UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2017.03.12

අධ්‍යාත්මික ජීවිතය

වසරේ එළඹෙන සෑම පුර පසළොස්වක පොහෝ දිනයක්ම අසිරිමත් සම්බුදු සිරිත හෝ ශාසන වංශ කතාව සිහිපත් කරවන අනුස්මරණීය දිනයන් වේ. මැදින් මහේ පසළොස්වක එළඹෙනවිට අසිරිමත් සම්බුදු සිරිත සිහි ගන්වනු ලැබේ.

ලෝකාර්ථචර්යාවෙහි යෙදුණු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසි දහසක් පමණ වූ ආර්ය මහා සංඝරත්නය ද පිරිවරාගෙන සුද්ධෝදන පිය මහ රජතුමාටත් ශාක්‍ය වංශිකයින්ටත් අමා මහ නිවන්සුව හිමිකරදීම් වස් රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමනාරම්භ කළ දිනය මැදින් පොහොය දවසයි.

එම අසිරිය සිහි ගන්වමින් බෞද්ධ ජනතාව දාන ශීල භාවනා ආදී පින්කම්හි යෙදෙමින් මෙම උදාර දිනයේදී ජීවිතය අධ්‍යාත්මික සුවයට යොමු කරවීමට මහන්සි ගන්නා බව කිව යුතු නොවේ. පසළොස්වක පොහොය උදාවන විට බෞද්ධයා ඇප කැප වී සූදානම් වනුයේ ආගමික වතාවත්වල නිරත වීමටය. අතීතයේ අපේ මුතුන් මිත්තන් පෙහෙවස් සමාදන්ව පසුදා හිමිදිරිය දක්වා රැය පහන් කළහ. අද පවා බොහෝ වෙහෙර විහාරස්ථානවල දිනය පුරා සිල් පිරිසගෙන් අඩුවක් නොවේ. ඇතැම් විට ජීවිතය, කාර්යබහුල යැයි සිතන පතන ඇතැමෙක් පෙරවරුවේ පෙහෙවස් සමාදන්ව පස්වරුවේ සිල් පවාරණය කරන බවක් ද දක්නට ලැබේ.

බාහිර දිවි පැවැත්මෙන් සුළු වේලාවකට හෝ ඈත් වී විහාරස්ථානයට ගොස් තෙරුවනෙහි පිහිට ලබාගත හැකි වෙතොත් ජීවිතයට එය කෙතරම් සැනසිල්ලක් උදාකර දෙනවාදැයි කල්පනාවට ගැනීම ඉතා උචිතය. ජීවිත කාලය පිළිබඳ බුද්ධිමත් සිතින් විමසා බැලීම වටී. පෝයදාට පන්සලකට ගොස් පෙහෙවස් සමාදන්වීමටවත් තරම් ජීවිතයට විවේකයක් උදාකර නොගනීද?

උදාවන හැම දවසක්ම කාර්ය බහුල වනුයේ හෝ කාර්ය බහුල කර ගනුයේ තම තමන්ගේ අවශ්‍යතා පමණට සරිලන පරිදිය. බහු භාණ්ඩික ජීවිතයට නිවීමක් සැනසීමක් උදාකර ගැනීම පහසු ක්‍රියාවක් නොවේ. ගතට සිතට විවේකයක් නොදෙන තරමට කාර්යබහුලද? නැතහොත් එබඳු ජීවිතයකින් පැය ගණනකට හෝ ඈත්වන්නට ඇති අකැමැත්ත නිසාද? ජීවිතය ජීවත් කරවීමට පුරුදු විය යුත්තේ ලද දෙයින් සතුටු වීමටය. අල්පේච්ඡ ජීවිතය ධනය පසු පසම ගමන් නොකරයි.

අප මෙලොවට බිහිවන විට රැගෙන ආ දෙයක් තිබේද? සසර ගමනේ යන එන හැම තැන අරගෙන යන්නේ කුසල් අකුසල් පමණය. පෙර කළ කුසල අකුසල බලයෙන් මෙලොවදී දුක හෝ සැප විඳිනු ලැබේ. අකුසලය නම් ගොනු පසු පස යන රියසක බඳුය. තමා පසු පසම එන කුසලය සෙවනැල්ල බඳුය. කුසල් අකුසල් ගැන සිතිය යුත්තේ ජීවිතයේ සවි ශක්තිය පවතින කාලයේදීය. එකලදී භෞතික සම්පත් පසුපසම පමණක් සොයා ගියහොත් අවසානයේ එයම පසුතැවිල්ලට එක් මඟක් වනු ඇත.

ජීවිතය පසුතැවිල්ලට යොමු කරනවාද?

සැනසීම උදෙසා ගත කරනවාද? යන තීරණය පවතින්නේ මනුෂ්‍යයා සතුවය. කය, සිත, වචනය, සංවර කරගත නොහැකි වූ තරමට විඳින විපාකය කටුකය. සමාජය දෙස විමසිලිමත් නුවණින් මෙනෙහිකර බැලිම වටී. මනුෂ්‍යයාට පැමිණෙන කරදර බාධක සියල්ලටමුල ඒ තිදොරෙහි අසංවරය නිසා නොවේද? නැණවත් මනුෂ්‍යයා ජීවිතයේ යථාර්ථය වටහා ගැනීමට කල්පනා කරනුයේ බුද්ධිමත්වය. ජීවත්වීම යනු කා බී සතුටුවීම පමණක් නොවේ. ජීවිතය අර්ථ සම්පන්නව ගෙවිය යුතු වන්නේ සසර ගමන පුරා කුසල් දහම් අවශ්‍යවන හෙයිනි. ගමනක් යන විට ඊට සරිලන මග වියදම් අත තිබිය යුතු ය. මග වියදම් නොතිබුණ හොත් ගමනාන්තයට යා නොහැකිව ඒ දුරගමන අතර මඟ නතර වේ. ඒ දුර සසර ගමනේ වාසනාවකට මෙන් මිනිස් ලොව උපත ලැබීය. මිනිස් ලොව උපත කෙතරම් දුලභද? එබඳු දුලභ මිනිසත් භවයක් ලබා ජීවිතයෙන් අධ්‍යාත්මික සුවයක් නොලදහොත් කනගාටුවක් පසුතැවීමක් උදා නොවන්නේදැයි කෙසේ කාට නම් කිව හැකි ද?

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]