UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

වාරිමාර්ග හා ජල සම්පත් අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතාගේ සංකල්පයෙන් ක්‍රියාත්මක ‘සසුනට දිරිය’ වැඩසටහන යටතේ මොණරාගල, බිබිල, දියකොබල සමාධි නිකේතන බෞද්ධ මධ්‍යස්ථානයේ විජයමුණි ද්විභාෂා මූලික පිරිවෙන වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර භික්ෂු ආගමික පුහුණු වැඩසටහන සඳහා සහභාගී වන හෑපොල සුධම්ම, පහලරත්කිද සුමනරතන, ඊතණවත්තේ දේවදස්සී, ගුරුමඩ ආනන්ද, කන්දඋඩපංගුවේ සෝමානන්ද, කණුගොල්ලේ සුමේධ යන පාරිවේණික ස්වාමින් වහන්සේලා සඳහා සිංගප්පූරුවේ හා මැලේසියාවේ පැවැත්වෙන පුහුණු වැඩසටහන්වලට වැඩමවීම පිණිස අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර පූජා කිරීම සැප්තැම්බර් 29 වැනි දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සුරතින් ජනපති නිළ නිවසේ දී සිදුකළ අයුරු, වාරිමාර්ග හා ජල සම්පත් අමාත්‍යතුමා ද එම අවස්ථාවට සහභාගී විය.

ගොතටුව කන්දේ පුරාණ විහාරස්ථානයේ ඉදිකළ ශ්‍රී සම්මා සම්බුද්ධ ධාතු මන්දිරය විවෘත කිරීම ඉකුත් දා (31) සිදු කැරිණි. එම ධාතු මන්දිරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. විහාරාධිපති කොළඹ අලුත්කුරු කෝරළයේ ද්විතීය සංඝ නායක අමුණුකඳුරේ ධම්මරතන නාහිමියන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ද එහිදී පැවැති දහම් හමුව ඇමතූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමරුඵලකය නිරාවරණය කළ අවස්ථාව.

 
 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]