UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුහාමුදුරුවන්ගේ බණ

බුදුහාමුදුරුවන්ගේ බණ

සංස්කාරක – බුදුසරණ හිටපු කර්තෘ,

රුවන් ඩී. අරත්තනගේ

ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි

මිල – රු. 250/-

ධර්ම සන්නිවේදනයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඈත අතීතයේ සිටම, බුද්ධ දේශනාවල ඇති අමිල වටිනාකම අවබෝධ කරගත් උදවිය, විශේෂයෙන්ම මහා සංඝරත්නය, මෙම උදාරතර දර්ශනය, දහම් මග, ජනතාව අතරට ගෙනයෑමට විවිධ ක්‍රම උපයෝගී කරගත්හ. භාෂණයට පමණක් සීමාවී තිබූ සමයේ, පස්වග මහණුන්ගෙන් ඇරැඹි ධර්ම ප්‍රචාරක සේවාව යුගයෙන් යුගය ව්‍යාප්ත වූයේ බුදුදහමෙහි ඇති සර්වකාලීන, සර්ව භෞමික, සර්වජන හිතකාමී ගුණ හේතුවෙනි. දේශනයට ගැළපෙන අයුරින්, බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, පිරිත් සූත්‍රාදී දේ මනාව ගළපා, ජන හදට පහන් සංවේගය මෙන්ම ආගමික භක්තිය ළඟා කිරීමට, අතීත සඟපරපුර හා උගතුන් උත්සාහ ගත්හ. ලෝකය දියුණුව කරා එළඹෙත්ම, දේශනයට සීමා වූ එය, ලේඛනයට ද එක්විය. පුස්කොළ පොතපත, සඟරා ආදියෙන් නොනැවතී අන්තර්ජාලය, තැටි, ආදී නවීන තාක්ෂණය ඔස්සේ ද ධර්ම සන්නිවේදනය වත්මනෙහි සිදුවේ. මේ අතරට එක්වන මුද්‍රිත සන්නිවේදනය තුළින් ධර්ම දානයට ගන්නා ලද හා දැනටත් ගන්නා, උත්සාහය අගය කළ යුතුමය. ‘බුදු හාමුදුරුවන්ගේ බණ’ දහම් සංග්‍රහය එවැන්නක් ලෙස හඳුන්වා දිය හැකිවේ.

මෙහි ඇතුළත් වන ධර්ම දේශනා සියල්ලටම (දහ නවයක් පමණ) ධර්ම කරුණු රාශියක් ඇතුළත්ය. උගත්, ධර්මධර භික්ෂූන් වහන්සේ දාහත් නමකගේ අගනා ධර්මදේශනා ඇතුළත් කරමින් මෙවැනි ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක් සිදුකිරීමේ ගෞරවය සංස්කාරයට හිමිවිය යුතු ය. හොඳ දෙයක් උගන්නා මාතෘකා රැසක් යටතේ, ඉතා සරල බසින්, ගාථා මෙන්ම අර්ථයද ගෙනහැර දක්වමින්, නෙත් පැහැ ගන්නා අක්ෂරවලින් ක්‍රමානුකූලව ජනතාව අතරට ගෙනැවිත් ඇති බැව් පෙනේ.ධනය පිළිබඳ බෞද්ධ ආකල්ප, ලෝකස්වභාවය තේරුම් ගනිමු. සිත දමනයේ එකම මග, බෞද්ධ ජීවන දර්ශනය, දුකින් මිදෙන මග, සසරින් එතරවන මග, සිවු සැපත, අසමසම උතුම් සැපත, දිවිමග දිනන මග වැනි මාතෘකා ඉන් කීපයකි.

සමස්තයක් ලෙස ගත්විට කිවයුතු අඩුපාඩුවක් දැකිය නොහැකිය. මනහර පිටකවරයකින් අලංකෘතය. මුද්‍රණය ශෝභනය.

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]