකිවීම ගැනද ඒ මහතා සතුටු වෙයි. කළුතර බෝධි පරිශ්‍රයේ කැටයම් නිර්මාණද ඇතුළු වෙහෙර විහාර රැසක විවිධ කැටයම් නිර්මාණ කිරීමට අවස්ථාව ලද බවද කියයි. ඓතිහාසික පූජනීය ස්ථාන කීපයක සලපතල මළුව කළුගල් අතුරා ඇති අතර වතුරවිල ආරණ්‍ය සේනාසනයේ පිහිටි කළුගලෙහි අඩි හතළිහක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේද නිර්මාණය කර ඇත. උඩුබද්දාව නැවකඩ විහාරස්ථානයේ පිහිටි ගලෙහි අඩි හැටක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සිදුකර ගෙන යන බවද ඒ මහතා කියයි.

මිනුවන්ගොඩ ස්ටාර් ඉන්ඩස්ට්‍රීස් අධිපති ලීලානන්ද වික්‍රමසිංහ මහතා යටතේ අනුබද්ධ ආයතන රැසක තුන්සියකට අධික පිරිසකට රැකියා අවස්ථා සපයා ඇති අතර එම ආයතනය මගින් කාර්මික ශිල්පීන් පුහුණුකර ශිල්ප ඤාණය ලබාදී රැකියා සැපයීමටද කටයුතු කර ඇතැයිද ඒ මහතා කියයි.

තමන් නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ රටවල් කීපයකටද වැඩම කරවා තිබෙන බවද වික්‍රමසිංහ මහතා කීය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]