UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා කරුණාව බුදුපුදට යන පුණ්‍ය කටයුත්තක්

සිරිපා කරුණාව බුදුපුදට යන පුණ්‍ය කටයුත්තක්

ශ්‍රී සම්බුද්ධ පාද ස්පර්ශය ඇතැයි සැලකෙන පුණ්‍යභූමි වන්දනා කිරීමට, පුද පූජා පැවැත්වීමට බොදු ජනතාව මහත් රුචියක් දක්වති. මෙරට බෞද්ධයන් ඉමහත් බැතියෙන් යුතුව වන්දනා කරන සොළොස්මස්ථාන අතර ශ්‍රී පාදය තම ජීවිත කාලයේදී එක් වරක් හෝ වන්දනා කිරීමට ඔවුහු අමතක නොකරති.

බුදුරජාණන් වහන්සේ තෙවැනි වර කැලණියට වැඩි ගමනේ දී සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ වම් සිරිපා ලකුණ පිහිට වූ බව මහාවංශයේ සඳහන් වේ. නිශ්ශංකමල්ල රජතුමා ඒ සිරිපා ලකුණ අටළොස් රියන් ගලකින් වසා ඒ මත මුනි සිරිපා සලකුණ කෙටූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. රාජ රාජමහාමාත්‍යාදීන්ගේ සිට සමස්ත ජනතාවම අනාදිමත් කාලයක සිට මේ පුණ්‍යභූමිය වන්දනා කළහ.

ඒ ඉතිහාසගත තොරතුරුවලින් සනාථ වන බුදුන් වැඩි මේ කන්ද අපේ ජන සමාජයේ මුල් බැස ගත් පූජනීය ආගමික සිද්ධස්ථානයක් වී ඇත.

ඉතා ඈත අතීතයේ සිටම සිරිපතුල වැඳීමට සමනල කන්ද නැඟීම බොදු ජනතාව වාර්ෂිකව ඉටු කරන වතාවතක් ලෙස පැවත එන්නකි. සිරිපා සමය ඇරඹීමත් සමඟ කඳු නැගීමේ දුෂ්කර වෑයම ඉතා සංසුන් මනසකින් මහත් භක්තියෙන් යුතුව ඉටු කරති.

මේ නිසාම සිරිපා කරුණාවට ආවේණික වූ වතාවත් රැසක් අපේ ජන සංස්කෘතියට එක්ව ඇත. වසරින් වසර එළඹෙන සිරිපා සමයේදී සිරිපා කරුණාවේ ඒ ඉපැරණි සිරිත් විරිත් ආරක්ෂා කිරීමට සියලු දෙනා වග බලා ගත යුත්තකි.

ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ සිට සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේව භාණ්ඩ අලංකාර පෙරහරකින් රැගෙන ගොස් ශ්‍රී පාද පද්මයේ පිහිටි සමන්දේවාලයේ තැන්පත් කිරීම සිරිපා සමය ආරම්භ කිරීම නිමිති කර ගෙන කරනු ලබන ප්‍රථම වතාවතයි. එතැන් සිට පුරා මස 06 ක් සිරිපා වන්දනාව සිදු කෙරේ. මේ කාලය තුළ රත්නපුරය සමන් දේවාලයේ සිට සමන් දේව ප්‍රතිමාව සිරිපා කන්ද මුදුනට වැඩමවනු ලැබේ.

දේව භක්තියත්, බුද්ධාලම්භන පී‍්‍රතියත් මුසු වූ මේ සිරිපා කරුණාව බුදු පුදට යන පුණ්‍ය කටයුත්තක් සේ සලකා ඉතාමත් සංවරව ඉටු කරන්නට අපේ පැරැන්නෝ වග බලා ගත්හ. එය කිසිවිට විනෝද චාරිකාවක් ලෙස ඔවුහු නොසැලකූහ. මුල්වරට මේ වන්දනාවේ යෙදෙන්නා කෝඩුකාරයාය. ඔවුන් නඩේගුරාගේ විශේෂ ආරක්ෂාව හා පාලනයට යටත් විය යුතුය.

