UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් වැඩිහිටියන් දහසකට අතහිත

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන්

වැඩිහිටියන් දහසකට අතහිත

මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් ජනතාවගෙන් උපහාර තිළිණ ලැබූ අයුරු.

පන්සලට ලැබුණ සියලු පිරිකර අලෙවිකර වැඩිහිටයන් දසහසකට (1000) ආහාරපාන මුදල් ලබාදී වැඩිහිටියන්ට උපහාර කළ යතිවරයාණන් වහන්සේ නමක් මිහින්තලයෙන් වාර්තා වෙයි.

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ දායකයන්ගෙන් ලැබුණු සියලු පිරිකර අලෙවිකර ඒ ලැබුණු මුදලින් විශ්‍රාම වැටුපක්වත් නොලබන ඉතා අහිංසක වැඩිහිටියන් දහසක්දෙනා මිහින්තලා නගර මධ්‍යයට කැඳවාගෙන පැමිණ පංච තූර්ය නාද මැද දර්ශනීය පෙරහරකින් කැඳවාගෙන විත් උදේ සහ දවල් ආහාරපාන ලබාදී , මුදලින් රුපියල් පන්සීයය (500) බැඟින්ද ලබා දීමට කටයුතුකර තිබුණි. පෙරහරින් කැඳවාගෙන පැමිණි වැඩිහිටියන් දහම් පාසල් දරුවන් විසින් මල් කළඹ ලබා දී පිළිගන්නා ලදී. එහිදී ආගමික වතාවත් සිදුකර වැඩිහිටියන් සතුටු කර ජීවිතයේ ගෞරවාන්විත පුද්ගලයන් බවට සිතිවිලි ඇතිවන අයුරින් වැඩ සටහන් රාශියක් සංවිධානය කර තිබුණි. දුෂ්කරම ගම්මානවල ඉහළ දක්ෂතා දක්වා ඇති දූ දරුවන් විසින් වැඩිහිටියන් සතුටු කරමින් අලංකාරවත් නර්තන, ගීත , ගායනා, ආදියද ඉදිරිපත් කළහ.

මිහින්තලා රජ මහා විහාරයෙන් ගමේ ජනතාවට මෙවන් සද්කාරයක් සිදු කිරීම අගය කළ යුතුයි. ඒ වාගේම මෙවන් සද්කාරයක් සිදු කළ වළවාහංගුණවැවේ ධම්මරතන හිමිපාණන්හට ඉමහත් පිනක් ලැබිය යුතුමය. මෙම වැඩිහිටි උපහාරය සාර්ථකව සංවිධානය කිරීමට මිහින්තලා රජ මහා විහාරස්ථ මහා සංඝ රත්නය සමඟ කාර්ය මණ්ඩලය දැක්වූ සහයෝගය ද අගනේය.

මෙවන් වැඩිහිටි උපහාර වැඩසටහනක් මිහින්තලා රජ මහා විහාරාධිපති හිමිපාණන් වාර්ෂිකව පවත්වන අතර මෙවර පැවැත්වූයේ තුන්වන වැඩසටහනය. “සැරයටි වාරුව ලොවම දිනන්නට” යනුවෙන් මෙම උත්සවයේ තේමාව විය.

මෙම වැඩිහිටි උපහාරය ලැබීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක ඉතා අසරණ වැඩිහිටියන් දහසක් සුදුවතින් සැරසිී සහභාගී වූහ. පසුගිය 16වන දින මිහින්තලා කඳු පාමුලදී සුදෝ සුදු වතින් බැබළෙද්දී ගමේ දූ දරුවන්ගේ දක්ෂතා දැක සතුටු කදුළු හැලූ වැඩිහිටියන් ද වූහ.

ගමෙන් පන්සලට යන පුරාතන සංකල්පය නව මගකට යොමු කරමින් ජාති , ආගම්, නොසලකා ගම්නියම් ගම් පුරා විසිරී සිටින පැතිරී සිටින ජනයාගේ සුබ සිද්ධිය උදෙසා සහජීවනයේ දෑත දිගු කරමින් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර මිහින්තලා ජනපවුරේ සහ රතනසාර දහම් පාසලේ නිර්මාතෘ වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමිපාණන්හට එදින එම උත්සවයේදී උපහාර තිළිණයක් ද පිරිනමන ලදී.

එම අවස්ථාවට මහා සංඝ රත්නය සමඟ මිහින්තලා ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී චූලනී වීරසිංහ, මිහින්තලා පොලිස් ස්ථානාධිපති රුක්මාල් රත්නායක, යුද හමුදා හය වන හමුදා කඳවුරේ කර්නල් අමුණුපුර, සිවිල් ආරක්ෂක බළකායේ කර්නල් විජේනායක , කථිකාචාර්ය ඉන්දික ඉහළගම, මිහින්තලා මහා විදුහල්පති ඒ , එච්, උපාලි, මිහින්තලා ලංකා බැංකුවේ කළමණාකාරතුමා , මාධ්‍යවේදී ජයන්ත සුභසිංහ, ගායන ශීල්පී දර්ශණ දිසානායක, කරුණාරත්න විජේවර්ධන, උතුරු මැද පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ සම්පත් ධර්මදාස යන මහත්වරු සමඟ රාජ්‍ය නිලධාරීහු රැසක්ම ඊට සහභාගි වූහ.

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]