UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවක්

2017 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ පළමු විධායක කමිටුව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ සභාපති මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් හිමියන්ගේ හා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී හමුවූ අතර එහිදී අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ සභාපතිත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ ලේකම් ආචාර්ය පාරා සිගම්බිරියන් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවක් පත් කරන ලදී.

ඉතිරිය»

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

කොළඹ 14 එම්, වින්සන්ට් පෙරේරා මාවතේ ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නොවැම්බර් 6 වන දා පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් නිරාවරණය කිරීමට නියමිතව තිබිණි. කථානායක කරු ජයසූරිය මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය ඇතුළු මැති ඇමැතිවරුන්ද එම උත්සවයට සහභාගි වීමට නියමිත බව විහාරාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමියෝ පැවැසූහ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

චපල සිත් ඇත්තාගේ නුවණ නොවැඩෙයි

අනවට්ඨිත චිත්තස්ස
සද්ධම්මං අවිජානතෝ
පරිප්ලව පසාදස්ස
පඤ්ඤාණ පරිපුරතිති.

ධම්මපදය බෞද්ධ අත්පොතට අයත් මෙම ගාථා රත්නයේ සරල තේරුම එක් අරමුණෙක්හි ස්ථිරව පිහිටි සිතක් නැති, බණ නොදන්නාවූ, ඉල්පෙන චපල සැදැහැත්තාගේ ප්‍රඥාව නොපිරෙයි යනුයි. මෙම ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදූනේ “චිත්තහත්ථ” නම් රහතන්වහන්සේ අරමුණු කරගෙනයි. සැවැත්නුවර ගොවියෙක් සිටියා. මොහු ජීවත්වුනේ ගොවිතැනින් සහ ගවපාලනයෙන්, දිනක් මොහුගේ ගවයෙක් නැතිවුණා. ගවයා සොයාගිය ඔහු ඉතාම පීඩාවට පත්වුණා. විඩාවට පැන්ටිකක් බොන්න ඔහු අසල පිහිටි අසපුවකට ගියා. ඒ අවස්ථාවේ භික්ෂූන්වහන්සේ සිටියේ දන්වළඳමිනුයි. භික්ෂූන්වහන්සේ තමන් වහන්සේලාගේ පාත්‍රයෙන් බත් මිට මිට ගෙන මෙසේ කුසගින්නේ සිටි ගොවියාට දුන්නා. එකතු කළ මෙම දානය කෙරෙහි ගොවියාට කෑදරකමක් ඇතිවුණා. ඔහුට පැවිදිවීමට සිතුනා.

ඉතිරිය»

සංහිඳියාවේ කෙම්බිම වව්නියාවේ සාම පාසල

දිගු කලෙකින් වැටුණු වැසි දියෙන් පණ ලැබු තුරු ලතාවන්හි ළා දළුපත් මතින් පෙරී එන උදා හිරු කිරණ, කවුළු පියන් අතරින් සිප්හල තුළට එබිකම් කරයි. ජීවිතයේ කඩ ඉමක් ජය ගන්නට අප්‍රමාණ බලාපොරොත්තු රැඳුණු නෙතිත් එහි උගන්නා දූ පුතුන්ගේ මුව මඬල ඒ හිරු කිරණින් ප්‍රභාමත් වෙයි. සිංහලද, දෙමළද,මුස්ලිම්ද? බෞද්ධ, හින්දු, කතෝලිකද? කිසිදු සටහනක් ඒ මුහුණු මත නොවේ. අපූර්ව සෙනෙහසකින්, සුන්දරත්වයකින් ඒ යෞවන යෞවනියෝ එහි එකාවන්ව අකුරු කරති. තවත් නොබෝ දිනකින් අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. මේ දරුවන්ගේ උත්සාහය ඊට හොඳින් මුහුණ දීමටය. ඒ ධෛර්යයට අත්වැලක් වෙමින් ඔවුන් පිරිවරාගෙන විභාග ඉලක්ක ගැටලු විසඳන්නට මඟ පෙන්වන්නේ කරුණාබර බුද්ධ පුත්‍රයෙකි. ඒ සිංගප්පූරුව මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක කේ. ගුණරතන හිමියන් ය. බුදු හිමියන් දෙසූ දම් මඟෙහි වඩිමින් පටු වාද භේද නොසලකා මෙත් සිතින්, උන්වහන්සේ මේ දරුවන්ට ශිල්ප දෙති.

 

ඉතිරිය»

මහාප්‍රජාපතී ගෝතමිය සිදුහත් කුමරු දරුතන්හර්‍ණඡ්ර්‍ණඡ් තබාගැනීම.
සිතුවම - පුන්සර උදාර

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

 

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]