සමනොල කන්ද නඟින වන්දනාකරුවෝ ඉතාමත් සංවරශීලිය. කරුණාවන්තය. සැමගේ මුවඟ රැඳෙන්නේ තුන්සරණයයි.

 ජාතික රූපවාහිනිය සෑම වසරකම මේ සිරිපා සමයේ පුන් පොහෝ දින මහමළුවේ සිට සිදු කෙරෙන ආගමික වතාවත් සජීවිව විකාශනය කරමින් වත්මන් සමාජයට සිහිපත් කරන්නේ මේ පුදබිමේ ගරුත්වය ආරක්ෂා කිරීමේ සමාජමය වගකීමයි. "

හිමගත වර්ණනාව, සමන් දෙවි වරුණ හා තුන් සරණය වැනි පොත්වල සඳහන් පද්‍ය ගායනා කරමින් මේ අසිරිමත් කන්ද තරණය කරති. කිසිවෙකු කිසිවෙකුට විහිලු තහලු නොකරති. කට වරද්දා ගැනීමට අසංවරව හැසිරීමට සමන් දෙවියන්ගෙන් බරපතල දඬුවම් ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ.

ඉහළ නඟින කණ්ඩායම හමුවු විට පහළ බසින කණ්ඩායම හමු වූ විට “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” කියා ආශිර්වාද කරති. ඉහළ නඟින කණ්ඩායම පිළිතුරු සපයති. එදා පැවති මේ සංවර බව, සදාචාරය වර්තමානයේ සිරිපාද වන්දනාකරුවන් තුළ දක්නට ලැබෙන්නේදැයි කුකුසකි. ග්‍රාමීය කණ්ඩායම් එකතුව එකමුතු බව වර්ධනය කරමින් වාර්ෂිකව කළ මේ අසිරිමත් වන්දනාව නිසා බොහෝ සුබඵල තිළිණ විය. සිරිපා වඳින්නට ආ වාර ගණන සිහිපත් කරමින් එහි ඇති ඝන්ඨාව නාද කිරීම සමහරුන්ගේ සිරිතකි.

ජන සමාජය තුළ පැළපදියම් වූ ඒ ශ්‍රී පාද වතාවත් අපේ සිංහල සංස්කෘතිය පිළිබිඹු කළේය. වර්තමාන සමාජය තුළ මේ සංවර බව හීන වී යාම ගැටලු රැසකට පාදක වී ඇති බව පෙනෙන්නට තිබේ. ජාතික රූපවාහිනිය සෑම වසරකම මේ සිරිපා සමයේ පුන් පොහෝ දින මහමළුවේ සිට සිදු කෙරෙන ආගමික වතාවත් සජීවිව විකාශනය කරමින් වත්මන් සමාජයට සිහිපත් කරන්නේ මේ පුදබිමේ ගරුත්වය ආරක්ෂා කිරීමේ සමාජමය වගකීමයි.

මුහුදු මට්ටමේ සිට අඩි 7860 ක් උසැති සොබාදහමේ අනගි දායාදයක් වූ සමනල කන්ද පූජනීයත්වයට පත්ව ඇත්තේ බුදුපහස ලැබීමේ ඓතිහාසික පුරාවෘත්තය හේතුවෙනි. එය වන්දනා කිරීම පුණ්‍ය කටයුත්තක් විනා අසංවර විනෝද චාරිකාවක් බවට පත් කර ගැනීම කිසිවෙකුට උචිත නොවන්නකි.

අති පූජනීය ශ්‍රී පාද ලාංඡනය පිහිටි මේ අනගි පූජා භූමියත්, ඒ අවට ඇති සොබාදහමේ දායාදත් පරිසර සාධකත් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම වන්දනාවේ යෙදෙන සැමගේ වගකීමක් වන බව අවධාරණය කරමි.

අනාදිමත් කලෙක සිට ‘තං පාද ලාංඡන මහං සිරසා නමාමී” යනුවෙන් අති මහත් ගෞරවයෙන් වන්දනා කරන මේ පූණ්‍ය භූමිය ගෞරවාන්විත පුණ්‍ය භූමියක් ලෙස වන්දනාමාන කරනු දැකීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ ඒකායන පරමාර්ථයයි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]