UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සංහිඳියාවේ කෙම්බිම වව්නියාවේ සාම පාසල

දිගු කලෙකින් වැටුණු වැසි දියෙන් පණ ලැබු තුරු ලතාවන්හි ළා දළුපත් මතින් පෙරී එන උදා හිරු කිරණ, කවුළු පියන් අතරින් සිප්හල තුළට එබිකම් කරයි. ජීවිතයේ කඩ ඉමක් ජය ගන්නට අප්‍රමාණ බලාපොරොත්තු රැඳුණු නෙතිත් එහි උගන්නා දූ පුතුන්ගේ මුව මඬල ඒ හිරු කිරණින් ප්‍රභාමත් වෙයි. සිංහලද, දෙමළද,මුස්ලිම්ද? බෞද්ධ, හින්දු, කතෝලිකද? කිසිදු සටහනක් ඒ මුහුණු මත නොවේ. අපූර්ව සෙනෙහසකින්, සුන්දරත්වයකින් ඒ යෞවන යෞවනියෝ එහි එකාවන්ව අකුරු කරති. තවත් නොබෝ දිනකින් අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. මේ දරුවන්ගේ උත්සාහය ඊට හොඳින් මුහුණ දීමටය. ඒ ධෛර්යයට අත්වැලක් වෙමින් ඔවුන් පිරිවරාගෙන විභාග ඉලක්ක ගැටලු විසඳන්නට මඟ පෙන්වන්නේ කරුණාබර බුද්ධ පුත්‍රයෙකි. ඒ සිංගප්පූරුව මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක කේ. ගුණරතන හිමියන් ය. බුදු හිමියන් දෙසූ දම් මඟෙහි වඩිමින් පටු වාද භේද නොසලකා මෙත් සිතින්, උන්වහන්සේ මේ දරුවන්ට ශිල්ප දෙති.

 

ඉතිරිය»

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]