UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

වව්ලාගල පුරාණ ගල්ලෙන් විහාරය

වව්ලාගල පුරාණ ගල්ලෙන් විහාරය වව්ලාගල පුරාණ ගල්ලෙන් විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් නොවැම්බර් 5 වනදා සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙන අතර කඨින පෙරහර වීදි සංචාරය ආර්.කේ. ලයනල් මහතාගේ නිවසින් ආරම්භවේ. 2600 ශ්‍රී සම්බුදු ජයන්ති දෙමහල් ගොඩනැගිල්ල ගෙවදීමද අටවිසි බෝධි සහිත බෝධිඝරය විවෘත කිරීමද සිදු කෙරේ. දායකත්වය දයා කල්පගේ මහත්මිය විසින් සිදු කිරීමට නියමිතව තිබිණි.

 

පිළියන්දල බුද්ධාලෝක විහාරය

පිළියන්දල, සුවාරපොල, බුද්ධාලෝක විහාරස්ථානයේ කඨින චීවර පූජා මහා පින්කම නොවැම්බර් 4 – 5 දිනයන්හි විහාරාධිපති අඹේවෙල පඤ්ඤාසාර මහානා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වය දරණ නිශාන්ති විජේසිංහ උවැසි නිවසෙන් කඨින මහා පෙරහර ඇරැඹේ. 5 වන දා රාත්‍රී 7.00 ට මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති කැන්දවින්නේ පඤ්ඤාසීල හිමියන්ගේ කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වීමට විහාරස්ථ දායක සභාව, බුදු එළි කුලඟන සමිතිය, විහාරස්ථ තරුණ සංවිධානය හා ගම්වැසි සියලු දෙනා කටයුතු යොදා තිබිණි.

 

ඇටමැස්ස කන්ද

ගාල්ල අඟුලුගහ ඇටමැස්ස කන්ද ශ්‍රී සුගත යෝගාරණ්‍යයේ කඨින පූජෝත්සවය නොවැම්බර් 06 වැනිදා පෙරවරු 10.30 ට කලුබෝවිටියන සුමනසාර හිමියන්ගේ හා ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශීල භාවනා සමිතිය හා ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.

 

හේකිත්ත ගංගාතිලක විහාරය

වත්තල හේකිත්ත ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරස්ථ කඨින චීවර පින්කම විහාරාධිපති සරුබිම සීවලී හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම මස 12, 13 දෙදනදී පැවැත්වේ. උස්වැටකෙයියාවේ පදිංචි පද්මිණී පිටිගල මහත්මිය ඇතුළු පවුලේ සැදැහැති දායකත්වයෙන් පැවැත්වෙන මෙවර වැසිසළු පූජාවේ පෙරහර 12 (සෙනසුරාදා) වීථි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදා (13) අලුයම කඨින චීවරය විහාරස්ථානයට වැඩමවා සංඝගත දක්ෂිණාවක් පවත්වනු ලැබේ. මීට සමගාමීව දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් විහාරස්ථ ප්‍රවේශ මාර්ගය දෙපස ඉදි වූ ආලෝක වැට විවෘත කිරීම 12 දා සවස සිදු කෙරෙන අතර, කඨිනානිසංස ධර්ම දේශනය 14 (සඳුදා) පසළොස්වක පොහෝදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

 

සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන,වැලිතොටුවත්ත ශ්‍රී සංකල්ප විහාරස්ථානයේදී විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පින්කම පැවැත්වේ.

නොවැම්බර් 11 කඨින චීවරය රැගත් දර්ශණීය පෙරහර ගම වටා වීදි සංචාරය කිරීමෙන් අනතුරුව නො. 12 දවල් 80 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව සහ කඨින චීවරය සඟ සතුකොට පූජා කිරීම ද 12 වනදා කඨිනානිසංස ධර්ම දේශනාව ද පැවැත්වේ.

 

කතරගම මල්ලිකාරාමය

කතරගම නවනගරයේ මල්ලිකාරම විහාරස්ථානයේ කඨින පූජා පින්කම නොවැම්බර් මස 9 හා 10 යන දිනයන්හි පැවැත්වීමට ශාස්ත්‍රවේදී හබරාදූව ඤාණමෝලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

 

කතරගම අභිනවාරාමය

ඊ.එච්.සෝමපාල, කතරගම විශේෂ

කතරගම ශ්‍රී අභිනවාරාමයේ කඨින පූජා පින්කම නොවැම්බර් මස 4 හා 5 යන දිනයන්හි පැවැත්වීමට විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දහම් පාසල, පෙර පාසල, දායක සභාව හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතුව කටයුතු සංවිධානය කර තිබිණි.

 

   ඉල්පුර අටවක පෝය

 ඉල්පුර අටවක පෝය නොවැම්බර් 07 වන දා සඳුදා අපරභාග 01.09 ට ලබයි.
08 වනදා අඟහරුවාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 14 වන දා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]